GOOD ARTICLES TO READ.... Double Games of BAN Ki & America

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    http://www.divaina.com/2010/07/10/feature01.html

    බෑන් කී මූන් පසුපස ඇමෙරිකාව

    bankemion.jpg

    බෑන් කී මූන්ගේ නියම ස්‌වරූපය
    විරෝධතාවයේදී හෙළි කර තිබූ අයුරු........


    "මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ සිද්ධියේ තොරතුරු හෙළි කළ
    ඇමරිකානු සෙබළාට වසර 52 ක සිරදඬුවමක්‌"
    - නොර්වේ මාධ්‍ය

    "විද්වත් මණ්‌ඩලයට එරෙහි විරෝධතාවය පිළිගත නොහැකියි"
    - මාර්ක්‌ ටෝනර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක

    "යුද්ධයේ අන්තිම අවස්‌ථාවේ සිදුවූ දේ දැන ගැනීමට අපට අවශ්‍යයි."
    - ලන්ඩනයේ කොටි හිතවාදී මාධ්‍ය සමුළුව - ජූලි 7

    "මම සංචාරකයකු වේශයෙන් හොරෙන් ශ්‍රී ලංකාවට ආවා."
    - ජොනතන් මිලර් චැනල් ෆොa

    "මහලේකම් බෑන් කී මූන් සිය බලතල ගැන වැරැදි විනිශ්චයක සිටිනවා"
    - එක්‌සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති ජෝන් වෝල්ටන්

    ශ්‍රී ලංකාවට දැන් උපදෙස්‌ දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇමරිකානු රජයයි. ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව විරෝධතා නැඟුනොත් ඒවාට ඉඩදිය යුතුය. යුද හමුදාවේ රහස්‌ පිටවී එයට එරෙහි හමුදාව ක්‍රියා කළහොත් එය මානව හිමිකම් හා මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමකි.

    එහෙත් ඇමරිකාවේ හමුදාවට අදාළ රහස්‌ පිට වුවොත් එය එරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයකි. මේ විද්වත් මණ්‌ඩලයට එරෙහිව හා බෑන් කී මූන්ගේ පඹයකු පිළිස්‌සීමත් ඇමරිකානු බලධාරීන්ට පෙනෙන්නේ වැරැද්දක්‌ ලෙසය. එහෙත් ඉරාකයේදී හිටපු ජනාධිපති බුෂ්ට සපත්තු පහරක්‌ එල්ලවිය. එය ඉරාකයේ ප්‍රජාතන්ත්‍රවාදය යෑයි ඇමරිකාවම කියා සිටියි.

    මේ සතියේදී ඇමරිකානු හමුදා බලධාරීහු ඉරාකයේදී බ්‍රැඩ්ලි මැනින් නමැති සෙබළා අත්අඩංගුවට ගෙන කුවේටයට ගෙන ආවේය. ඔහු කළ වරද කුමක්‌ද? ඒ ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ මගින් ඉරාක රොයිටර් ඡායාරූප ශිල්පියාට හා ඔහුගේ සහායකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ තොරතුරු මාධ්‍යවලට හෙළි කිරීමයි.

    ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු නීති විරෝධී පාර්ශ්වයකට ලබාදීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

    මෙකී චෝදනාවට වරදකරු වුවොත් වසර 52 ක සිරදඬුවමක්‌ නියම වේ. එහෙත් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවසන්නේ සිවිල් නීති මත හමුදා නිලධාරීන් ගැන ක්‍රියා කළ යුතු බවයි.

    ඒ ඇමරිකාවේ අපූරු මාධ්‍ය නිදහසයි. ඉරාක මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ සෙබළු අත්අඩංගුවට ගැනීම වෙනුවට එකී ඝාතනය හෙළි කළ සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.

    එහෙත් ඇමරිකානුවන් බණ කියන්නේ ශ්‍රී ලංකාවටය. මේ තත්ත්වය මත විද්වත් මණ්‌ඩලයට එරෙහි විරෝධතාව මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ටත් ඇතැම් විරුද්ධ පක්‍ෂ දේශපාලකයන්ටත් බරපතල ප්‍රශ්නයක්‌ වී ඇත.

