Source: http://www.aluthnews.com/2014/03/bb-c-support-to-escape-new-ltte-leader.html#more
ගෝපී සේවීමට වල කපන බීබීසීය
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන ගෝපි නැමැත්තා සහ ඔහුගේ සහයකයා සොයා පොලීසිය සහ හමුදාව තවදුරටත් උතුරේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බව පොලීසිය ප්‍රකාශ කළා.
පසුගිය දා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවශ්‍ය සැකකරුවෙකු වන 31 හැවිරිදි පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි, අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට වෙඩි තබා කිලිනොච්චිය - ධර්මපුරම් ප්‍රදේශයට පළා ගොස් තිබුණා. එම වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවා.
මේ හේතුව නිසා මේ දෙදෙනාගේ ඡායාරූප පොලිස් මූලස්ථානය මගින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන තැනැත්තෙකුට රුපියල් 10,00,000ක ත්‍යාගයක් පිිරිනමනු ලබන අතර තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරනු ලබන බව ද පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
නමුත් මේ සිද්ධිය උපුටා දක්වන බී බී සී සන්දේශය “උතුරේ යළි සෝදිසි මෙහෙයුම්“ යනුවෙන් ප්‍රවෘතියක් පළ කර තිබුනා. බී බී සීය පළ කරන මේ ප්රවෘත්ති දෙමළ සන්ධානයට වුවමනා විධිහට සකස් කරනවා ද යන්න ගැන දැන් සැකයක් මතුව තිබෙනවා.
ඔවුන් ඒ පුවතින් දක්වා තිබුනේ යාපනයේ මේ තත්ත්වය සාමාන්‍යය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට සහ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් කිසිදු හේතුවක් නොමැතිව සාමාන්‍යය වැසියන් මේ අන්දමට පීඩාවට ලක් කිරීම දෙමළ ජාතික සන්ධානය කිසිසේත් අනුමත නොකරන බවත් උතුරු පලාත් සභාවේ කෘෂිකර්ම ඇමති එස්.අයින්කරනේෂන් පැවසූ බවයි.
තවද මෙසේ පරීක්ෂා කිරීමට පැමිණියේ කිනම් හේතුවක් නිසා දැයි නොදන්නා බැවින් තමන් බියට පත්වී සිටින බවයි පොදු ජනතාව පවසන බව බී බී සී ය වාර්තා කර තිබුනා

Bump ඒකක් දීලා යන්න

Last edited: