තව දෙයක් රුසියන් කාරයෝ ජී පී අඑස් ජෑම් කරනවා. කෙම්ලිනයේ ( රුසියන් පෙන්ටගන් එක / රුසියන් ආරක්ෂක මූලස්ථානේ ) ලගදි ෆෝන් එකකින් ජී පී ඇස් බැලුවොත්, උබට ඉන්න තැන විදිහට පෙන්නන්නේ කෙම්ලින් ගොඩනැගිල්ල ලග නෙමෙයි. ඊට කිලෝමීටර් 30 එහායින් තියන එයා පෝට් එකක්. උන් මොකක් හරි සිස්ටම් එකක් පාවිච්චි කරලා අපිට එන සිග්නල් ජෑම් කරලා වෙනස් කරනවා ඉන්න තැන. මේක කරන්නේ දැනට උන් උන්ගේ ආරක්ෂක මූලස්ථානේ ලග විතරයි
මට හිතෙන විදිහට, මේකෙ තියන වාසිය තමයි ගොඩක් මිසයිල් හදල තියෙන්නේ ජී පී ඇස් ලොකේශන් එක බලල, හරියටම ඉලක්කෙට ඇටෑක් කරන්න. රුසියන් ආරක්ෂක මූලස්ථානෙට ඇටෑක් කරන්න අමාරුයි එහෙම ජී පී ඇස් කෝඩිනේට් වලින් එන මිසයිල් වලට කියලයි මට හිතෙන්නේ. ඒක හින්දා ඕක කරන්නේ උන්ගේ ආරක්ෂක මූලස්ථානේ ආරක්ෂා කර ගන්න.
accuracy එක ග්ත්තොත්, රුසියන් GLONASS , ඇමරිකන් ජී පී ඇස් වලට වඩා accuracy එක වැඩී. ඒත් ඉක්මනින් සැටලයිට් කෙනෙක් වෙන්නේ ඇමරිකන් ජී පී ඇස් මොකක් හරි හේතුවක් නිසා.(මට නම්)
ඔව් ෆෝන් වර්ගේ අනුව වෙනස් වෙනවා. වර්ගේ නෙමෙයි අලුත් පරණ බව අනුව. පරණ ජී පී ඇස් රිසීවර් වලින් තිබ්බේ ඇමරිකන් සිග්නල් විතරයි. ඊට පස්සේ ආව ඒවයේ රුසියන් + ඇමරිකන්. දැන් එන චිප් වල රුසියන් + ඇමරිකන් + චීන + යුරෝපා සැටලයිට් වලින් එන ඒවා රිසීව් කරන්න පුලුවන්.