Good bye saffie

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ‘‘ඇය මගේ හොඳම යෙහෙළිය...“
    ‘‘අපි එකට සෙල්ලම් කළා...“
    ‘‘එයා හැමදාටම මාත් එක්ක ළඟින් ඉන්නවා...“

    එංගලන්තයේ මැන්චෙස්ටර් එරීනා හිදි Ariana Grande පැවැත්වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ නොසිතූ මොහොතකයි. මේ බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙදෙනෙකුට දිවි අහිමි වුණා.

    ඒ අතරේ බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 8 ක පුංචි දැරියක් පහුගිය කාලය පුරාම රෝහලක ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිතර වුණා.

    ඇය Saffie Roussos.

    කෙසේ වෙතත් මේ පුංචි දැරියට පසුගියදා සදහටම මේ ලෝකෙ දාලා යන්න වුණා.. මේ පුවත ලොව පුරා බොහෝ දෙනෙකුගේ ඇසට කඳුලක් එක් කළා.

    Ariana Grande ගේ හොඳම රසිකාවියක් වුණු Saffie මේ සංගීත සංදර්ශනය බලන්න ගිහින් තිබුණෙ සිය සහෝදරිය සහ මවත් සමගයි. නොසිතූ මොහොතේ එල්ල වූ මේ ප්‍රහාරයෙන් Saffie මෙන්ම ඇයගේ සහෝදරියත් මවත් තුවාල ලැබුවා.

    නමුත් ඇයගේ මවත් සහෝදරියත් තව කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබුවද Saffie ට මේ ලෝකේ දාලා යන්න වුණා.

    මේ ප්‍රහාරයෙන් මියගිය අවසාන සහ කුඩාම දැරියද ඇය බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    සැමගේ නෙතඟට කඳුලක් එක් කළ මේ පුංචි දියණිය රෝස මලින් සැරසූ මිනී පෙට්ටියක් මත නිසලව වැතිර ඊයේ අවසන් ගමන් ගියා.

    ඇගේ නමත් ‘‘රෝස්“ වන නිසා බොහෝ දෙනෙකු ඇයට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේ රෝස මල්ද අතැතිවයි.

    Saffie මියගොස් දින කිහිපයක් ගතවුවද ඇගේ මව සුවය ලබා එනතුරු අවසන් කටයුතු පමා කරන්නටත් පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා.

    Saffie වියෝව ගැන ඇගේ හොඳම යෙහෙළිය දැක්වූ අදහස් හා අවමංගල්‍ය උත්සවයේ වීඩියෝ, ඡායාරූප පහතින්...



    swwi1.jpg


    swwi12.jpg


    swwi16.jpg