Google සමාගම විසින් එළිදක්වන ලද Google Pixel 7 සහ 7 Pro දුරකථන අතිශයින් ජනප්රියතාවයට පත් වූයේ එහි වූ නවතම තාක්ෂණයන් සහ එහි කැමරාව සතු විශේෂාංග හේතුවෙනි.
මෙලෙස එළිදක්වන ලද Pixel දුරකථන එළඹෙන 13 වන දින වෙළඳපොල වෙත නිකුත් කිරීමට කටයුතු සකස් කර ඇත. එවැනි පසුබිමක එම දුරකථන මාදිලි දෙක සඳහා ලැබී ඇති ඇණවුම් ප්රමාණය මිලියන 8 ඉක්මවා ඇති බවට තොරතුරු Nikkei Asia වෙබ් අඩවිය සඳහන් කරයි.
පසුගිය වසරේ නිකුත් වූ Pixel 6 series එකට සාපේක්ෂව මෙලෙස ලැබී ඇති ඇණවුම් ප්රමාණය වැඩි වන අතර 2023 වන විට Pixel 7 හි විකුණුම් ප්රමාණය ද පෙර පැවති දත්ත වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගනු ඇති බවට Google සමාගම සඳහන් කරනවා.
එමෙන්ම මෙලෙස ලැබී ඇති ඉහළ ඇණවුම් ප්රමාණය හේතුවෙන් Google සමාගම සිය සැපයුම්කරුවන් හට ඒකක මිලියන 8 කට වඩා වැඩි ප්රමාණයක් නිශ්පාදනය කරන ලෙස දැනුම් දී ඇත.
එම හේතුව නිසා Google සමාගම හට මෙම වසරට සාපේක්ෂව Pixel smart දුරකථන නැව්ගත කිරීම දෙගුණ කළ යුතු බව සඳහන් කරයි.
Visit : https://bit.ly/3SUtbUi
unta dapu investment ekavath ganna ba. success venna nam aduma 800 millions vath sale venna ona.