Google Maps කඩ සාප්පුවල ඇතුළටම බහී

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Google Maps කඩ සාප්පුවල ඇතුළටම බහී

e6f533cbd4.jpg




Google Maps taking viewers inside shops



ගූගල් සමාගම විසින් එළි දක්වා තිබෙන නොමිලේ භාවිතා කරන අන්තර් ජාල සිතියම් සේවාව සඳහා කඩ සාප්පු, ආපනශාලා ඇතුළු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථානවල අභ්‍යන්තර ඡායාරූපද එක් කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ගූගල් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණ වැඩසටහන ගිය වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කළ බවත් සිය ව්‍යාපාරික ස්ථානයේ තත්ත්වය හා එහි ස්වභාවය විදහා දැක්වෙන ඡායාරූප මෙම සේවාවට එක්කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

එයින් මහජනතාවට එම ස්ථානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිබව සඳහන්ය.
මේ අනුව, ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව යන රටවල තිබෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මේ විනවිට ගූගල් මැප්ස් සේවාවට සිය ඡායාරූප එක්කිරීමට අවස්ථාව හිමිවී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.