Leaks LK - ‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී..
උණුසුම් පුවත්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කල හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කරයි.
ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙසේ චෝදනා කර ඇත.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පරීක්‍ෂණවලට සහාය නොදැක්වීම හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීම, පරීක්‍ෂණවලට බාධා කිරීම හෝ පරීක්‍ෂණ පමා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.
මේ සම්බන්ධයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි ජයසුරියට දින 14ක කාලයක්ද ලබා දී ඇත.
මේ අතර වාර්තා වන්නේ ජයසූරියගේ ජංගම දුරකතනය බාර දෙන ලෙස ICC විසින් කරන ලද දැනුම් දීම ජයසූරිය විසින් මෙතෙක් ඉටු කර නැති බවයි.