Great Lakes(පංච මහා විල්)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    ලෝකෙ වටේ එහේ මෙහේ යද්දි මම මගෙ ජීවිතේ ලබපු ලස්සන අත්දැකීමක් තමයි පංච මහා විල් තරණය කරන්න ලැබුණු එක.ඒත් මේ ගැන වැඩිපුර තොරතුරු මම නොදැන හිටියත් පහත තියෙන ලිපි දෙක කියෙව්වම මට ලොකු දැනුමක් ලැබුනා ඒ ගැන.ඉතින් මුලින්ම ඒ ලිපි පලක අයට ස්තූතියි.පුරුද්දක් විදියට මට පුළුවන් අයුරින් මගෙ යාළුවො වෙනුවෙන් මම ගත්ත ෆොටෝස් ටික දාන්න මට පුළුවන්. ඒ ටික විතරයි මට අයිති.
    විල් කීවම අපිට එන අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනව මේවා දැක්කම සහ හොයලා බැලුවම.ඒ වගෙම මෙවගෙ වතුර වල මුහුදු වතුරවලින් එන ලුණු රස ටිකක්වත් දැනෙන්නෙ නැහැ.අත්දැකීමෙන්මයි කියන්නෙ
    මුලින්ම මගේ ෆොටෝස් ටික සහ ඉන් පසුව විස්තර ලිපි දෙක ඉදිරිපත් කරන්නම්

    ඒ වගේම ලේක් සුපීරියර් එක සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා 173m පමණ උසින්.ඉතින් එතනට යන්න දිය කඩන (lock gates) 16ක් පහු කරන්න ඕනි.st.lawrence ගඟේ ඉඳන් lake ontario එකට ගේට්ටු 7ක් සහ lake ontario සිට lake erie එකට ගේට්ටු 8ක් සහ lake huron හා lake superior අතර එක් දිය කඩනයක්

    GwnWC8R.jpg


    wLBlLLM.jpg


    wCXYAvk.jpg


    BCTJ0ch.jpg


    8xBhEBh.jpg


    9c7aeXQ.jpg


    bkZhHW6.jpg


    xI4vCUN.jpg


    fO5QOSX.jpg


    fzYd4ky.jpg


    wSkvGr1.jpg


    udWBdv0.jpg


    6N4WeS4.jpg


    උඩ ෆොටෝ වල තියෙන්නෙ මේ දියකඩනයකට නැව ඇතුල් කරන්න කලින් සහ ඇතුලෙදි.ඇතුලට ගියාට පස්සෙ දෙපැත්තෙන්ම වහල වතුර පුරවලා මට්ටම් සම කරනව.එහෙම කලාට පසුව පෙනුම මෙන්න මේ විදියයි

    SFlkhlZ.jpg


    ලේක් එකකට ඇතුල්වෙන්න කලින් ගඟ අවට ලස්සන තැන් ෆොටෝ ගත්ත.ලේක්ස් ඇතුලෙදි ඉතින් කිසි වෙනසක් නැහැ මුහුද වගෙම තමා බැලු බැලූ අත ක්ෂිතිජය විතරයි
    ttFE8RD.jpg


