Google Glass වලට වඩා මිලෙන් අඩු
Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses
භාවිතා කරන්නාට තිරයේ දසුන් පෙනෙනා ආකාරය
හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses
ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති සියලු හැකියාවන් ඇති පැළඳිය හැකි පරිගණකය (wearable computer) තාක්ශණික ලොවේ පුවත් මවන්නට සමත්වී තිබෙනවා. අලුත් ගැජට් වලට ආසා කරන බටහිර වැසියන් මෙන්ම දියුණු ආසියාතික රටවල ගැජට් ලෝලීන්ද ගූගල් ග්ලාසස් වෙළඳපොලට නිකුත් වනතෙක් පුළපුළා බලා සිටිනවා.
ගූගල් ග්ලාස් උපකරණය එනතෙක් බලාසිටින්නන්ට අස්වැසිල්ලක් වෙමින්, ගූගල් ග්ලාසස් හා සමාන හැකියාවන් ඇති, එහෙත් මිලෙන් අඩු අවු-කණ්නාඩියක් මෙන් පැළඳිය හැකි ස්මාර්ට්ෆෝනයක හා පැලඳිය-හැකි පරිගණකවල සම්මිශ්‍රණයක් වන උපාංග සමාගම් කිහිපයක් හඳුන්වාදෙමින් තිබෙනවා. මින් එකක් වන්නේ ඉතා දැකුම්කළු නිමාවකින් යුතු, නවීන විලාසිතාවේ අවුකණ්නාඩියක් මෙන් නිර්මාණය කොට ඇති රීකොන්-ජෙට් පැළඳිය හැකි පරිගණකයයි.

ක්‍රීඩා හා ව්‍යායාම ලෝලීන් සඳහා විශේෂයෙන් නිමවා ඇති මෙහි, ක්‍රීඩකයින්ට වැදගත්වෙන තොරතුරු ලබාදෙන පරිගණක වැඩසටහන් (apps) සමග නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම ඇපල් අයිෆෝනයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනයක් හා කෙලින්ම බද්ධවෙමින් දුරකථනයේ තිරය වෙනුවට, අවුකණ්නාඩියේ තිරය ආදේශ කරගනිමින් ක්‍රියාත්මක විමේ පහසුකමද තිබෙනවා.
භාවිතා කරන්නාට තිරයේ දසුන් පෙනෙනා ආකාරයහොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න