Google map දෙන ආතල්

Emios4

Banned
Apr 22, 2019
6
0
0
navigation dammama uba weradi parakata harwama ekan yanna puluwan widiya pennawa

Ethakota watayak set wenna puluwan
 
thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,510
    10,076
    113
    මම දවසක් විනෝදෙට බයික් එකෙන් දුර තියන කැලෑබද පැත්තකට ගියා සංචාරයක් විදියට. ගිහින් එද්දී ගුගල් පෙන්වන පාරක් දිගේ ගියා. කෑලව හරහා ගිහින් යන්න පුළුවන් ෂෝර්ට් කට් එකක් විදියට තමා පෙන්නුවේ. වංගු වලින් හැරී හැරී ගියා. සැහෙන දුරක් ගියාට පස්සේ ඉන්නේ තව කොච්චර දුරද කියල බලන්න සර්ච් කරා. මෙන්න යකෝ ලොකේෂන් එක විදියට ආපු පාර හැර වෙන අදාලම නැති පැත්තක් පෙන්නුවා. එතන ඉදන් දිගින් දිගටම කැලැවෙ පෙන්නන පාරවල් සියල්ල වැරදියි. පස්සේ ගුගල් අමතක කරලා වටේ පිටේ ගෙවල් හොය හොයා ගිහින් පාර අහගෙන හෙන කට්ටක් කාල ප්‍රධාන පාරට ආව.

    කැලාවල්/ දුෂ්කර පාරවල් වල යනකොට පාවිච්චි කරන්න පුළුවන් හොද මැප් ඇප් එකක් නැද්ද බන් ???

    signal avul gyaama ohoma wenava !
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    mama wahane gaththa alutha map eka dagena giya. mu mawa podi paraka ekkan gihin walawal thiyana mati parkath ekkan giya. mama rath wela hitiye. wahane gaththa alutha. usath na. google ge amma appa mathak una,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    කාර් දාගෙන පලයං... බයික් දාන්න එපා.. එදා රිටිගල ගියා.. යනකොට සිග්නල් නැති වෙලා අක්ක පිස්සු කෙලිය.. අන්තිමෙ වැවක් මැද පෙන්නල කිව්ව u have arrived කියල..

    Wawata panala aathme maaru karaganna kiyana part eka pennuwe nadda :eek:
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Mama nam use karanawa , yanna kalin road check karanawa grade B walata adu grade road use karanne nea, lankawe grade B road ok. Mama Android Auto use karanawa no problem. Always use karanawa traffic conditions balaganna puluwan.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම දවසක් විනෝදෙට බයික් එකෙන් දුර තියන කැලෑබද පැත්තකට ගියා සංචාරයක් විදියට. ගිහින් එද්දී ගුගල් පෙන්වන පාරක් දිගේ ගියා. කෑලව හරහා ගිහින් යන්න පුළුවන් ෂෝර්ට් කට් එකක් විදියට තමා පෙන්නුවේ. වංගු වලින් හැරී හැරී ගියා. සැහෙන දුරක් ගියාට පස්සේ ඉන්නේ තව කොච්චර දුරද කියල බලන්න සර්ච් කරා. මෙන්න යකෝ ලොකේෂන් එක විදියට ආපු පාර හැර වෙන අදාලම නැති පැත්තක් පෙන්නුවා. එතන ඉදන් දිගින් දිගටම කැලැවෙ පෙන්නන පාරවල් සියල්ල වැරදියි. පස්සේ ගුගල් අමතක කරලා වටේ පිටේ ගෙවල් හොය හොයා ගිහින් පාර අහගෙන හෙන කට්ටක් කාල ප්‍රධාන පාරට ආව.

    කැලාවල්/ දුෂ්කර පාරවල් වල යනකොට පාවිච්චි කරන්න පුළුවන් හොද මැප් ඇප් එකක් නැද්ද බන් ???

    HEAR maps.කවදාවත්ම චාටර් කාලා නෑ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,528
    11,293
    113
    හඳට කිට්ටුව
    අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්‍රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්‍රීට් පාර ඉවර උනා. :) දාන් තනිකර බොරලු පාරක් සෙට් උනා. වැස්ස නිසාටිකක්මඩ ගතියකුත් තිබුනා. කනත්තක් ලගිනුත් ආවා. බලුබල්ලෙක් පාරේ නෑ. අහල පහල ගෙයකුත් නෑ. එහෙම යද්දි නාන ලිදක් සෙට් උනා. කෙල්ලො වගයක් නනා හිටියා. ;) ඒ ලිද පහු උන ගමන් වැටුනේ ගොයම් කපපු වෙලකට. ඒත් map එකේ පාර පෙන්නනවා. :dull:වෙල මැදින් අඩි 2ක් විතර පාරක් තිබ්බා. ඒක නියරක් වගේ එකක්. මම ඒක දිගේ ආවා:( 500m) . මෙ න්න බොලේ එතන පොඩි ඇලක් තියනවා. අත් ටැක්ටරයක් ගන්න පුලුවන් විදියට කොන්ක්‍රීට් පටි 2ක් තිබ්බා. ඒකෙන් දන්න ශිල්ප ටික දාලා බයික් එක අනිත් පැත්තට දා ගත්තා. BajajPulserඑක ගොඩ්ක් බරයී. මම ගොඩක් අමාරුවෙන් බයික් එක එහා පැත්තට දාගත්තෙ. මේ දේ වෙද්දි ලමයි වගයක් වෙලේ සෙල්ලම් කර කරහිටියා. ඒ ඔක්කොම කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. පට්ට චාටර් එකක් කාලා ඉතුරු දුර ආවා. කොහොම හරි ආයෙත් ප්‍රදාන පාරට වැටුනා. ඉතුරු ටික අවුලක් නැතිව ගිය. ආයෙත් එද්දි ප්‍රදාන පාරෙන් ආවේ. මම කෙලින් පාරේ 1km යන්න ඕනි එකට තමයි ලොකු වටයක් ගහලා කුඹුරක් හරහා ගිහින් තියෙන්නෙ.

    Google map එකෙන් කටු කාපු මම වගෙ අය එළකිරියෙත් ඉන්නවද:lol:

    Ela serayak yaluwek inna kandy hadda dote garment ekakata yanna giya google map dagena... kilometer ganak gihin concrete parakath gihin giye garment eke piti passe weta gawata, aye harawagana kattiyagen ahagena thama giye.. peyak withara darunu kattak kanna una...:lol::lol::lol:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,033
    2,824
    113
    මේ ඊයේ පෙරේදත් set උන මළගෙදරක යද්දී, වැඩි දුරක නෙවෙයි දියගම. අපේ set එක මළගෙදර ගිහින් place එකේ map point එක එව්වා. පස්සේ මයි තව යාළුවෙකු point එකට navigation දාගෙන ගිය. අප්‍රේල් 13 රෑ පාරවල් පාලුයි but ගෙවල් වල මිනිස්සු එළියේ එහෙම ඉන්නවා වැඩ කර කර. Map එක බලාගෙන ගියා ඉතින් ඔන්න පාර පටුවෙනවා පොඩි පාලමක් උඩිනුත් ගියා. පාලමට කලින් පාර වෙලක් උඩින් වෙන්න ඕනේ ගියේ.

    මං තනියෙන් ගියානම් හරවාගෙන ගිහින් වෙලාව 11.30 වගේ . navigation එක කියන විදියට ගියා . අන්තිමට පට්ට පටු පාරක ගිහින් destination on your left කිව්වා . මළගෙයක් තියා කොඩියක් වත් නැ . පස්සේ revers එකක් ගහල එන්න හදනකොට ලග ගෙදරක set වෙලා හිටපු මනුස්සයෙක් ඇවිත් විස්තරේ ඇහුවා . පස්සේ mans කියපු විදියට මල ගෙදර ගියා.