    1sz8YUR.jpg


    pINiXkA.jpg


    8irOlyJ.jpg


    EQiPrfa.jpg


    JljvgDC.jpg


    BmbO3f8.jpg


    l3HztYy.jpg


    VHgX0hT.jpg


    UwvOsZg.jpg


    al0pNNz.jpg


    3EcuMjI.jpg


    nwr5x77.jpg


    Hvilqet.jpg


    dXhIoeg.jpg


    SDVaSFK.jpg


    CvX8uZD.jpg


    RajKj9h.jpg


    Jd3gmn4.jpg


    9NfP6BS.jpg


    lhMbLoK.jpg


    WIvm3hs.jpg


    u9E9l5u.jpg


    3VZmhg8.jpg


    AjUTDCB.jpg


    lq6ZMz5.jpg


    scGN9Lj.jpg


    achUOnL.jpg



    අහන්න තියෙනවනම් ප්‍රශ්න අහපල්ලා දන්නවනම් උත්තර දෙන්නම් අර ලිපි දෙක පහලින් දාන්නම්.ටිකක් හරි වැදගත් හිතෙනවනම් බම්ප් එකක් දාන්න
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩා මායිමේ පිහිටා ඇති[FONT=&quot], [/FONT]සුපීරියර්[FONT=&quot], [/FONT]මිචිගන්[FONT=&quot], [/FONT]හ්‍යුරන්[FONT=&quot], [/FONT]ඔන්ටේරියෝ සහ ඊරි යන පංච මහා විල් එකතුවෙන් ලොව විශාලතම නැවුම් ජලතලාව ආවරණය වේ. එය පෘතුවි පෘෂ්ඨයේ නැවුම් ජල පරිමාවෙන් [FONT=&quot]21% [/FONT]කි. ජල තලය[FONT=&quot], [/FONT]වර්ග කිලෝමීටර [FONT=&quot]208,610[/FONT]ප්‍රදේශයක් පුරා විසිර පවතින අතර[FONT=&quot], [/FONT]මුළු ජල පරිමාව ඝණ කිලෝමීටර [FONT=&quot]22,560[/FONT]කි ([FONT=&quot]6 Quadrillion Gallons). [/FONT]මෙම ජල පරිමාව ඇමරිකා එක්සත් ජනපදප්‍රාන්ත [FONT=&quot]48 [/FONT]පුරාවට විසිරුවවහොත්[FONT=&quot], [/FONT]ජල මට්ටමේ උස මීටර [FONT=&quot]3[/FONT]ක් (අඩි [FONT=&quot]9.5[/FONT]ක්) වනු ඇත. ඉන් ඔබට ජල කඳේ පරිමාව පිළිබඳ යම් වැටහීමක් ලැබේ.


    ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ නාසා ආයතනය සතු Expedition-31 නම් අභ්‍යවකාශ ශටලයේ සිටි ගගනගාමියෙක් විසින් ලබාගත් පංච මහා විල්හි ඡායාරූපයක් වන අතර ඉන් පෙන්නුම් කරන්නේ ජලතලය මත පතිත වී පරාවර්තනය වන රන්වන් පැහැති සූර්යාලෝකයයි. එය අතිශයින්ම මනස්කානත දර්ශනයකි.


    සුපීරියර් විල පංච මහා විල් අතර විශාලතම විල වේ. කෙතරම් විශාලද යනු[FONT=&quot], [/FONT]එයට අනෙක් විල් සතරම ඇතුල් කල හැකි අතර[FONT=&quot], [/FONT]ඊට අමතරව[FONT=&quot], [/FONT]ඊරි විල මෙන් තුන් ගුණයක විශාලප්‍රදේශයක්ද ඇතුල් කල හැක.

    [FONT=&quot]Photograph/ [/FONT][FONT=&quot]ඡායාරූපය[/FONT][FONT=&quot]: Wikipedia Contributors, ‘The area of each rectangle is proportionate to the volume of each lake’, in Wikipedia The Free Encyclopedia, viewed on 15 October 2010, < http://upload.wikimedia.org/wikipedia/en/timeline/0be19ad6be5cea3067ae6d7886e0d35a.png>[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    පංච මහා විල් මීට වසර [FONT=&quot]10000 [/FONT]කට පෙර අවසන් හිම යුගයේ නිර්මාණය වූ බව පැවසේ. ඉන් පෙර විල් සහිතප්‍රදේශය[FONT=&quot], [/FONT]ලොරෙන්ෂියානු හිම තලාව මඟින් ආවරණය වී පැවතිණි. මෙම හිම තලාව වසර [FONT=&quot]95,000- 20000 [/FONT]කට පෙර කාලයේ කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ (උතුරු) විශාල කොටසක් ආවරණය කරගෙන සිටි මහා අයිස් තලාවකි. වසර [FONT=&quot]14,000[/FONT]කට පෙර අයිස් තලාව දිය වීමට පටන් ගෙන වසර [FONT=&quot]4000[/FONT]කට පෙර සම්පූර්ණයෙන් දියවූ අයිස් තලාවේ ජලයෙන්[FONT=&quot],[/FONT]පංච මහාවිල්ද්‍රෝණි පිරුණි. අසමානවූ ග්ලැසියර ඛාදනය හේතුවෙන්[FONT=&quot], [/FONT]තරමක් උස් කඳු ගැට විල් මධ්‍යයෙහි දූපත් ආකාරයෙන් නිර්මාණය වුණි. විල්ද්‍රෝණි මෘදු වැලි ගල් සහ ශල්ක සංයුතියෙන් සුසැදිය.


