http://www.divaina.com/2010/07/10/feature01.html
බෑන් කී මූන් පසුපස ඇමෙරිකාව
බෑන් කී මූන්ගේ නියම ස්වරූපය
විරෝධතාවයේදී හෙළි කර තිබූ අයුරු........
"මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ සිද්ධියේ තොරතුරු හෙළි කළ
ඇමරිකානු සෙබළාට වසර 52 ක සිරදඬුවමක්"
- නොර්වේ මාධ්‍ය
"විද්වත් මණ්ඩලයට එරෙහි විරෝධතාවය පිළිගත නොහැකියි"
- මාර්ක් ටෝනර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක
"යුද්ධයේ අන්තිම අවස්ථාවේ සිදුවූ දේ දැන ගැනීමට අපට අවශ්‍යයි."
- ලන්ඩනයේ කොටි හිතවාදී මාධ්‍ය සමුළුව - ජූලි 7
"මම සංචාරකයකු වේශයෙන් හොරෙන් ශ්‍රී ලංකාවට ආවා."
- ජොනතන් මිලර් චැනල් ෆොa
"මහලේකම් බෑන් කී මූන් සිය බලතල ගැන වැරැදි විනිශ්චයක සිටිනවා"
- එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති ජෝන් වෝල්ටන්
ශ්‍රී ලංකාවට දැන් උපදෙස් දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇමරිකානු රජයයි. ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව විරෝධතා නැඟුනොත් ඒවාට ඉඩදිය යුතුය. යුද හමුදාවේ රහස් පිටවී එයට එරෙහි හමුදාව ක්‍රියා කළහොත් එය මානව හිමිකම් හා මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමකි.
එහෙත් ඇමරිකාවේ හමුදාවට අදාළ රහස් පිට වුවොත් එය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයකි. මේ විද්වත් මණ්ඩලයට එරෙහිව හා බෑන් කී මූන්ගේ පඹයකු පිළිස්සීමත් ඇමරිකානු බලධාරීන්ට පෙනෙන්නේ වැරැද්දක් ලෙසය. එහෙත් ඉරාකයේදී හිටපු ජනාධිපති බුෂ්ට සපත්තු පහරක් එල්ලවිය. එය ඉරාකයේ ප්රජාතන්ත්රවාදය යෑයි ඇමරිකාවම කියා සිටියි.
මේ සතියේදී ඇමරිකානු හමුදා බලධාරීහු ඉරාකයේදී බ්රැඩ්ලි මැනින් නමැති සෙබළා අත්අඩංගුවට ගෙන කුවේටයට ගෙන ආවේය. ඔහු කළ වරද කුමක්ද? ඒ ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් මගින් ඉරාක රොයිටර් ඡායාරූප ශිල්පියාට හා ඔහුගේ සහායකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ තොරතුරු මාධ්‍යවලට හෙළි කිරීමයි.
ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු නීති විරෝධී පාර්ශ්වයකට ලබාදීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබේ.
මෙකී චෝදනාවට වරදකරු වුවොත් වසර 52 ක සිරදඬුවමක් නියම වේ. එහෙත් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවසන්නේ සිවිල් නීති මත හමුදා නිලධාරීන් ගැන ක්‍රියා කළ යුතු බවයි.
ඒ ඇමරිකාවේ අපූරු මාධ්‍ය නිදහසයි. ඉරාක මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ සෙබළු අත්අඩංගුවට ගැනීම වෙනුවට එකී ඝාතනය හෙළි කළ සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.
එහෙත් ඇමරිකානුවන් බණ කියන්නේ ශ්‍රී ලංකාවටය. මේ තත්ත්වය මත විද්වත් මණ්ඩලයට එරෙහි විරෝධතාව මෙරට එන්.ජී.ඕ. ක්රියාකාරීන්ටත් ඇතැම් විරුද්ධ පක්ෂ දේශපාලකයන්ටත් බරපතල ප්‍රශ්නයක් වී ඇත.
කොටි හිතවාදී එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකු මෙකී විරෝධතාව හඳුන්වා ඇත්තේ අපරාධකාරි ක්‍රියාවක් ලෙසය. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයකුට එය මැර ක්‍රියාවකි. එහෙත් මොවුන් පසුගිය කාලය තුළ හඬ නැඟුවේ කවුරුන් වෙනුවෙන්ද යන්න ජනතාව දනී.
මේ අන්දමට ඉරාක සහ ඇෆ්ගන් ජනතාව ද ඇමරිකාව ප්රමුඛ නේටෝ බළකායට එරෙහි හඬ නැඟුවොත් එකී ක්‍රියාදාමය අපරාධකාරි සහ මැර ක්‍රියාවක් වන්නේද?
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් යනු ඇමරිකානු පඹයෙකි. ඔහු මේ විද්වත් මණ්ඩලය පත් කළේ ඇමරිකානු බලපෑම් මතය. ඇමරිකාවේ දේශීය ඒජන්තවරු මෙකී විද්වත් මණ්ඩලය සම්බන්ධයෙන් බෙරිහන් දෙන්නේ එබැවිනි.
මෑතකදී එක්සත් ජාතීන්ගේ ඇමරිකානු හිටපු තානාපති ජෝන් වෝල්ටන් පැවසුවේ මහලේකම් බෑන් කී මූන් තම බලය ගැන වැරැදි විනිශ්චයක සිටින බවය.