Hacking ගැන මුල සිටම....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    ඇපල් සමාගමේ ස්ටීව් ජොබ් මහත්තයත් මුලින්ම කරලා තියෙන්නේ හැකින් වැඩ..
    ඉතින් පසු කාලේ ඔහු ජනප්‍රිය ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වුනා.. හැබැයි අපි කාගේ හරි පරිගණකයකට මොනා හරි කලොත් නම් කෙලින්ම ඇතුලේ..
    මොකද පරිගනක අපරාධයක් නිසා..


    ඔන්න ඔහෝම වුනත් වර්තමානයේ හැකින් කි‍යන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක්...
    මාතෘකාවේ වගේම මේ කියන්න යන්නේ හැකින් ගැන මුල ඉදලම උගන්වන්න.. හැබැයි ඉතින් කරන කියන විදිය නෙවේ! හැකින් ලෝකෙට ආපු විදියයයි ඒ කාලේ හිටිය ජනප්‍රිය වු හැකර්ස්ලා ගැන..


    පසුගිය අවුරුදු 40 කාලය තුලදී දුරකතනයේ සිට වෙබ් අඩවි දක්වා අද වන විට විවිධ වර්ගයේ හැකින් ප්‍රහාර එල්ල වෙනවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ..


    Hacker යන වචනයේ ප්‍රථම ආරම්භය1960 දී MIT හි ඉගෙනුම ලැබ පුහුණුව ලැබීම කල ශිෂ්‍යන්ගෙනි.. එසේ වුවත් 1970 දශකයේදී දියුණු වු දුරකතන ජාලවලට රිංගමින් ඒවායින් හොරෙන් ඇමතුම් ලබා ගැනීමෙන් මෙය වඩා ප්‍රසිද්ධ වීම ආරම්භ විය.


    ඔවුන් දුරකතන හැකර්කරුවන් හෙවත් Phreaks ලෙස හදුන්වයි. ඒ සදහා ප්‍රසිද්ධම හා මුල්ම පුද්ගලයා වුයේ Jhon Draper එසේත් නොමැතිනම් ඔහු හැදින්වන්නේ Cap’n Crunch ලෙසයි. ඒ සදහා ඔහු 1972 දී සෙල්ලම් ප්ලාස්ටික් නලාවක් වෙනස් කරමින් එයින් හර්ට්ස් 2600 ක සංඥාවක් නිපදවන ලෙස නැවත නිර්මානය කරමින් එය මගින් දුරකතයේ රිසිවරයට එය ඇසීමට සලසවමින් දුරකතන ජාලය තුලට ඇතුල් වී ඇමතුම් නොමිලේම ලබා ගනු ලබයි.
    Chamikawpblogspotcom2_zpsa4daf726.jpg



    ඔහු පසුව Blue box ලෙස උපාංගයක් ඒ සඳහා නිපදවන ලද අතර එහි එක් එක් අංක වෙනුවෙන් විවිධ ශබ්ද තරංග ඇතුලත් කර තිබුනි. ඉතා ඉක්මනින්ම එය නිර්මාණය පිලබඳ තොරතුරු Esquire නැමති සඟරාවේ “Secret of the little blue box “ නමින් පළකරන ලදි.


    Chamikawpblogspotcom1_zps91c93ed7.jpg

    ඉන් පසුව එය නිර්මානයට බොහෝ දෙනෙකු පිවිසුන අතර ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වු ස්ටීව් ජොබ්ස් හා සම නිර්මාතෘවරයකු වු ස්ටීව් වොස්නියැක් එය තව තවත් දියුණු කරමින් Blue box තම නිවසේදී නිර්මාණය කර ඩොලර් 150 කට එය අලෙවියෙත් නිරත විය.
    ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

    දුරකතන සමාගම් වලට සිදුවු පාඩු හේතුවෙන් 1976 දී අත්අඩංගුවට පත් වු Jhon Draper ට මාස 4 ක සිර දඩුවමක් විදීමට සිදු විය.


    1980 දශකයේ පරිගණකයේ දියුණුවත් පරිගණක කුඩා වීමත් සමග හැකර්කරුවන් පරිගණකය පිලිබඳව අවධානය යොමු කල අතර ඒ සඳහා එකල ඇරඹු BBSs හෙවත් Bulletin board Systems යොදා ගනිමින් ඔවුන් තොරතුරු ‍හා ක්‍රම ශිල්ප හුවමාරුව සිදුකරගන්නා ලදි.


    Chamikawpblogspotcom3_zps928d8038.jpg

    ඒවා අතර Sherwood Forest හා Catch 22 යන ඒවා ඉතාමත් ප්‍රසිද්ධ ඒවා විය. එලෙසම හැකින් කණ්ඩායම් ද බිහිවන්නට විය. මුල්ම ඒවා අතර ඇමරිකාවේ Legion of Doom
    ජර්මනියේ Chaos Computer Club ආදිය ඉදිරියෙන්ම විය.
    Chamikawpblogspotcom9_zpsd31a5720.jpg

    වර්තමානයේ Anonymous නම් වු හැකර් කණ්ඩායමේ ප්‍රසිද්ධම වු මුහුණු සලකුණ ගත්තේ කොහෙන්ද?


    1983 දී තිරගත වු War Games නැමැති චිත්‍රපටියත් සමඟ හැකින් යනු කුමක්ද යන්න පැහැදිලිව ලෝකයාට පෙන්වීමට සමත් විය. එය ලොව වටා හැකර්කරුවන් බිහිවීමට මහත් වු උනන්දුවක් ආශාවක් ලබාදීමට සමත් විය.


    Chamikawpblogspotcom4_zpsb6ea55dc.jpg

    චිත්‍රපටියේ සිටින තරුණයා පරිගණක ක්‍රිඩාවක් ක්‍රීඩාව නිපදවන පුද්ගලයාගේ පරිගණකයට ඇතුල් වීමට උත්සහතකිරීමේදී වැරදීමකින් ඔහු ඇතුල් වන්නේ ඇමරිකානු ආරක්ෂක අංශයක මිසයිල ක්‍රියාත්මක කරන්නා වු සුපිරි පරිගණක පද්ධතියකටයි...
    ඔහුට කුමක් වේවිද??වෙලාවක් තිබුනොත් බලන්න..


    එම චිත්‍රපටිය තිරගත වු වසරේදීම තරුණයන් 06 දෙනෙකු අත්අඩංගුවට පත් වුයේ පරිගණක 60 කට රහසෙන් ඇතුලුවීම වෙනුවෙනි.ඔවුන් න්‍යෂ්‍ටික අවි පිළීබඳ කටයුතු කරන Los Alamos විද්‍යාගාරයේ පරිගණක පද්ධතියට ද ඇතුල් වී තිබුනි.
    එම කණ්ඩායම 414 Gang ලෙස හදුන්වන ලදි.
    ඔබ “හැකින්“ ගැන දන්නවාද? හැබැයි භයානකයි!!Do you know "Hacking" ? ඇවිත් බලන්න..

    1984 දී 2600 නම් වු හැකින් කටයුතු හැකර් කරුවන් පිළීබඳ තොරතුරු ඉදිරිපත් කරන සඟරාවක් වෙළඳ පොලට ඉදිරිපත් කරන ලදි.එය එකල ඉතාමත් ජනප්‍රිය සඟරාවක් විය.


    Chamikawpblogspotcom10_zps3f1e2aa3.jpg

    පරිගණක සමඟ කෙරෙන අපරාධ වැඩිවීමත් සමඟම ඇමරිකානු පාර්ලිමේන්තුව ඒ සඳහා නිතී රීති හා පනත් නිර්මාණය කරන ලදි.එය (CFAA) හෙවත් Computer Fraud and Abuse Act ලෙස හැදින්විනි.
    1988 දී ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේ ප්‍රධාන විද්‍යාඥයකුගේ පුතකු වු ක්‍රොනේල් සරසවියේ ශිෂ්‍ය Robert T.Morris විසින් රජයේ ARPAnet ජාලයේ Unix විද්යුත් ලිපි පද්ධතියේ ක්‍රියා කරන ආකාරය පරික්ෂා කිරීමට ඔහු විසින් ලියන ලද මෘදුකාංගය ලොව පලමු Worm වර්ගයේ

    (Morris Worm) වෛරසයක් ලෙස ඉතිහාස ගත විය.

