බණ්ඩාරගම විශාල නිවසක කරගෙන ගිය නරකවැඩක් පොලීසිය අල්ලගනී – උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා
බණ්ඩාරගම බමුණුමුල්ල පැත්තේ ගෙදරක අනවසරයෙන් පවත්වාගෙන ගිය නිති විරෝධි ගව ඝාතකාගාරයක් අද අලූයම බණ්ඩාරගම පොලීසිය වැටලුවා.ඒ වෙලාවේ මේ නීතිවිරෝධී වැඩේට සම්බන්ධ සැකකරුවෝ තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තා.
බණ්ඩාරගම පොලිසියට ලැබුනු තොරතුරක් මත තමයි අද අලූයම මේ නිවස වැටලුවේ.
විශාල ගෙයක් ඉදිරිපිට කාලයක් තිස්සේ ඉදලා මේ ගව ඝාතකාගාරය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා කියලයි පොලීසිය කියන්නේ.මේ වැටලීම සිදුකරන වෙලාවේ ද ගවයෙකු ඝාතනය කර තිබුන අතර ඝාතනය කරන්න ගෙන්න ගනු ලැබු තවත් ගවයෙකු ද ඒ අසල බැඳ තියලා තියෙනවා.සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඒ ස්ථානයේම අත්අඩංගුවට ගත්තත් තවත් එක්කෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා..සැකකරුවන් අත්අඩංගුවට ගන්නවාත් එක්කම ඒ ගෙදර හිටපු වගේම එතනට ඇවිත් හිටපු කාන්තාවක් ඇතුලූ පිරිසක් ප‍්‍රකෝපකාරි විදිහට හැසිරුණා.ඒ එක්කම එතන ලොකු උණුසුම් තත්ත්වයක් හටගත්තා.
මේ අවස්ථාව වීඩියෝ කරපු පුද්ගලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඊට පස්සේ තත්ත්වය පාලනය කරන්න බණ්ඩාරගම පොලීසියේ අමතර කණ්ඩායමක්ද එ් ස්ථානයට කැඳවේවා.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු තිදෙනෙකු සහ ගව ඝාතකාගාරයේ තිබු උපකරණද පොලිස් භාරයට ගත් අතර සැකකරුවන් අද හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



