Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගොඩක් දවසකින් සින්දුවක් දාන්නත් බැරි වුනානෙ.ඔන්න චන්දන ලියනාරච්චි මහත්මාගේ ලස්සන ගීතයක්,ඔයාල කැමති වෙයි කියලා හිතෙනවා

    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුළින් දෙනෙත වසා
    සඳ සාවිය සැගවුනා රැයේ
    හඩන සිතක් ළඟට වෙලා
    සිහින දෙවුදුවක් හිටියා
    සඳ මල් පරවුනා ඒ රැයේ

    Sandata+adarei+Kiyala+Chords.png
     
    Last edited:

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    පොල් රුප්පාවේ Chords

    පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්

    ගී පද තනු නිර්මාණය - විශාරද නිහාල් ගම්හේවා
    ගායනය - චන්දන ලියනආරච්චි
    Pol+Ruppawe+Chords.png

    මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, සෝමසිරි, ප්‍රින්ස්‌ උදය ඇතුළු යොවුන් ගී කණ්‌ඩායමට කාලාන්තරයක්‌ තිස්‌සේ ගී ලියූ ශිල්පියා.

    ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක්‌ මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක්‌ ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක්‌ කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක්‌ මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක්‌ ලියලා චන්දනට දුන්නා.

    කාලයක්‌ ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක්‌ කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක්‌ කළා.

    රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
    සවනේ වැකුණේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌ දෝ බැදුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක්‌ අඳෝනාවක්‌ වගේ. කිසිම කන්කළු බවක්‌ දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක්‌ ගීයක්‌ විලසින්.

    මේ ගීය මධ්‍යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්‍රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක්‌ ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක්‌ දැනෙන්න තිබුණා.

    ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස්‌ වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා.

    චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක්‌ තිබෙන ගායකයෙක්‌. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්‌බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා.

    Source : Divaina 2011/03/06
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    maxxa song eka machan
    mama asama ekak
    eth gahanna thawa guitar eke igena ganna one
    thanks alot bro
    :sorry:
    +rep

    පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්

    ගී පද තනු නිර්මාණය - විශාරද නිහාල් ගම්හේවා
    ගායනය - චන්දන ලියනආරච්චි
    Pol+Ruppawe+Chords.png
    ගම ලස්‌සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය... කඳුවැටි.... නීල ගොයම.... ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක්‌ තියෙනවා. ඒ ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.

    ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය... ගැහැනු පිරිමි වෙනසක්‌ නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.

    පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළගේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    මේ තරුණයාට ළමා කාලය සිහිපත් වෙනවා. පුංචි කාලේ ඇය සමග පොල්රුප්පාවේ දඟකරමින් සෙල්ලම් කළ හැටි ළමා සිත කෙමෙන් කෙමෙන් මෝරා වැඩෙද්දී ඇය කෙරෙහි උපන් සෙනෙහස ආදරයකට හැරෙනවා. ඒත් ඒ බව ඇය දන්නේ නැහැ. ඇයට නම් ඔහු කෙරෙහි තිබෙන්නේ එදා වගේම සහෝදර ප්‍රේමයක්‌. ඇය වෙනකකු සමග දීගෙක යන වෙලාවේ ඔහුට අතීතය සිහිපත් වෙනවා. ඇය යන්නේ මා අමතක කර දමලා..... ඈ කෙරෙහි මෙතෙක්‌ මා සිතෙහි තිබූ බැඳීම මායාවක්‌ද......? මගේ හදවතේ උපන් ආදර පැතුම් ගිනිගන්නවා වගේ.