මචන්, මේකේ Campaign Type එක "Video campaign"ද? එහෙම නම්
1) Maximum CPV bid ගොඩක් අඩුවෙන් නම් දැම්මෙ ඒක වැඩි කරලා බලපන්.
2) Daily Budget එක ඩොලර් 10ක්වත් දැම්මා නේද?
3) Demographics, Audiences වලින් උබ ටාගට් කරලා තියෙන ඕඩියන්ස් එක ගොඩක් නැරෝ නම් ටිකක් බ්‍රෝඩ් කරපන්.
4) උබ Keywords දෑම්මද? ඒවා ගොඩක් නැරෝද?
5) සිලෙක්ට් කරපු Topics (සිලෙක් කලානම්) සෙට් එකත් බලපන්.
හැබැයි මට නම් පේන්නෙ උබ කැම්පේන් ටයිප් එක "Smart" වගේ අරං තියෙන්නෙ. ඒවා ගත්තාම ගොඩක් සෙටින් අපේ කන්ට්‍රෝල් එකෙන් පිට මචන් තියෙන්නෙ. ඒක නිසා එහෙම කලා නම් ටයිප් එක "Video" අරං අලුතෙන් කැම්පේන් එකක් හදපන්.