    Chamikawpblogspotcom6_zps24a745e2.jpg

    එය එම පද්ධතියට ඇතුලත් කිරීම නිසා පැය 12 යද්දී රජයේ ආයතන හා විශ්ව විද්‍යාලයන්හි පරිගණක 60000 වැඩි වු ජාලගත පරිගණක පද්ධතියම විනාශ වු අතර Robert T.Morris ව විශ්වවිද්‍යාලයෙන් පහකර ඩොලර් 10,000 ක දඩයක් හා අවුරුදු තුනක අත්හිටවු සිරදඩුවමක් ලබාදෙන ලදි.

    CFAA යටතේ දඩුවම් ලැබු පළමු පුද්ගලයා වුයේ ඔහුයි. වර්තමානයේත් හැකර්කරුවන් ඔහුගේ කෝඩ් යොදා ගන්නා බව පැවසේ.

    ඉක්මනට වැඩ ටික කර ගන්න K Computer එකක් ගමුද?

    හැකර් කටයුත්තක් පිලිබඳ ලොව පුරා ප්‍රසිද්ධම වුනු සිද්ධිය වුයේ ඇමරිකානු රජයේ පරිගණක පද්ධතියකට ඇතුල්වී එහි මෙහෙයුම් පද්ධතියක කෝඩ් සියල්ල රුසියානු KGB ඔත්තු සේවයට මුදලට ලබා දුන්නායි සැක පිට ජර්මනියේ Chaos Computer Club හි සැක කරන තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.


    එම වසරේම වෙනත් සිද්ධියකට අත්අඩංගුවට පත් වු The Mentor ලෙස තමන් හදුන්වා ගත් හැකර්කරුවකුගෙන් වර්තමානයේ හැකර්කරුවන්ගේ පාඨය පැමිණීයායි සැලකේ. එනම්
    “My Crime us that of Curiosity…I am a hacker,and this is my manifesto.You may stop this individual, but you can’t stop us all.”


    1990 වසරේදී හැකර් කරුවන් මර්ධනය සඳහා ඇමරිකානු බුද්ධි අංශ ඇරඹු Operation Sun devil මෙහෙයුම මගින් බොහෝමයක් හැකර්කරුවන් විවිධ වැරදි උදෙසා අත්අඩංගුවට ගන්නා ලදි.
    ඇමරිකාවේ ඇති බුද්ධි අංශ සියල්ල ගැන දැනගමුද? එහෙනම් මෙතනින් පුළුවන්...

    පුද්ගලයකු ලොස් ඇන්ජලීස් හි ප්‍රසිද්ධ KIIS Fmරේඩියෝ වැඩසටහනකින් 102 දුරකතන ඇමතුම වෙනුවෙන් ලබාදෙන Porsche 944 S2 කාරයක් හා ත්‍යාග මුදල ලබා ගැනීමත් හැකින් ඉතිහාසයේ එක්තරා සලකුණකි.Kevin Poulsen නම් වු ඔහුගේ පරිගණක රහස් නම වුයේ (Dark Dante ) ඒ සඳහා ඔහු රේඩියෝ ආයතනයට යන සියලු දුරකතන මාර්ග ක්‍රියාවිරහිත කොට ඇමතුම් තමන් විසින්ම ලබා දෙමින් එය ජයගෙන ඇත.


    Chamikawpblogspotcom7_zpsdb824a2b.jpg

    1991 අප්‍රේල් මස අත්අඩංගුවට පත් ඔහු 1996 සිරගෙයින් එලියට පැමිනි ඔහු වර්තමා‍නයේ දී නිදහස් මාධ්‍යවේදියකු ලෙස Wired සඟරාවට පරිගණක අපරාධ පිළිබඳ පුවත් වාර්තා ලබා දෙයි.

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    1995 දී පරිගණක හැකර්කරුවකු වු Kevin mitnick අත්අඩංගුවට පත් වුයේ ක්‍රෙඩිට් කාඩ් අංක 20,000 වැඩියෙන් සොරකම් කිරීමේ වරදට වු අතර අවුරුදු 5 සිරදඩුවම් නියම කරන ලදි. ඔහු ඇමරිකානු FBI ආයතනය විසින් අත්‍යවශ්‍යම අපරාධකරුවකු ලෙස නම් කරන ලද ප්‍රථම පරිගණක හැකර්කරුවායි.
    Chamikawpblogspotcom5_zpsee6c5ccb.jpg