    සුපීරියර් විලෙන් ආරම්භවී එහි ජලය[FONT=&quot], [/FONT]විල් අතර පිහිටි ජල මාර්ග ඔස්සේහ්‍යුරන් සහ මිචිගන් විල් තුලටත්[FONT=&quot], [/FONT]ඒවායේ ජලය ඊරි විලටත් ගලා යයි[FONT=&quot], [/FONT]ඊරි විලෙහි ජලය කිලෝ මීටර [FONT=&quot]35[/FONT]ක් දුර ගෙවා ගොස්[FONT=&quot], [/FONT]නයගරා දිය ඇල්ල නිර්මාණය කරමින්[FONT=&quot], [/FONT]ඔන්ටේරියෝ විලට එක්වේ. ඔන්ටේරියෝ විලෙහි ජලය ශාන්ත ලෝරන්ස් ගංගාවට එක්වී අවසන කිලෝ මීටර [FONT=&quot]1600[/FONT]ක දුරක් ගෙවා ශාන්ත ලෝරන්ස් මෝයෙන් අත්ලන්තික් මහා සාගරයට එක් වේ.
    tsKcFJk.png

    Photograph/ [FONT=&quot]ඡායාරූපය[/FONT]: Wikipedia Contributors, ‘Great Lakes: System Profile’, in Wikipedia The Free Encyclopedia, viewed on 15 October 2010, < http://en.wikipedia.org/wiki/File:Great_Lakes_2.PNG>


    පංච මහා විල් සහිත වටපිටාව අපූරු භූ නිර්මාණවලින් සුසැදිය. වෙරළාශ්‍රිත වගුරුබිම්[FONT=&quot], [/FONT]ගල් සහිත වෙරළ තීර[FONT=&quot], [/FONT]මහා තැනි තලා[FONT=&quot], [/FONT]සැවනා බිම් (ගස් නොමැති තැනි තලාප්‍රදේශයක්)[FONT=&quot], [/FONT]කැලෑ සහ තෙත් බිම්වලින් ගහනය.හ්‍යුරන් සහ මිචිගන් විල් මත පමණක් දූපත් [FONT=&quot]30,000[/FONT]කට ආසන්නප්‍රමාණයක් ඇත.


    විල් තුල වර්ග [FONT=&quot]180[/FONT]කට ආසන්න මත්ස්‍යයින් සංඛ්‍යාවක් ජීවත් වේ. [FONT=&quot]Bass, Nothern pike, lake herring ([/FONT]විල්හි ජීවත්වන හුරුළු විශේෂයක්)[FONT=&quot], whitefish, walleye, [/FONT]ට්‍රවුට් යන මසුන් වර්ග. ඊරි විල වඩාත් උණුසුම් ජලය ඇති විල වන අතර[FONT=&quot], [/FONT]ජීව විද්‍යාත්මක අතින් අනෙක් විල්වලට වඩා ඉදිරියෙන් සිටී. විල් අවට කොළ පැහැයෙන් දිදුලන වනාන්තර[FONT=&quot], [/FONT]විවිධාකාර ජීවීන්ගේ නිවහන වේ. සුදු වලිගැති මුවා[FONT=&quot], [/FONT]බීවර්[FONT=&quot], [/FONT]හික්මීයන්[FONT=&quot], [/FONT]මුගටි[FONT=&quot], [/FONT]නරි[FONT=&quot], [/FONT]කළු වලසා[FONT=&quot], [/FONT]බොබ්කැට්[FONT=&quot], [/FONT]වෘකයින් සහ ගෝනුන් බහුල වේ.


    විලට මායිම්ව ඇති එක්සත් ඇමරිකා ජනපද අටක (මිනසෝටා[FONT=&quot], [/FONT]විස්කොන්සින්[FONT=&quot], [/FONT]ඉලිනොයිස්[FONT=&quot], [/FONT]ඉන්දියානා[FONT=&quot], [/FONT]මිචිගන්[FONT=&quot], [/FONT]ඕහියෝ[FONT=&quot], [/FONT]නිව්යෝක් සහ පෙනිසිල්වේනියා) සහ කැනඩාවේ ඔන්ටේරියෝ ජනපදයේ මිනිසුන් මිලියන [FONT=&quot]30[/FONT]ක් පමණ විල්හි වෙරළාශ්‍රිතව ජීවත් වේ.
    Photograph/ [FONT=&quot]ඡායාරූපය[/FONT]: Glin, ‘Great Lakes: On the map’, in Great-Lakes.net, viewed on 15 October 2010, < http://www.great-lakes.net/teach/chat/answers/graphics/greatlakesmap.gif>

    http://ishaninarahenpita.blogspot.com/2010/10/16.html
     
    Last edited:
    • Like
    Reactions: dina84

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    මනරම් දසුන් මවන පංච මහා විල්


    පෘථිවියේ සාමාන්‍ය පිහිටීම යටතේ සාගර පවතින්නේ ගොඩබිම් වටකර ගනිමිනි. ප්‍රමාණයෙන් මහා සාගර තරම් විශාල නොවන්නා වූ මුහුදු නමින් හඳුන්වන කරදිය දහරා ද සාගර ජලය හා එක්ව පවතී. ඇතැම් අවස්ථාවලදී ගොඩබිම වට කොට ගනිමින් භූ තලය මත පිහිටන ‘මුහුද’ ද පවතී. ඒවා මේ පෘථිවි තලය මත එතරම් දුර්ලභ නැත. එහෙත් ගොඩබිමෙන් වටවූ සාගරයක් පවතී යැයි විශ්වාස කළ හැකි ද? එහෙත් සැබෑව වන්නේ එවැනි වූ මහා ජල කඳක් මේ පෘථිවි තලය මත පැවතීමයි.
    ගුවනේ සිට බැලු විට මේ මහා ජල කඳ සහිත ප්‍රදේශය දිස් වන්නේ පෙති පහක මලක් විලසිනි. මේ ජලමය පුෂ්පයේ පෙති පහ වෙනම නම් පහකින් හඳුන්වනු ලැබේ. සුපීරියර්, මිචිගන්, හියුරන්, ඊරි, ඔන්ටාරියෝ යන එම පෙති පහට දී ඇති නම් පහයි. තවත් ලෙසකින් කියන්නේ නම් ඇමෙරිකා සහ කැනඩා දේශ සීමාවේ පිහිටි ලෝක ප්‍රසිද්ධ විල් පහයි. විල යයි කී විට ශ්‍රී ලංකාවේ අපගේ සිතේ ඇඳෙන්නේ පස් පියුමින් සුසැදි මනරම් වතුර කඩකි.
    එහෙත් මේ පංච මහා විල් නම් එසේ නොවේ. ඒවා කොතරම් සුවිශාල ද යත් අභ්‍යවකාශයේ සිට බැලුව ද පෘථිවිය මත ඇති මේ මහා ජල තටාක පැහැදිලිව හඳුනා ගත හැකිය. මේ පංච මහා විල් පෘථිවි තලය මත වැඩිම මිරිදිය ප්‍රමාණයක් එක්ව ඇති ජලාශ පන්තිය ලෙසින් ද වාර්තා පොත්වලට එක්ව පවතී. මේ ප්‍රදේශයේ ජලයෙන් යට වී ඇති ප්‍රමාණය වර්ග කිලෝමීටර් 208,610 කි. භූමි ප්‍රමාණය අනුව සලකා බැලුවහොත් එය අති විශාල ප්‍රදේශයකි.
    එබැවින්ම උතුරු ඇමෙරිකාවේ ජනතාව තම රටට අයත් විල් වල ඉවුරු ප්‍රදේශ උතුරු වෙරළ හෝ තුන්වැනි වෙරළ යනුවෙන් ද හඳුන්වති. මිරිදිය හේතුවෙන්ම මේ විල් අවට මැවී ඇත්තේ අති සුන්දර පාරිසරික කලාපයකි.
    පංච මහා විල් මේ පෘථිවි තලය මත කොතරම් මනරම් දර්ශනයක් මවන්නේ ද යත් ඒවායෙන් හාත්පස් පරිසරයේ මැවෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ලෝකයේ බලවත් රටවල් දෙකක් වන කැනඩාව සහ ඇමෙරිකාව බෙදා වෙන් කරන දේශසීමාව ලෙස ක්‍රියා කරන්නේ ද මේ අති විශාල විල් ය. එක දිගට කිලෝමීටර් දහස් ගණනක් පැතිර යන විල් මතින් දිවෙන දේශ සීමාව නැඟෙනහිර දිශාවේදී ලෝකයේ වඩා පුළුල්ම දිය ඇල්ල වන නයඟරාව මතින් ද ඇදී යයි.
    ah1007182-2.jpg
    ගුවනට පෙනෙන පංච මහා විල්
    නයඟරා දිය ඇල්ල ද සොබා දහමේ අති විශිෂ්ටතම නිර්මාණයකි. දිය ඇලි සාදමින් ගලා යන ගංගා පහක් ප්‍රධාන වශයෙන් ම මෙම විල් එකිනෙක සම්බන්ධ කිරීම ද, පෝෂණය කිරීම ද කරයි. ශාන්ත මාරිස් ගංගාව හියුරන් විල සහ සුපීරියර් විල එකට සම්බන්ධ කරයි. ශාන්ත ක්ලෙයාර් ගංගාව හියුරන් විල සහ ප්‍රධාන විල් පහ ආශි‍්‍රතව ඇති ප්‍රමාණයෙන් තරමක් කුඩා වන ශාන්ත ක්ලෙයාර් විල සම්බන්ධ කරයි.
    ඩෙට්රොයිට් ගංගාව ශාන්ත ක්ලෙයාර් විල සහ ඊරි විල සම්බන්ධ කරන්නේ හරියටම ඇමෙරිකා සහ කැනඩා දේශසීමාවේ හරි මැද සිටිමිනි. නයඟරා ගඟ ගලාවිත් නයඟරා දිය ඇල්ල බවට පත් වී ඊරි විල සමග ඔන්ටාරියෝ විල එකිනෙක සම්බන්ධ කරයි. ශාන්ත ලෝරන්ස් නදිය ඔන්ටාරියෝ විල අත්ලාන්තික සාගරය සමග යා කරයි.
    කැනඩාව වසරේ වැඩි කලක් හිම තලාවෙන් වැසී ඇති අති සුන්දර රටකි. එහි දකුණු ප්‍රදේශයේ ජනාවාස වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. ශීත සෘතුවේදී මුළු රටම අහසින් පතිත වන හිමෙන් වැසී යයි. එම කාලයේදී පංච මහා විල් අතරින් වැඩි ප්‍රදේශයක ජලය මිදී එකම හිම යායක් බවට පත් වේ. ශීත සෘතුව අවසාන වූ විට එළඹෙන්නේ සාගරයක් බඳු ජල තලය ඉවුරේ ගැටී නංවන හඬින් නිම්නාද දෙන සහ ඇසට පි‍්‍රය දර්ශන සහිත භූ තලාවකි.
    මේ ප්‍රදේශයට මෙතරම් සුන්දරත්වයක් එක් කරන්නේ අන් කිසිවක් නොව මහා විල් පහයි. මේ විල් මවන දර්ශනය අත්‍යලංකාර කිරීමට ඒවායේ ඇති දූපත් ලබා දෙන්නේ උපරීම සහායකි. ගණනය කර ඇති අන්දමට මේ විල් පහට අයත් භූමි ප්‍රදේශයේ පිහිටා ඇති දූපත් සංඛ්‍යාව 35000 ක් වේ. ඒ අතරින් විශාලතම දූපත වන්නේ මැනිටොලින් නම් වන දූපතයි. මහා ගොඩබිමක පිහිටා ඇති, විශාල විලක් මැද පිහිටා ඇති මේ මැනිටොලින් දූපත ද විශාලත්වයෙන් සාමාන්‍ය දූපතක් ඉක්මවා සිටී.
    ඒ කොතරම් ද කිවහොත් මැනිටොලින් දූපත අභ්‍යන්තරයේ පිරිසිදු මිරිදිය සහිත තරමක් විශාල විලක් ද පිහිටා තිබේ. එය හැඳින්වෙන්නේ මැනිටෝ විල යනුවෙනි. මේ අසාමාන්‍ය පිහිටීම හේතුවෙන්ම මැනිටෝ විල ගිනස් වාර්තා පොතට ද එක් වී ඇත.
    සුන්දරත්වය අතරින් කිසිවකට නොදෙවෙනි වෙමින් මිනිසාගේ නෙත සිත පිනවන්නා සේම පංච මහා විල් මිරිදිය ජලාශ ලෙස ඉතා ප්‍රයෝජන ද වේ. පෘථිවි තලය මත ඇති මිරිදිය ජලය ප්‍රමාණයෙන් සියයට විස්සක් මේ ජලාශ සතු කරගෙන සිටී. එමෙන්ම තමන් දෙපස පිහිටා තිබෙන විශාල රටවල් දෙකේ පානීය ජල අවශ්‍යතාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට ද මේ මහා විල්වලට හැකියාව ලැබී තිබේ.
