මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේවන විට නිකුත් කර තිබේ. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල දැක බලාගත හැකි බවත්, මේ වන විට අදාළ ප්‍රතිඵල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයෝ තුන් ලක්ෂ දස දහස් තුන්සිය විසි නව දෙනෙකු පෙනී සිටියහ.
අදාළ ප්‍රතිඵල ලේඛන අද දිනයේ සියලුම පාසල් වෙත තැපැල් කිරීමට නියමිත අතර කොළඹ අවට පාසල්වල ප්‍රතිඵල අද දින පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පාසල් ප්‍රධානීන්ට ලබාගත හැකි බව විභාග කොමසාරිස්වරයා පවසයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගේ සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක වලට අනුව අදාළ අවම ලකුණු සීමාවන්ද විභාග දෙපාර්තමේන්තුව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුවනිවේදනය කරයි.
හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 148ක් වන අතර අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 146ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙවර අවම ලකුණු සීමාව ලකුණු 145ක් වන අතර වව්නියාව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 144 කි.
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා මෙවර පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගේ අවම ලකුණු සීමාව ලකුණු 143ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 15 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Code:
Source : http://sinhala.adaderana.lk/news.php?nid=27718&mode=beauti

Dialog eken balanna ba man hithanne, eke denne O/L A/L witharay. site ekenma balanna wenawa 