    ඔය එකම සිද්ධිය නෙවෙයි මෙහෙම උන මිට කලිනුත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි google map එකට contribute කරන්න පටන්ගත්තේ . වැරදි දෙයක් දැක්කොත් suggestion එකක් දාන්න පාර sure නැ වගේ තේරෙනවනම් මනුස්සයෙක්ගෙන් අහන්න .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔහොම වැඩක් උනා. කිලෝමීටර් 13ක් විතර පස් පාරවල් වල දූවිලි නාගෙන ගියා. ගමනට පැය 3ක් විතර ගියා. අන්තිමේදි කාපට් පාරට වැටුනා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්‍රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්‍රීට් පාර ඉවර උනා. :) දාන් තනිකර බොරලු පාරක් සෙට් උනා. වැස්ස නිසාටිකක්මඩ ගතියකුත් තිබුනා. කනත්තක් ලගිනුත් ආවා. බලුබල්ලෙක් පාරේ නෑ. අහල පහල ගෙයකුත් නෑ. එහෙම යද්දි නාන ලිදක් සෙට් උනා. කෙල්ලො වගයක් නනා හිටියා. ;) ඒ ලිද පහු උන ගමන් වැටුනේ ගොයම් කපපු වෙලකට. ඒත් map එකේ පාර පෙන්නනවා. :dull:වෙල මැදින් අඩි 2ක් විතර පාරක් තිබ්බා. ඒක නියරක් වගේ එකක්. මම ඒක දිගේ ආවා:( 500m) . මෙ න්න බොලේ එතන පොඩි ඇලක් තියනවා. අත් ටැක්ටරයක් ගන්න පුලුවන් විදියට කොන්ක්‍රීට් පටි 2ක් තිබ්බා. ඒකෙන් දන්න ශිල්ප ටික දාලා බයික් එක අනිත් පැත්තට දා ගත්තා. BajajPulserඑක ගොඩ්ක් බරයී. මම ගොඩක් අමාරුවෙන් බයික් එක එහා පැත්තට දාගත්තෙ. මේ දේ වෙද්දි ලමයි වගයක් වෙලේ සෙල්ලම් කර කරහිටියා. ඒ ඔක්කොම කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. පට්ට චාටර් එකක් කාලා ඉතුරු දුර ආවා. කොහොම හරි ආයෙත් ප්‍රදාන පාරට වැටුනා. ඉතුරු ටික අවුලක් නැතිව ගිය. ආයෙත් එද්දි ප්‍රදාන පාරෙන් ආවේ. මම කෙලින් පාරේ 1km යන්න ඕනි එකට තමයි ලොකු වටයක් ගහලා කුඹුරක් හරහා ගිහින් තියෙන්නෙ.

    Google map එකෙන් කටු කාපු මම වගෙ අය එළකිරියෙත් ඉන්නවද:lol:

    when you face this type of issue pl update the google map so others will not face it.:yes::yes::yes::D
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඩයල් එක වගේ ට්‍රැෆික් එක මග අරින්න දැක්ක පාරක වෑන් එක්ක නඩයක් අරන් ගිහින් අන්තිමට බැලින්නන් පෙන්නන පාර මැද ගෙයක්..ඩ්‍රයිවර්ගෙනුත් කුණු කතා අහල යන එවුන්ට්ගෙනුත් චාටර් වෙලා සුපුරුදු පරිදි ට්‍රැෆික් එකේ ආව..හැබැයි Feedback එකක් දිල මැප් එකේ වැරැද්ද නිවැරදි කරා..වැදගත්ම දේ ගූගල් crowd funded විදිහට වැඩ කරන්නේ කොලබ හොදට තිබ්බට පිට පළාත් වල පොඩි පාරවල් වල පරිස්සමෙන් යන්න ඕනේ කොළබත් වාහන දෙකකට මාරුවෙන්න බැරි පාරවල් දීල කටු කල තියනවා.හැබැයි ඉට වඩා අනන්ත වාර ගානක්එ මැප් එක උදවු වෙලා තියනවා පෙරහැරවල්ක ඇක්සිඩන්ට් වගේ හේතු නිසා පුරුදු පාර අවහිර උණු වෙලාවල් ගෙදරින් බහිද්දී දැනගෙන තියනවා එක නිසා හැමෝම මැප් එක improve කරන්න උත්සහ කරන්න..
     
    Palihawadana1990

    Well-known member
  • මට නම් හොදම ආතල් එකක් උනා.. හැබැයි අවුරුදු 03 කට ඉස්සෙල්ලා...අපේ වෙඩින් එක තිබුනේ මීගමුවේ, නමුත් අපි නවතින හොටෙල් එක බුක් කරේ ඇල්ලේ (98 Acres) ...ඔන්න ඉතින් වෙඩින් එක ඉවර වෙලා, කස්ටිය එක්ක කතා කරල, පිස්සු නටල මීගමුවෙන් පටන් ගනිද්දි හවස 7 විතර වෙලා... අනික යන්නෙත් අපි දෙන්න විතරයි වාහනේ... හැමෝම බැන්න යන්න එපා, එකක් මහන්සියි (මොකද ඊට ඉස්සෙල්ල දවසේ එක විනාඩියක් නිදාගත්තේ නෑ...) දුර වැඩියි අරකයි මේකයි... කවුරු හරි එක්කගෙන යන්න, වගේ දේවල්....

