ශ‍්‍රී ලංකා සිංහල හා දෙමළ ජාතිකයන්ට තමිල්නාඩුවේදී යුධ පුහුණුව
August 12, 2011 at 9:55 am | Lanka C News.
ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රහසිගත ප‍්‍රදේශයකදී මෙරට සිංහල හා දෙමළ ජාතිකයන් තුන්සියයකට ආසන්න පිරිසකට ස්ථාන තුනකදී සන්නද්ධ පුහුණුව ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ. සිංහල හා දෙමළ ජාතිකයන්ට වෙන් වෙන් වශයෙන් ස්ථාන තුනකදී ලබා දෙන මෙම පුහුණුවේ අරමුණ කුමක්දැයි මෙතෙක් හෙළි වී නැත. ඔවුන් කිසිදු සංවිධානයකට අයත්ද යන්න පිලිබඳවද මෙතෙක් හෙලි වී නැත.
මේ පිළිබඳව ශ‍්‍රී ලංකා බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් පසුගියදා ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියද තමිල්නාඩුවට පැමිණ එහි මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හමුවී පැවසුවේ ඇමරිකාව සෘජුවම තමිල්නාඩුවට සහයෝගය දීමට කටයුතු කරන බවයි. ඒ අනුව ආයෝජකයන්ටද තමිල්නාඩුවේ අවස්ථාව ලබා දෙන බව මහ ඇමතිනිය පැවසුවාය.
1978-1981 කාලයේදී උතුරු සහ නැගෙනහිර දෙමළ සන්නද්ධ කණ්ඩායම් 63ක් ඇති කර ඔවුන්ට අවි පුහුණුව ලබාදීමට ඉන්දියාව කටයුතු කලේය.
දැනට අවි පුහුණු වන්නන්ගෙන් කොටසක් මුහුදු මාර්ගයෙන් රට තුලට ඇතුළු වීමට සැරසෙන බට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මේ සඳහා ආසියාවේ ප‍්‍රබල රාජ්‍යයක බුද්ධි අංශයක් සිටින බවත් ඔවුන් ඒ සඳහා සියළු යටිතල පහසුකම් ලබා දෙන බවටත් තොරතුරු වාර්තා වී තිබේ
uputa ganma

Code:
http://lankacnews.com/sinhala/main-news/18961/
Last edited by a moderator: