###Grade V Exam Results 2014 ###

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ යාලුවෙක්ගේ පුතා....
    181 :)
    දිස්ත්‍රික් රෑන්ක් එක 130 :baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දිස්ත්‍රික් රෑන්ක් එක 1245 ලකුණු 166 පාස්ද Qualified නැද්ද කියලා වැටෙන්නේ නෑ නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    September 28, 2014 06:14 am
    2014 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේවන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

    ඒ අනුව රජයේ විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk/exam/index.html වෙබ් පිටුවට පිවිස අදාළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැකබලා ගත හැකිය.

    කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව වෙත පැමිණ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සෙසු පාසල්වල ප්‍රතිඵල ලේඛන අද තැපෑලට යොමුකිරීමට නියමිතය තිබේ.

    පසුගිය අගෝස්තු මස 17 වන දින පැවත් වුණු ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 27,648 දෙනෙකු පෙනී සිටියේය.

    මේ අතර එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව විභාගය සමත් විම සඳහා අවශ්‍ය අවම ලකුණු සීමාවක් ද විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

    ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යයේ අවම ලකුණු මට්ටම ලෙස දක්වා ඇත්තේ ලකුණු 163කි.

    හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවම ලකුණු මට්ටම වන්නේ ලකුණු 161කි.

    අම්පාර, පුත්තලම, ත්‍රීකුණාමලය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් සඳහා ලකුණු 160ක අවම මට්ටමක් තීරණය කර තිබේ.

    නුවරඑළිය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික් සඳහා අවම ලකුණු මට්ටම වන්නේ ලකුණු 159කි.

    දෙමළ මාධ්‍යය සිසුන් සඳහා වැඩිම සමත්වීමේ ලකුණු මට්ටම දක්වා ඇත්තේ ලකුණු 159ක් ලෙසයි.

    කොළඹ, ගම්පහකළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික් සඳහා එම ලකුණු මට්ටම දක්වා තිබේ.

    යාපනය, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික් සඳහා දෙමළ මාධ්‍ය යෙන් ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 158කි.

    නුවරඑළිය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, පොළොන්නරුව සහ රත්නපුරය දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යය සිසුන් සඳහා ශිෂ්‍යත්ව විභාගයේ අවම ලකුණු මට්ටම 157ක් ලෙස දක්වා තිබේ.

    පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයේ අවම ලකුණු මට්ටම වන්නේ 156ය.

    හම්බන්තොට සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යය සිසුන්ගෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමේ අවම ලකුණු මට්ටම ලකුණු 155ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.