Google Plus සහ Facebook වල නොදුටු පැත්ත

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Google Plus සහ Facebook වල නොදුටු පැත්ත

    මේ ත්‍රේඩ් එක දැම්මේ... මට හිතෙන සහ මම මේ ටිකේ නෙට් එකේ කියවලා හිතිච්ච දේවල් ටිකක් ගැන කස්ටිය දැනුවත් කරන්න.

    අපි හැමෝම දන්නවා Google + ගැන... ඇත්තටම දැන් ලංකාවේ ගොඩ දෙනෙක්ට Google + එකවුන්ට් තියෙනවා. ඒත් හිතුනද ඇයි හදිස්සියෙම Google එක Social Networking Site එකකට අත ගැහුවේ කියලා... සමහර විට ඔයගොල්ලො හිතන්න ඇති දැන් ජනප්‍රියම වෙබ් සයිට් එකක් විච්ච Facebook එක නැති කරලා දාලා තමන්ගේ ආධිපතය පතුරව ගන්න කියලා..

    ඒකත් එක අතකට හරි... නමුත් අපිට හැමදාම අමතක වෙන දෙයක් තියෙනවා... Google එක අපිට ආදරේට තමන්ගේ සේවා ලබා දෙන්නේ නැ... මේ හැම එකකම යටි අරමුණු තියෙනවා.

    Google කියන්නේ... කාසියක් වගේ.. කාසියේ එක පැත්තක්...Search Engine සහ ඊමේල් වගේ සේවා ලබා දෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් Google Adwords, Google Adsense පාවිච්චි කරලා සමාගමට ලොකු ආදායමක් උපයා ගන්නවා.

    ඔයගොල්ලෝ Facebook Ads පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති.. ඔවුන්ගේ Ads වලින් ඉතා හොඳ ප්‍රතිචාර ලබා ගන්න පුළුවන්... මොකද අපිට Facebook භාවිතා කරන අයගේ රැචි අරුචි කම්, ස්ත්‍රි පුර්ශ භාවය, වයස් පරතරය වගේ දේවල් අනුව Ads Display කරන්න සකසන්න පුළුවන්.

    නමුත් Google වල මේ පහසුකම් නැහැ.... ඔවුන්ට මේ ආකාරයෙන් තමන්ගේ දැන්වීම් ප්‍රචාරය කරන්න බැ... ඒ නිසාම තමා Google එක Google Plus කියන Project එකට තමන්ගේ මුදල් වියදම් කරන්නේ.

    තවත් ගොඩ දෙනෙක් නොදන්න කරුණක් තමා Facebook විසින් Microsoft Bing සමග තම දත්ත හුවමාරු කර ගැනීමක් ආරම්භ කර තිබෙනවා. මේ නිසාම Bing... වලට ඉදිරියේදි හොඳ ඉල්ලුමක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. මොකද අපේ රුචි අරුචි කම් සමඟ සන්සන්දනය කරන්න ලැබෙන නිසා. මේක හොඳින්ම Google දන්නවා.

    වැඩේ දුර දිග යන්න කලින් Google එකත් වැඩේට බැස්සා.

    For more info

    http://www.smh.com.au/technology/te...val-takes-off-20110715-1hhfe.html?from=smh_sb

    ඇත්තටම අපි Privacy කියන එක ගැන වැඩි තැකීමක් නැ... ඒත් ඒක අනාගතයෙදි
    Privacy ලොකු වටිනාකමක් තියෙන දෙයක් වෙයි.. මොකද අද මේ Social Networking Sites වල ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ තරමට....

    මේ Vidoe එකත් බලන්න... එතකොට මම කියපු දෙවල් තව ටිකක් පැහැදිලි වෙයි.

    The Google Toilet :P


    මම දෙන උපදෙස නම්....

    ඔයාගේ අදහස Google Plus Account එක දිගටම පවත්වාගෙන යන්න නම්.... Microsoft Bing එක තමන්ගේ Search Engine එක විදිහට තියා ගන්න..

    Facebook Account එක දිගටම පවත්වා ගෙන යනවා නම්... Google Search Engine එක Search කරන්න පාවිච්චි කරන්න.

    (මොනවා උනත්... හැම තිස්සෙම තමන්ගේ සියලුම පුද්ගලික දේවල් Internet එකට දාන්න එපා... ඉස්සරහට අපි හිතන තරම් Internet සුරක්ෂිත තැනක් වෙන්නේ නැ.)

    :):)

    Put a comment and help to inform everyone. Thnx
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට මචන් විස්තරේ. ඒත් අර උඹ දීපු උපදෙස දෙන්න හේතුව පොඩ්ඩක් කියපංකෝ:rolleyes:
    අර විඩීයෝ එකත් පට්ට. උගේ වොයිස් නම් මරු:lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පට්ට මචන් විස්තරේ. ඒත් අර උඹ දීපු උපදෙස දෙන්න හේතුව පොඩ්ඩක් කියපංකෝ:rolleyes:
    අර විඩීයෝ එකත් පට්ට. උගේ වොයිස් නම් මරු:lol:

    Google Plus එක්ක Google Search Engine එක උඹ use කරන කොට උඹේ interests වල ඉඳන් ගුගල් එක search කරනවා. සමහර විට උඹ මේ දේ වෙනවට අකමැති උනත්... උන් ඒ දේ කරනවා. ඒත් උඹ Microsoft Bing එකක පාවිච්චි කලොත් එහෙම වෙන්නේ නැ.

    ඔය දේම තමා... ඔය වීඩියෝ එකෙත් කියන්නේ... අපි ගැන අපි විතරක් දැනගෙන හිටියාම ඇතිනේ.. Google එක සහ Microsoft, Facebook වලට ඕනැවට වඩා තොරතුරු ගන්න දෙන්න එපා... ඕවා අන්තිමට අපිටම ප්‍රශ්න වෙනවා. :)
     
    • Like
    Reactions: Leshiya

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    (මොනවා උනත්... හැම තිස්සෙම තමන්ගේ සියලුම පුද්ගලික දේවල් Internet එකට දාන්න එපා... ඉස්සරහට අපි හිතන තරම් Internet සුරක්ෂිත තැනක් වෙන්නේ නැ.)
    Internet was NEVER a safe place. This is the biggest mistake people makes. Especially the seeming computer illiterate (these days, even the supposed people in the IT field makes stupid mistakes like these)