ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බැවින් රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබන වැටුප් නොවන සියලූ සියළු පුනරාවර්තන වියදම් කපා දමන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර විසින් සියලූ අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.
පසුගිය 11 වැනි දින මුදල් අමාත්‍යංහයේදී පැවති සාතච්චාවකදී මේ බව දැනුම් දී ඇති අතර දැඩි මුල්‍ය අර්බුදය හේතුවෙන් කල හැක්කේ වැටුප් ගෙවීම පමණක් බැවින් පුනරාවර්තන වියදම් ලෙස නවැය කරනු ලබන අතිකාල දීමනා, බටා, ඉන්ධන දීමනා වැනි අනෙකුත් සියලූ දීමනා කපා දමන්නැයි දැනුම් දී ඇත.
මෙසේ උපදෙස් දීමට හේතු වී ඇත්තේ ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ එදිනෙදෙ රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන ගිණුම්වල ණය අත්තිකාරම් මුදල මේ වන විට රුපියල් බිලියන 200කට ආසන්න වී ඇති තත්වය තුලය.
ඉහත අදාල ගිණුම්වල ණය අත්තිකාරම් මුදල පසුගිය වසර ගණනාව තුල රුපියල් බිලියන 60 ඉක්මවා ගොස් නැති අතර අලූත් ණය තත්වය පිළිබඳව බැංකු දෙකේ ප‍්‍රධානීන්ද දැඩි ලෙස කලබල වී ඇතැයි පැවසේ.
source: LCN