ගුගල් සමාගම තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූ ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් ඔබ්බට යාමට සැරසෙන බව කවුරුත් දන්නා කාරණයක්. ඒ Google’s self-driving cars වැනි නිර්මාණ කරමින්. ගුගල් සමාගමේ අැමරිකාවේ කැලිෆෝනියා හි පිහිටා තිබෙන ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය නැවත නිර්මාණය කිරීමට ගුගල් සමාගම සැරසෙනවා. ඒ කැලිෆෝනියා හි Mountain View නගරයේ. මෙම ප්‍රධාන කාර්යාලයේ සැළසුම සිකුරාදා දිනයේදී Mountain View හි නගරසභාව වෙත ගුගල් සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ self-driving cars, solar-powered drones හා රොබාේ යන්ත්‍රද මෙම නව ප්‍රධාන කාර්යාලය නිර්මාණයේදී අැතුලත් කරමින්.
මෙය නිර්මාණය කර තිබෙන්නේ සාමාන්‍ය කාර්යාලයක පෙනුම මෙන් නොව කුඩා ගම්මානයක් අාකාරයටයි. මෙය පරිසර හිතකාමී හා බලශක්තිය ඉතුරු කරගත හැකි අාකාරයට නිර්මාණය කිරීමට ගුගල් සමාගම කටයුතු යොදා තිබෙනවා.මෙහි සැලසුම් ඩෙන්මාර්ක ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Bjarke Ingels හා ඉංග්‍රීසි ජාතික නිර්මාණ ශිල්පියෙකු වන Thomas Heatherwick විසින් නිර්මාණය කර තිබෙනවා.
උපුටා ගැනීම -: පරිගණක සගරාව