Google to break Great Firewall of China | චීන මහා අග්නි ප්‍රාකාරය බිඳීමට Google සැ

coolnilushi

Banned
Jan 25, 2010
25
3
0
Google to break Great Firewall of China | චීන මහා අග්නි ප්‍රාකාරය බිඳීමට Google සැ

මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්‍රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්‍ෂණයට යටත් වේ.
රජයට විරුද්ධ මත දරන කිසිදු වෙබ් අඩවියක් වෙත ප්‍රවේශ වීමට චීන රජය මහජනයාට ඉඩ ලබා නොදෙන අතර, එවන් මත අන්තර්ජාලය තුළ ප්‍රකාශ කරන්නන් මත දඬුවම් පමුණුවන බවද සැලය.
ආසියාකරයේ තවත් ඇතැම් රජයයන්ද චීනයේ සහයෝගය මත මෙවන් අන්තර්ජාල පාලන ක්‍රියාවලියක් තම රටවල්වල ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූබව පසුගිය දිනවල පුවත් පළ විය.
චීනය අන්තර්ජාලය සම්බන්‍ධයෙන් නැවතත් කතා බහට ලක් වුනේ පසුගිය දිනක Google සමාගම වෙත එල්ළ කරන ලදැයි කියන අන්තර්ජාල ප්‍රහාරයක් පිළිබඳවයි. මෙම ප්‍රහාරය පිළිබඳව චෝදනාව එල්ළ වූයේ චීනය වෙතයි.
මෙම ප්‍රහාරය සම්බන්‍ධව චීන රජය සහ Google ආයතනය අතර මත ගැටුම් කිහිපයක් සිදුවූ බව පසුගිය දිනවල අන්තර්ජාල පුවත් සේවා රාශියක විස්තර පළවූ අතර, ඇමරිකානු රජයද මේ ගැටළුවට අවධානය යොමු කිරීම මෙය හුදෙක් ආයතනික ගැටළුවකින් ඔබ්බට රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් බවට මෙය යොමු කිරීමක් වේදෝයි ඇතමුන් කළබලයට පත්වූ නමුත්, ඇමරිකානු රජය නැවත මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත.
googlechinaconflict300x.jpg
මේ අතර තුර නැවතත් ඇතැම් පුවත් සේවා තුළ පළ වූ වාර්තාව වූයේ The Great Firewall of China ලෙස හැඳින්වෙන චීනයේ අන්තර්ජාල පෙරහන වෙතට තාක්‍ෂනික වශයෙන් පහර දීම සඳහා Google ආයතනය ලක ලැහැස්තිවෙමින් ඉන්නා බවයි. Google ආයතනය මෙම පුවත් ප්‍රතික්‍ෂේප කළේ නැති අතර, Twitter වැනි සමාජජාල තුළද මේ පිළිබඳව කතාබහ වනු දැකගත හැකි විය.

මේ කතිකාවතට ඉන්ධන ලැබීමට පසුගියදා Google විසින් අන්තර්ජාල ආරක්‍ෂාව සම්බන්‍ධ ආයතනයක් මිලදී ගැනීමද හේතු වන්නට ඇත.
Google සමාගම චීනයට පමණක් නොව, අන්තර්ජාල වාරණය කරන අන් රටවල් වෙතද තම තර්ජනාංගුලිය ඔසවන බවයි අන්තර්ජාල විද්වතුන්ගේ මතය. ඔවුන්ට අනුව එක්සත් ජාතීන්ගේ සංගමයද තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිගන්නා බැවින්, ඔවුන් මීට එරෙහිව ක්‍රියා නොකරනු ඇත.


:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

Google ආයතනය විසින් චීනයේ හෝ වෙනත් රටක firewall වෙත පහර දීමට කිසිදු පියවරක් ගෙන නැති අතර, මෙම ලිපිය අප්‍රේල් මස පළමුවන දිනට යෙදුනු “අපේ දිනය” වෙනුවෙන් පළ කළ ලිපියක් බව කරුණාවෙන් සලකන්න!

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

source = http://blog.budhajeewa.com/google-to-break-great-firewall-of-china
 
  • Like
Reactions: x-pert and akilar25