    කාගෙවත් කීම අහන්නේ නැතුව ඔන්න ගමන පටන් ගත්තා, ඔන්න මීගමුවේ ඉදලම දාගත්තා මැප් එක හොටෙල් එකටම, ඔන්න ඉතින් යනවා.. මෙන්න රූට් එක

    මීගමුව - කටුනායක - නිට්ටබුව - අවිස්සාවේල්ල - රත්නපුර - පැල්මඩුල්ල - බලන්ගොඩ - බෙලිහුල් ඔය - බෙරගල - හපුතලේ - බන්ඩාරවෙල - ඇල්ල - හොටෙල් එක

    ඔන්න ඕක තමා යන්න තිබුන රූට් එක... මොකද මම ඉස්සෙල්ලා බලල තිබ්බේ....පැය 06 කින් වගේ යන්න පුලුවන් නිසා....

    ඔන්න ඉතින් පටාන් ගත්තා.. යනවා යනවා රත්නපුරෙත් පහු කරා, පැල්මඩුල්ලත් පහු කරා බලන්ගොඩ කිට්ටු වෙද්දි මෙන්න යකූ ගූගල් අක්ක කියපි හැරියන් හැරියන් කියල...මමත් ඒකිව විශ්වාස කරල දැම්ම අතුරු පාරකට... ටිකක් විතර පටුයි.. හොදම ආතල් එක කාර් එකත් සරසපු ගමන්, හැමෝම බලනවත් එක්ක, ඔන්න ඉතින් ඒ අතුරු පාරේ යනව... මගෙත් පකේ ලොකු කම, එකෙක්ගෙන්වත් ඇහුවෙත් නෑ.. ගූගල් කෙල්ල විශ්වාස කරා... ඔන්න යනවා ඒ පාරේ කිලෝ මීටර් 50 ක් වගේ... පාරත් අවුලක් නෑ මිනිස්සුත් නෑ, ඇරල යනවා... ඔන්න ඊට පස්සේ පාර හදන්න පටන් ගෙන හැම තැනම කඩල, ගල් දාල, හෙන වලවල්, මිනිස් පුලුටක් නෑ, ඒත් ගියා තව කිලෝමීටර් 10 ක් විතර ඉස්සරහට, දැන් යන්නේ ඉබ්බ යනවා වගේ... ඔන්න යනකොට ත්‍රීවීල් එකක් නවත්තල තිබුනා. දැන් වෙලාව 11 වගේ.. ඇහුවා පොරගෙන්... මෙන්න ඒකා කියාපි, මල්ලි උබට අමු කැවිලද කියල... ආපහු ඒ පරෙම ආපු කිලෝමීටර් 60 ගිහිල්ල, ප්‍රදාන පාරට දාල යන්න, අතුරුපාරවල් වල යන්න එපා, අනික ඔය යන පාරේ කොහේවත් නවත්ටන්න එපා.. හොරු ඉන්නවා කියල කියපි.... අම්මෝ මගේ ඉහෙන් කටෙන් දාඩිය දාන්න පටන් ගත්තා බොල, කාර් එක ඇතුලේ රත්තරන් බඩුයි, සල්ලියි ඔක්කොම....

