GU N P GON BADU WESA MAYAM

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මානව සංහතියේ සිදුනොවිය යුතු සිද්ධියක් අපට අද (07) ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

    ඒ, ජීවිතය ආරක්ෂා කරගැනීමට ලබාදෙන කොවිඩ් එන්නත වෙනත් පුද්ගලයින් විසින් උදුරා ගැනීමකි.

    මේ සමාජ අසාධාරණය දැනගත් වහාම අද දෙරණ 'උකුස්සා' ගාල්ලට යන්නේ ඔබ වෙනුවෙන් වූ ඒ මාධ්‍ය වගකීම ඉටුකිරීම සඳහාය.

    අද දෙරණ 'උකුස්සා' දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත ළඟා විය.

    ඒ අද උදෑසන 6.45 සිට කොවිඩ් මර්දන එන්නත අයථා ලෙස ලබා දෙන බවට ලද තොරතුරක් පදනම් කරගනිමිනි.

    අප එහි යන විටත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අසල ගාල්ල මාතර මහා මාර්ගයේ වාහන විශාල සංඛ්‍යාවක් නවතා තිබුණි.

    ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ අංක තහඩු සහිත වාහනවීම 'උකුස්සා'ගේ සැකය තවදුරටත් වැඩි කළේය.

    අප වාර්තාකරුවන් ගණන් බැලූ ආකාරයට බස්නාහිර පළාතේ වාහන 100කට වැඩි ප්‍රමාණයක් මෙහි පැමිණ තිබුණේ එන්නත් ලබාගැනීමේ අරමුණින්ය.

    සංචරණ සීමා පවතින දිනයක බස්නාහිර පළාතේ පුද්ගලයින් මෙලෙස දකුණු පළාතට පැමිණීම විමතියට කරුණකි.

    ඔවුන් මෙලෙස පළාත් සහ දිස්ත්‍රික් මායිම් අතර ගමන් කර ඇත්තේ, කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට බව පවසමිනි.

    දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ගාල්ලේ ප්‍රදේශවාසීන්ට නොහැකි වෙද්දී, කොළඹින් පැමිණි පිරිසකට එන්නත ලබාගැනීමට හැකිවීම එන්නත්කරණ ව්‍යාපෘතියට එල්ල කරන ලද දරුණු පහරකි.

    එපමණක් නොව මිනිස් ජීවිත රකින කොවිඩ් එන්නත් මෙලෙස උදුරාගෙන තවත් පුද්ගලයෙකුට ලබාදීම බරපතළ තත්ත්වයකි.

    එවැනි දරුණු ක්‍රියාවක නිරත වූ දකුණේ සෞඛ්‍ය නිලධාරියා කවුරුන්දැයි සොයාබැලීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුවේ.

    මානව සංහතියේ සිදුනොවිය යුතු මෙවැනි සමාජ අසාධාරණකම් පිළිබඳව තවදුරටත් සොයාබයැලීමට අද දෙරණ 'උකුස්සා' ඉදිරියේදීත් සූදානමින් සිටී.

    @erozan @N A K A M U R A @nicjosh83
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    office PC eka use karana nisa vdo eka mata danna vidiyak ne ban. sorry

    ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන් කොරෝනා එන්නත්කරණ ජාතික වැඩපිළිවෙලට සාකච්චා…

    me sakachcha wela galle waladi karala thiyenne oka thamai


    ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන් කොරෝනා එන්නත්කරණ ජාතික වැඩපිළිවෙලට සාකච්චා…

    ------ Post added on Jun 8, 2021 at 6:29 AM