    කොටි හිතවාදී එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකු මෙකී විරෝධතාව හඳුන්වා ඇත්තේ අපරාධකාරි ක්‍රියාවක්‌ ලෙසය. විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයකුට එය මැර ක්‍රියාවකි. එහෙත් මොවුන් පසුගිය කාලය තුළ හඬ නැඟුවේ කවුරුන් වෙනුවෙන්ද යන්න ජනතාව දනී.

    මේ අන්දමට ඉරාක සහ ඇෆ්ගන් ජනතාව ද ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බළකායට එරෙහි හඬ නැඟුවොත් එකී ක්‍රියාදාමය අපරාධකාරි සහ මැර ක්‍රියාවක්‌ වන්නේද?

    එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් යනු ඇමරිකානු පඹයෙකි. ඔහු මේ විද්වත් මණ්‌ඩලය පත් කළේ ඇමරිකානු බලපෑම් මතය. ඇමරිකාවේ දේශීය ඒජන්තවරු මෙකී විද්වත් මණ්‌ඩලය සම්බන්ධයෙන් බෙරිහන් දෙන්නේ එබැවිනි.

    මෑතකදී එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු හිටපු තානාපති ජෝන් වෝල්ටන් පැවසුවේ මහලේකම් බෑන් කී මූන් තම බලය ගැන වැරැදි විනිශ්චයක සිටින බවය.

     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මේ අතර ඇමරිකාවට හා බටහිර ප්‍රජාවට දැන් අවශ්‍ය වී ඇත්තේ කොටි ඝාතක සමාගමට සිදුවූ දේ දැන ගැනීමය. මෙය සනාථ වන්නේ පසුගිය අඟහරුවාදා (6 දා) ලන්ඩනයේ ප්‍රන්ට්‌ ලයින් ක්‌ලබ් නමැති මාධ්‍ය සමාජ ශාලාවේ පැවැති කොටි හිතවාදී මාධ්‍ය සම්මන්ත්‍රණයයි. ඒකපාර්ශ්විකව පැවැති මෙම සමුළුවේදී හඬ නැඟුනේ වන්නි මෙහෙයුමේ අන්තිම අවස්‌ථාවේ සිදුවූ දේ දැන ගැනීමටයි.

    මාධ්‍ය නිදහස ගැන හඬ නඟන මේ පිරිස එකී මාධ්‍ය සමුළුවේ ඡායාරූප ගැනීම පවා තහනම් කරනු ලැබීය.

    මෙහිදී නැඟෙන බරපතල ප්‍රශ්නය නම් වන්නි මෙහෙයුමේදී කොටි ඝාතක කණ්‌ඩායමට සිදුවූ දේ දැන ගැනීමට මෙකී විදේශික මාධ්‍ය කණ්‌ඩායමට ඇති රුදාවයි.

    ඉන් තහවුරු වන්නේ මොවුන් පිටුපස කොටි හිතවාදීන් සිටින බවයි. මේ ලන්ඩන් මාධ්‍ය සමුළුවට සහභාගි වූ චැනල් ෆොa රූපවාහිනි සේවාවේ ජොනතන් මිලර් තමා සංචාරකයකු සේ ශ්‍රී ලංකාවට ගොස්‌ කඳවුරුවලට කැමරාව යවා ඡායාරූප ගත් බව පිළිගෙන ඇත.

    තමා ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති කඩ කළ බවද හෙතෙම කියා සිටියේය. මින් සනාථ වන්නේ විදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන් වීමයි. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක නොවන බව පැහැදිලි නොවන්නේද?.

    මෙරට මාධ්‍ය නිදහස නැතැයි හඬ නඟන්නේ හොරෙන් ශ්‍රී ලංකාවට පැමිණි ජොනතන් මිලර් වැනි මාධ්‍ය හොර දෙටුවන්ය.

    මෑතකදී ගල්ෆ් නිවුස්‌ පුවත්පතේ ඕරියල් කන්කසන්තුරයට ගොස්‌ තමාට අධිආරක්‍ෂක කලාපයට යැමට අවශ්‍ය යෑයි කියමින් හමුදා නිලධාරීන් සමග වාද කර තිබේ.

    මේ අන්දමට ඉරාකයේ හෝ ඇෆ්ගනිස්‌තානයේ අධි ආරක්‍ෂක කලාපවලට යැමට ඇමරිකානු හමුදාව ඉඩදේ ද?

    ඊශ්‍රායලයේ සතුරන් කවුදැයි හඳුනාගත හැක්‌කේ ඊශ්‍රායලයට එරෙහිව විදේශිකයන් වෙනුවෙන් හඬ නඟන්නන් ගැන අවබෝධ කරගැනීමෙන් යෑයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක්‌ පවසා තිබිණි. මේ නිසා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සතුරන් දැන් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් යෑයි හංවඩු ගැසීමට ඇමරිකාව උත්සාහ කරද්දී ඊට එරෙහි වන්නන් අයි.ආර්.සී. කාරයන් නොවේ. ඔවුන් රටේ දේශප්‍රේමීන්ය.

    පසුගිය කාලය තුළ ඇතැම් දේශපාලකයන් යුද විජයග්‍රහණය සැමරීමට පවා එරෙහි විය. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය ගැන මේ දක්‌වාම ප්‍රකාශයක්‌ නිකුත් කර නැත්තේ නෝර්වේ පමණකි. මෙයට හේතුවී ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයට වඩා බලවත් ප්‍රහාරයක්‌ නෝර්වේ සිට එල්ල කිරීමට අල්කයිදා නායකයන් තීරණය කිරීමයි. "මම ඊයේ රාත්‍රියේ සුවසේ නිදා ගත්තෙමි"යෑයි නෝර්වේ අගමැති ජෙන් ස්‌ටොල්ටෙන්බර්ග් විසින් පවසා තිබිණි.

    දැන් නෝර්වේ රජයටත් ත්‍රස්‌තවාදයේ නියම රසය දැනී තිබේ. මේ වාතාවරණය මැද බෑන් කී මූන්ටත් වඩා විද්වත් මණ්‌ඩලය අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බව පැහැදිලිය.

    එය සනාථ වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ක්‌ ටෝනර් විසින් මෙකී විද්වත් මණ්‌ඩලය පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමයි. කෙසේ වෙතත් ඇමරිකාවටත් ඇමරිකාවේ සගයන්ටත් අද අවශ්‍ය වී ඇත්තේ එකම දෙයයි. ඒ කොටි ඝාතකයන්ට සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීමයි.

    ලෝකයේ රටවල් රැසකම ජනතාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ෙද්‍රdaහී ක්‍රියාවලට විරෝධය පා ඇති විටෙක මේ විරෝධතාව තුළින් පෙන්නුම් කරන්නේ විදේශිකයන්ට බිය නැති පාර්ශ්වයන් මෙරට සිටින බවයි. මෙහිදී ජනතා සහාය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.

    මේ අතර රැවුල ගිනි ගනිද්දී සුරුට්‌ටු පත්තු කිරීමට සූදානම් වන සිද්ධියක්‌ වාර්තා විය. ඒ ට්‍රාන්ස්‌ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් නමැති එන්.ජී.ඕ. සංවිධානයේ ක්‍රියාකාරියකු සම්බන්ධ වී සකස්‌ වූ තොරතුරු දැනගැනීමේ පනත නම් වූ පනතක්‌ පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට දරන ලද උත්සාහයයි. මෙවැනි පනතක්‌ ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේ පනතේ පසුබිමේ සිටියේ ඇමරිකානු, නෝර්වේ සම්බන්ධතාවක්‌ ඇති දේශපාලකයෙකි. ජනතාව මේ දේශපාලකයාව පරාජය කරනු ලැබීය. රටේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ රණවිරුවන්ට එරෙහිව පත් කළ විද්වත් මණ්‌ඩලය විනා මේ තොරතුරු දැන ගැනීමේ පනත නොවේ.

    මෙවැන්නක්‌ අවශ්‍ය වන්නේ එන්.ජී.ඕ. ක්‍රියාකාරින්ට පමණකි. ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා එරට තොරතුරු දැනගැනීමේ පනත ජාතික ආරක්‍ෂාවට ප්‍රශ්නයක්‌වීම හේතුවෙන් එහි වගන්ති සීමා කළේය. මේ නිසා ඇමරිකානු සම්ප්‍රදාය මෙරටට අවශ්‍ය නැත.

    කීර්ති වර්ණකුලසූරිය