    මේ විල් හරහා ගමන් ගන්නා යෝධ නැව් භාණ්ඩ ප්‍රවාහනයේ බැරැරුම් වගකීම් රැසක් ඉටු කරයි. විල් හරහා දිවෙන ගංගා ඔස්සේ වැටී ඇති නැව් මාර්ග ඒ ඔස්සේම අත්ලාන්තික් සාගරය සමඟ ද සම්බන්ධ වේ.
    ah1007182-1.jpg
    නයඟරා දිය ඇල්ල
    මෙලෙස මිනිස් වර්ගයාට කොතරම් ප්‍රයෝජනවත් වුවද මිනිසා ගේ ඛ්2යාකාරකම් හේතුවෙන්ම පංච මහා විල් ජල දූෂණය සම්බන්ධව උග්‍ර ගැටළුවකට ද මුහුණ පා සිටී. ගමන් ගන්නා නැව් හේතුවෙන් මෙන්ම විල් අවට ඉදි වී ඇති කර්මාන්ත ශාලා හේතුවෙන් ද සොබා දහමේ මේ අපූරු නිර්මාණයන් විනාශ වෙමින් පවතී. ඇමෙරිකා කැනඩා දෙරට එක්ව ද්වී පාර්ශ්වික ගිවිසුමක් අස්සන් තබමින් විල්වලජලය ආරක්ෂාවට කටයුතු යොදා තිබේ.
    එහෙත් පරිසර විද්‍යාඥයන් පවසන්නේ දිනෙන් දින ජලය අපවිත්‍ර වීම වැඩි වෙමින් පවතින බවයි. මෙලෙස විල් විනාශ වීම ඇමෙරිකා - කැනඩා දෙරටට පමණක් නොව සමස්ත ලෝකයේම කාලගුණික තත්ත්වයන්ට බලපෑම් සිදු කරන බව පරිසර විද්‍යාඥයෝ වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
    ශීත සමයේදී කැටිව ගුලි ගැසෙන මේ මහා විල් උණුසුම් සෘතුවලදී පරිසරයේ උෂ්ණය උරා ගෙන සිසිලස දසත බෙදා හරියි. රත් පැහැ ගත් මේපල් කොළ ඇතිරිල්ලක් මෙන් බිම වසා වැටී ඇති සුන්දර පරිසරයක හෝ හඬ නඟන නයඟරාව මැදි කර ගනිමින් ඇසට හසුවන ඉම වසා පැතිරෙන මහා විල් තරම් චමත්කාර දසුනක් ලොව තවත් නැතැයි සිතෙන තරම්ය. මිනිස් ක්‍රියාකාරකම් කොතරම් දියුණු වුවද ඒවා අයහපතට නොව යහපත වෙනුවෙන් යොදා ගැනීමට මිනිසා බුද්ධිමත් විය යුතුය.
    එබැවින්ම පස් පෙති මලක් වැනි මේ සුන්දර විල් පහ අනාගතයට ද සුරැකීම මිනිසාගේ පරම යුතුකමක් ලෙස සැලකීම අත්‍යවශ්‍යය.


    ටිරෝනි වෑවලගේ

    http://www.silumina.lk/2010/07/18/_art.asp?fn=ah1007181
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    25,559
    1,074
    113
    අසා බොහොම ස්තූතියි මචන් අපිට දකින්න නොලැබෙන දේවල් මෙහෙම බෙදාගන්නවට...:D:D

    මෙහෙ ආවම අනීවා සෙට්වෙමු.:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    අසා බොහොම ස්තූතියි මචන් අපිට දකින්න නොලැබෙන දේවල් මෙහෙම බෙදාගන්නවට...:D:D

    මෙහෙ ආවම අනීවා සෙට්වෙමු.:yes:
    :love:thanks machan
    මම ඇවිත් ඉන්නෙ... මට නම්බර් එකක් පී ඇම් කරපන් :cool: