Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    The Google eBookstore

    google_logo-small.png


    ඔගොලො දන්නවනෙ ග්ලූගල් කියන්නෙ ලොව ප්‍රචලිතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හිමි සමාගම කියල.ඉතින් ග්ලූගල් සමාගම සිය නාමය යටතේ විවිධ පරිඝණක ආශ්‍රිත නිර්මාණ ලොවට දායාද කලානෙ(බ්ලොග්,ජී-මේල්,පිස්කා,කෲම් සහ ඕ.එස්)ඉතින් මම අද කියන්න යන්නෙ ග්ලූගල් අපිට දීපු අලුත්ම ප්‍රඩක්ට් එක ගැනයි.

    ග්ලුගල් කාලයක් සිත්තෙ කරපු අධ්‍යන කටයුතුවලින් පසුව දැන් එලි දක්වල තියෙනවා ග්ලූගල් ඊ බුක්ස් නමින් අලුත්ම දෙයක් ලොවට,ඇත්තටම ඊ බුක්ස් ගැන නොදන්න කෙනෙක් නෑ නේ දැන් අපි අතර ගොඩක් අය මේ ඊ බුක්ස් භාවිත කරනවා


    අෆි බලමු මොකද්ද මේ Google Books කියන්නෙ කියල

    books_logo.gif


    අන්තර්ජාලයේ තියෙන පොත් හල ලෙස හදුන්වන්නෙ ඇමසන් වෙබ් අඩවිය තමයි මොකද ඇමසන් වෙබ් අඩවිය මගින් දිනකට විකිනෙන පොත් සංඛ්‍යාව අති විශාලයි.එම නිසා ඇමසන් වෙබ් අඩවියෙන් බාගත කරන පොත් කියවීමට ඔවුන්ගේම මෘදුකාංගයක්ද බිහි විය එහෙත් මේ වන විට ග්ලූගල් සමාගම එලි දක්වා තිබෙන ඊ බුක්ස් වි‍යපෘතිය මගින් නොමිලේම ලොව ඕනෑම පොතක් බාගත කිරීමට හා අන්තර්ජාලය තුලම භාවිත කිරීමේ හැකියාව ඇත.එමෙන්ම එ සදහා වෙන් වූ මෘදුකාංගයක් එලිදැක්වීමට බලාපොරොත්තු වන බව ග්ලූගල් පරිපාලනය කරුණු දක්වයි.එමෙන්ම අපේ ග්ලූගල් ගිණුම භාවිතයෙන් අප සතු ඊ බුක්ස් ග්ලූගල් ලයිබ්‍රි එකට එක් කිරීමේ හැකියාවද තියෙනවා

    ග්ලූගල් ඊබුක්ස් නිල දැන්වීම් පටය මෙතනින් බලන්න



    යම් පොතක් අපි කියෙවුවේ නම් ග්ලූගල් හරහා එහි ඉතිරිය පසුවට කියවීමට බුක්මාර්ක් කිරීමේ පහසුකම පවා තිබේ.එමෙන්ම ලොව ප්‍රසිද්ධ පුවත් පත් පවා මේ ඔස්සේ නොමිලයේම බලගැනීමේ හැකියාව ග්ලූගල් භාවිතා කරන්නන්ට හිමිවේ,අන්තර්ජාල සෙවා සැපයීම සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයින් පවසනෙ මෙතෙක් විද්‍යුත් පොත් සම්බන්ද එකාධිකාරයක් අරගෙන උන් ඇමසන් සමාගමට මේ හරහා ලොකු බලපෑමක් එල්ල වන බවයි.එමෙන්ම ග්ලූගල් සමාගමේ මේ නවතම වියාපෘතිය අති සාර්ථක වනු ඇතැයි ඔවුන්ගේ මතයයි

    මෙහි ඇති තවත් වාසියක් නම් ඕනෑම වෙලාවක ලැප්ටොප් එකකින්,මොබයිල් ෆෝන් එකකින්,කාර්යාලයේ නම් කාර්යාල පරිඝනකයෙන්ද මෙම සේවාව ලබාගතහැකිය.

    google_ebookstore_logo.gif

    ඔවුන් මෙය නම් කර ඇත්තෙ ග්ලූගල් ඊබුක්ස් ගබඩාව ලෙසයි

    නිල වෙබ් ලිපිනය මෙන්න

    කාණ්ඩ වශයෙන් නම් කර ඇති පොත් සදහා මෙතනින් යන්න

    ඔබට අවශ්‍ය පොතක් බුක් ස්ටෝර් එකෙන් සොයාගන්න අකාරය සදහා මේක බලන්න



    මේක අලුත් දෙයක් ඔගොල්ලොත් ග්ලූගල් විද්‍යුත් පොත් ගබඩාව පාවිච්චි කරල බලන්න දැන් ඉතින් පොත් හොයන්න අන්තරේ පුරා රවුම් ගැහුව ඇති නොවැ ඒ වගේම ඔගොල්ලො ළග තියෙන හොද විද්‍යුත් පොතුත් මේකට එකතු කරල ලොවපුරා සිටින විද්‍යුත් පොත් පාඨකයින්ට උදව් කරන්න

    ______________________________________________________
    BM's Next Thread :-Google's Hot Searches For 2010

    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0

    එහෙත් මේ වන විට ග්ලූගල් සමාගම එලි දක්වා තිබෙන ඊ බුක්ස් වි‍යපෘතිය මගින් නොමිලේම ලොව ඕනෑම පොතක් බාගත කිරීමට හා අන්තර්ජාලය තුලම භාවිත කිරීමේ හැකියාව ඇත.[/SIZE]


    nomile nan onema ebook ekak denne na ban. poth liyana unta pissuye nomile poth denna, preview eken chaps kipayak witarai me wenakan nan google on sale books wala denne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com