#GoHomeGota2022

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Small acts of Resistance !!
    Revolutions එහෙම නැත්නම් අරගල කියන ඒවා වීදී සටන්ම විතරක් නෙවෙයි. ඒවා සන්නද්ධ ඒවත්ම නෙවෙයි.
    ඒවායේ වර්ග දෙකක් තියෙනවා. එකක් ලොකු විවෘත සටනක්. අනික බොහෝම සාමකාමී එකක්.
    අවිහිංසාවාදී , සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විදියට පුරවැසියෙකුට තමන්ගේ විරෝධය පාන්න පුළුවන්. ඒලට ගහ මරා ගෙන, නීතිය කඩා ගෙන, රටේ සාමය නැති කරගෙන, දේපල, කාලය, ජීවිත හානී කර නොගෙන කරන්න පුළුවන්. ලෝකයේ එහෙම අරගල ඕන තරම් තියනවා. ලෝකය වෙනස් කරපු අරගල තියෙනවා.
    1980 දී පෝලන්තයේත් එවකට තිබුන කොමියුනිස්ට් පාලනයට විරුද්ධව විරෝධයක් තිබුනා. එහිදී මිනිස්සු කලේ තමන්ගේ ජනතාවට බොරු කියලා රවට්ටලා තියා ගෙන ඉන්න TV එකේ News බලන එක නතර කරන එක. හැමෝම TV එක ප්‍රවෘත්ති යන වෙලාවට වහලා දැම්මා. මිනිස්සු පාරට ඇවිත් පේන්න හිටියා අපි ටීවී බලන්නේ නෑ කියලා.
    ඒත් ගෙදර හොරෙන් බලනවද දන්නේ නෑනේ. ඒ නිසා සමහරු විශ්වාසය ඇතින්කරන්න ටීවී එක විල්බැරෙක්කෙක දාගෙනම පාරට ආවා. මේකට කිව්වෙ TV goes for a walk කියලා. මේකෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනවිරෝධය සමගි වෙලා ගොඩ නැගුනා.
    ඊට පස්සේ ආණ්ඩුවෙන් ප්‍රවෘත්ති තියෙන වෙලාවට ඇඳිරිනීතිය දැම්මා. මිනිස්සු වෙන වෙලාවට TV එක ඇවිද්දුවා.
    මේ වගේ ඉතිහාසය ගත්තාම මිනිස්සු ලෝකේ තිබුන අමාරුම පාලන තන්ත්‍ර වලටත් එරෙහිව පුංචි පුංචි උපක්‍රම වලින් එකතු වෙලා විරෝධය පාලා තියෙනවා. ඒවා අවසානගේ මුළු ජනතාවම එකතු වෙන මට්ටමක ආවාම, පාලකයන්ට පසු බසින්න සිදු උනා.
    ඔබත් එවන් කාලයකට ඇවිත්.
    පුංචි පුංචි හැමෝටම කරන්න පුළුවන්, අනතුරක් නැති උපක්‍රම වලින් ඔබගේ විරෝධය පාන්න ඕනේ.
    පොදු hashtag එකක් එක්ක ඒවා social media දාන්න ඕනේ.
    ඔබ සුදු කොඩියක් අරගෙන පෝළිම් වල ඉන්න. සුදු ඇඳුමක් අඳින්න. එතකොට කාටවත් කියන්න බෑ ඔබ නීතිය කැඩුවා කියලා. කාටවත් හිංසා කලා කියලා. කාටවත් අලාභ කලා කියලා.
    #GoHomeGota2022
    White flag movement එක පටන් ගන්න.
    Small Acts of Resistance වලින් මිනිස්සු එකතු කරමු.
    පැතුම් කර්නර්

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    ඔය මූසලයා අාපු දවසේ ඉඳන් රටම හිඟමනේ..බලය ගත්තෙ නඩු ටික අයින් කරගන්න නේ..නැතුව ඕක දන්න ලබ්බක් නෑ රටක් හදන්න..

    :yes::yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වරෙං අරූව එලවන්න @nicjosh83

    ආවෙ නැත්තං උඹ බොරුවට ඌට බැන බැන රික්රූට් යනව කියල කමයි හිතාගන්න වෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: vibhashana