Government loses a Good person brainy man.

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් 'ඉල්ලා අස්වෙයි'



    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.
    නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව බීබීසීයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය.
    'පැහැදිලි නෑ'

    මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය.
    මේ සම්බන්ධයෙන් බීබීසීය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවයි, ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
    කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහල මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය.
    පහර දුන් බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසීමට බීබීසීය දරූ උත්සාහය සාර්ථක නොවීය.



    Source : http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/09/140929_lanka_chris_nonis_resignation