    ඉබ්බ වගේ ගිය මම, ඔන්න ආපහු හරවගෙන ඇරිය ඇරිල්ලක් අම්බෝ.... බයටම පෑගුනා.... ඔන්න කොහොම හරි 12 වෙද්දි ආපහු ප්‍රදාන පාරට දා ගත්තා... දාගෙන යනවා.. දැන් ඔන්න, බලන්ගොඩ පහුවෙලා, බෙරගලයි හපුතලෙයි අතර නිදිමතක් ආපු නිසා කාර් එක පොඩ්ඩක් අයින් කරල නින්දක් දැම්මා... (ආ කියන්න බැරි උනා බිරිද මීගමුවෙන් පටන් ගනිද්දිම කරටි කැඩෙන්න නිදි, ඔය උන එක සිද්දියක්වත් එයා දන්නේ නෑ.. හොටෙල් එකට ගිහිල්ල ඇහැරනකම්) පාකින් දාල, ස්ටාර්ට් පිට නින්ද දම්මා, කොහොම හරි මට හිතෙන්න පැය බාගයක් වගේ නිදා ගන්න ඇති... ඔන්න මට තේරෙනවා කවුරු හරි වීදුරුවට තට්ටු දානවා... මම නැගිටින්නේ නැතුවම බැලුව වට පිට, ඉස්සරහ වීදුරුවෙන් කවුද ටෝච් එකක් ගහනවා, මගේ පැත්තේන් වාහන්යක් නවත්තලත් තියෙනවා, තව දෙන්න තුන්දෙනෙක් වගේ එහාට මෙහාට යනවා.. මම දැන් රෙඩි වෙලා හිටියේ ඕන එකෙක් හප්පගෙන හරි, යන්න... ගියර් එකත් දාගෙනම, සීට් එකත් ඇජෙස්ට් කරල, වීදුරුව චුට්ටම චුට්ටක් ඇරිය, පොලීසියෙන් කියල කිවුවා... (දැන් බයෙත් ඉන්නේ ඇයි අර මනුස්සය කියපි හොරු ඉන්නවා කියලා)... ඔන්න තව පොඩ්ඩක් ඇරිය.. පොලිස් වාහනේ තිබුනා.. හැබැයි කස්ටිය සිවිල් පිට... ඔ.අයි.සී සිට් එකේ වාඩි වෙලා ඉන්නවා... ඊට පස්සේ ඌට තේරුනා මම බය වෙලා කියල, ඊට පස්සේ පොර කියපි, මල්ලි පිස්සුද උබට, ඔහොම අපේ පස්සෙන් එන්න තේ කඩයක් තියෙනවා, එතනට ගිහිල්ල, නින්දක් දාන්න කියල... ඊට පස්සේ පොරවල් එක්කම ගිහිල්ල තේත් අරන් දීල එයාලට... එයාල ගියා බැනල බැනල.. මමත් ප්ලේන්ටියක් ගහල, උණු උනුවේ රොටියකුත් කාල ආපහු ගමන පටන් ගත්තා... ඒ වෙනකොට වෙලාව 2.30 විතර වෙලා.... ( මොකද හෙමින් ආවේ. එකක් නිදිම්නත, අනික වංගූ)

    ආපහු ගමනේ... කොහොමෙන් කොහොම හරි හොටෙල් එකට එද්දි... අපරාදේ කියන්න බෑ සහෝදරවරුණී.. පුදුම සතුටක් ඇති උනේ ගූගල් අක්ක ගැන... මට ඉබීන්න හිතුනා.... උදේ 3 පහු වෙලා පිංවත.....

    එදා නම් අමතක වෙන්නේ නෑ.... ඊට හපන් හොටෙල් එකට ආවහම...

    අපි හිටියේ 98 Acres එකේ... ගියපු අය දන්නව ඇති, සුයිට් එක තියෙන්නේ ටිකක් පල්ලෙහා, ඒ කියන්නේ පුංචි ලෝකාන්තෙට යන පාරේ... ඒ පාරේ කාර් එකකට යන්න බෑ.. සිකුරුටිය කිවුවා යන්න එපා කියල.. මම කිවූවා අපේ බඩු තියෙනවා ඒ නිසා අරගෙන යනවා කියල.. ඌ කියපි හරව ගන්නත් තැනක් නෑ, පාරත් පටුයි යන්න බෑම කියපි.. ඒත් මම ගියා, මහ කලුවර, පේන්නේත් නෑ, මීදුවත් එක්ක.. අනේ මන්ද මම කාර් එකත් හරවල, රූම් එක ලගින්ම නවත්තල කිසිම අවුලක් නැතුව...

    ඔය ඔක්කොම හොදයි, සතුට කියන්නේ උදේ වාහනේ ගන්න බලද්දි හැමෝම ඇහුවේ කොහොමද මෙතනට ආවෙ, හරවා ගත්තේ කොහොමද, පාක් කරේ කොහොමද කියල, කොටින්ම කිවුවොත් මටත් පුදුමයි මම කාර් එකෙන් බැස්සේ කොහොමද කියල... යකෝ හෙන පල්ලමක් එතන,, අනික කාර් එක හරවලත් තියෙන්නේ පල්ලමකට, අම්මෝ වැටුනනම් තාම වැටෙනවා.. ඇත්තටම තාමත් හිතාගන්න බැරි හොහොමද හැරෙවුවේ කියල.....

    එදායින් මෙදා තුර මම නම් ගූගල් අක්කගෙන් පාර ඇහුවත්, පාරෙ ඉන්න අයගෙනුත් අහලම තමා යන්නේ.... අම්බෝ....