    1976 පිරිසිදු කරන්නෙකු ලෙස පරිගණක සමාගමක රැකියාව කල ඔහු රාත්‍රියේ දී එම පරිගණක භාවිතයෙන් තම හැකියාවන් දියුණු කර ගත්තෙකු වන අතර යම් ජාලයකට ජංගම දුරකතනයක් සම්බන්ධ කරන්නේ කෙසේද හා එමගින් විවිධ ක්‍රියා කිරීමටත් වරක් මෝටරෝලා සමාගමේ දත්ත සොරකම් කිරීමත්, Motorola,Nokia,Fujitsu හා SunMicrosystem යන ආයතන වල පරිගණක පද්ධතිවලට ඇතුල් වී තිබුනි.


    සිරදඩුවමින් පසු ඔහුට කිසිදු ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් භාවිතය තහනම් කොට තිබුනු අතර 2001 දී Alias නැමැති TV කතාමාලාවේ කොටසකට රහස් පරික්ෂකයකු ලෙස ඔහු රගපාන අතර එහිදීද ඔහු භාවිතා කර ඇත්තේ ව්‍යාජ පරිගණකයකි.
    ඔහු පිළිබඳ පළවු පොතක් ද ඇත.
    එය Ghost in the Wires නම් වේ.
    Chamikawpblogspotcom8_zps50610edf.jpg

    තම රාජකාරීයෙන් පසුව තම රාජකාරී පරිගණකයෙන් ඇමරිකානු Citi නැමැති බැංකුවෙන් ඩොලර් මිලියන 10 අධීක මුදලක් ලොව පුරා බැංකු වල ගිණුම් වලට මාරුකර යවමින් වංචා කිරීම නිසා Vladimir Levin නැමැති පුද්ගලයා අත්අඩංගුවට පත් වු අතර ඔහු වංචා කල මුදලින් ඩො.400,000 නැවත ලබා ගෙන තිබුනි.


    1998 දී Cult of the dead Cow නැමැති හැකින් කණ්ඩායම විසින් Back Orifice නැමැති වැඩසටහනක් හදුන්වා දුන් අතර එය ඇතුල් කල වින්ඩොස් 95 හා 98 වර්ගයේ මෙහෙයුම් පද්ධති සහිත පරිගණක වෙනත් ස්ථානයක සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව එමගින් ලැබුනි. ඔවුන්ගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න..


    Chamikawpblogspotcom11_zps01bf5585.jpg



    ගල්ෆ් යුධ සමයේදී පෙන්ටගනයේ පරිගණක පද්ධතියට ඇතුල් වී එයින් මෘදුකාංග සොරකම් කරන ලදි. පරීක්ෂණ අවසන් වෙද්දී අත්අඩංගුවට පත් වුයේ ඇමරිකානු වයස 19 වු තරුණයන් දෙදෙනෙකි.
    The Analyzer ලෙස පෙනී සිටි Ehud Tenebaum අත්අඩංගුවට ගත් අතර වර්තමානයේ ඔහු පරිගණක සමාගමක ප්‍රධාන තාක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරයි.


    එදා අතීතයේ හැකර් කරුවන්ගේ තොරතුරු හා හැකින් හී අතීතය එසේ වෙද්දී වර්තමානය වෙද්දී ජනප්‍රිය හැකින් කණ්ඩායම් කීහිපයක්ම අලුත් ක්‍රම ශිල්ප සමඟම තවමත් ක්‍රියාත්මක වෙමින් සිටියි..

    ඒ පිලිබඳ මීට කලින් පළකල ලිපි පහලින් බලන්න පුළුවන්....


    බැලුවට කමක් නෑ කරන්න යන්නෙ නම් පරස්සෙමෙන් හොදද!!


    Face Book අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්වේද?...
    හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය

    ලොව කැළඹු ඉරානයෙන් එල්ල වු RQ 170 සයිබර් ප්‍රහාරය හා ගුගල් සිතියමෙන් හෙලිවන ඇමරිකානු යුධ රහස් -

    Hacker කෙනෙක් නම් මෙන්න හොදම අවස්ථාව...මේ සොයන්නේ ඔබයි!

    ඉහත තොරතුරු හා ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි. ඔබගේ අදහස් අනිවාර්යයෙන් පලකරලම යන්න..



    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]​
     
    Last edited:
    • Like
    Reactions: Gayan_BC

    Similar threads