එදා සිට අද දක්වා
ගූගල් නිශ්පාදන අතරින් මේ දින වල වඩාත්ම කතා බහට ලක්වන නිශ්පාදනයකි
Google Glass. මේ දින වල Google Glass ව්‍යාපෘතිය හා සම්බන්ධ වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. එහි Explorer edition එක නිකුත් කිරීම, Glass Mirror API documentation නිකුත් කිරීම ඒ අතරින් විශේෂයි. ඉතින් මේ ඒ සියල්ල සම්බන්ධව සැකසුන සටහනක්.
Explorer edition එක නිකුත් කිරීම
ගූගල් ග්ලාස් ඉල්ලුම් කළ 2000ක් පමණ වූ Glass Explorers කණ්ඩායම වෙත ඒවා යැවීමට ගූගල් සමාගම සූදානම් වනවා. ගිය වසරේ සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති Google I/O developer conference හි දී මේ පිරිස ගූගල් ග්ලාස් ඉල්ලුම් කොට තිබුණා. ඔවුන් ට මේවා ලැබෙන්නේ $1,500කට. ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ග්ලාස් සාදන්නේ Foxconn සමාගමයි. ඔවුන් මේ කන්ණාඩි 2000ම එක වර යැවීමට සූදානම් නෑ. ඒවා ඛාණ්ඩ වශයෙන් යැවෙනු ඇති. 2000ම එක වර යැවීමට නොහැකි වීමෙන් පෙනී යන එක් කරුණක් නම් මේ නිශ්පදනය තවමත් ළදරු අවධියේ පවතින්නක් බවයි.