අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ..
මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.
- සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද?
- chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ?

