Small acts of Resistance !!
Revolutions එහෙම නැත්නම් අරගල කියන ඒවා වීදී සටන්ම විතරක් නෙවෙයි. ඒවා සන්නද්ධ ඒවත්ම නෙවෙයි.
ඒවායේ වර්ග දෙකක් තියෙනවා. එකක් ලොකු විවෘත සටනක්. අනික බොහෝම සාමකාමී එකක්.
අවිහිංසාවාදී , සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විදියට පුරවැසියෙකුට තමන්ගේ විරෝධය පාන්න පුළුවන්. ඒලට ගහ මරා ගෙන, නීතිය කඩා ගෙන, රටේ සාමය නැති කරගෙන, දේපල, කාලය, ජීවිත හානී කර නොගෙන කරන්න පුළුවන්. ලෝකයේ එහෙම අරගල ඕන තරම් තියනවා. ලෝකය වෙනස් කරපු අරගල තියෙනවා.
1980 දී පෝලන්තයේත් එවකට තිබුන කොමියුනිස්ට් පාලනයට විරුද්ධව විරෝධයක් තිබුනා. එහිදී මිනිස්සු කලේ තමන්ගේ ජනතාවට බොරු කියලා රවට්ටලා තියා ගෙන ඉන්න TV එකේ News බලන එක නතර කරන එක. හැමෝම TV එක ප්‍රවෘත්ති යන වෙලාවට වහලා දැම්මා. මිනිස්සු පාරට ඇවිත් පේන්න හිටියා අපි ටීවී බලන්නේ නෑ කියලා.
ඒත් ගෙදර හොරෙන් බලනවද දන්නේ නෑනේ. ඒ නිසා සමහරු විශ්වාසය ඇතින්කරන්න ටීවී එක විල්බැරෙක්කෙක දාගෙනම පාරට ආවා. මේකට කිව්වෙ TV goes for a walk කියලා. මේකෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනවිරෝධය සමගි වෙලා ගොඩ නැගුනා.
ඊට පස්සේ ආණ්ඩුවෙන් ප්‍රවෘත්ති තියෙන වෙලාවට ඇඳිරිනීතිය දැම්මා. මිනිස්සු වෙන වෙලාවට TV එක ඇවිද්දුවා.
මේ වගේ ඉතිහාසය ගත්තාම මිනිස්සු ලෝකේ තිබුන අමාරුම පාලන තන්ත්‍ර වලටත් එරෙහිව පුංචි පුංචි උපක්‍රම වලින් එකතු වෙලා විරෝධය පාලා තියෙනවා. ඒවා අවසානගේ මුළු ජනතාවම එකතු වෙන මට්ටමක ආවාම, පාලකයන්ට පසු බසින්න සිදු උනා.
ඔබත් එවන් කාලයකට ඇවිත්.
පුංචි පුංචි හැමෝටම කරන්න පුළුවන්, අනතුරක් නැති උපක්‍රම වලින් ඔබගේ විරෝධය පාන්න ඕනේ.
පොදු hashtag එකක් එක්ක ඒවා social media දාන්න ඕනේ.
ඔබ සුදු කොඩියක් අරගෙන පෝළිම් වල ඉන්න. සුදු ඇඳුමක් අඳින්න. එතකොට කාටවත් කියන්න බෑ ඔබ නීතිය කැඩුවා කියලා. කාටවත් හිංසා කලා කියලා. කාටවත් අලාභ කලා කියලා.
#GoHomeGota2022
White flag movement එක පටන් ගන්න.
Small Acts of Resistance වලින් මිනිස්සු එකතු කරමු.
පැතුම් කර්නර්