Happy Birth Day Wikipedia - වසර 11 ක් වයසට ගිය ලොවට දැනුම බෙදන විකිප&#

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Happy Birth Day Wikipedia - වසර 11 ක් වයසට ගිය ලොවට දැනුම බෙදන විකිප&a



    අන්තර්ජාලයේ නිතර ගැවසෙන වගේම තොරතුරු හොයන කෙනෙකුගෙන් විකිපීඩියාව ගැන දන්නවද ඇහුවොත් ඉතින් ඒ ලොකු විහිලුවක්... ‍ ;)

    මොකද මොන දේ සොයන්න ගියත් අපිට මුලින්ම බොහෝ විටම
    විකිපිඩියා වෙන් අප සොයන දේ ගැන සබැදීයන් පෙන්වන නිසා... :yes:
    දන්නවාද?? ;)
    මාතෘකාව වගේම මේ ජනවාරී 15 වෙනිදාට

    (2012 ජනවාරී 15) අවුරුදු 11 ක් වෙනවා... :shocked::shocked:

    Chamikawpblogspotcom8-11.jpg


    ජිම් වේල්ස් හා ලැරී සැන්ගර් විසින් ඉංග්‍රිසියට අලුත් වු විකිපීඩියා යන වචනයෙන් යුතු වෙබ් අඩවියක් නිර්මානය කර ආරම්භ කලේ
    2001 ජනවාරී 15 වෙනිදායි. :):)

    ජිම් වේල්ස්
    Chamikawpblogspotcom6-14.jpg


    Wiki - එකතුවී සාදන වෙබ් අඩවිය යන්න තේරුම් ගෙන දෙන
    (හවායි භාෂාවෙන් එය “ඉක්මන්“ලෙස දැක්වේ..)
    Encyclopedia හි අවසාන කොටස වු pedia කොටස යොදා ගනිමින් විකිපීඩියාව නිර්මාණය කරන ලදි.:eek:

    අන්තර්ජාලයේ පසුගිය දවසක අහම්බයෙන් දැක්ක ප්‍රවෘත්තියක් නිසා විකිපීඩියාව ගැන සොයලා බලන්න හිතුවා.. :yes:
    මේ ගැන දැන ගන්න කවුරුත් කැමති ඇති කියලා හිතනවා.. :D

    මොකද ? :) විකිපීඩියාව දැනගත්තට වෙන්නේ මොනාද? කවුද හැදුවෙ කියලා දන්නේ බොහෝ විටම ටික දෙනෙක් නිසා... ;)

    වෙනදා වගේම තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්...
    කියවලා බලලා අදහසක් දාලාම යන්න හොදද!! :D
    (*** සංඛ්‍යා අගයන් දිනෙන් දින වෙනස් වනවා ඇත..)

    Chamikawpblogspotcom7-15.jpg


    ලොව පුරා තොරතුරු, ලොව පුරා ඇති සෑම භාෂාවකින්ම ලොව පුරා ජනයාට නිදහසේ බෙදා දීම

    අරමුණ කරගත් විකිපිඩීයාව කිසිදු ලාභ ඉපැයීමකින් තොරව, කිසිදු දැන්වීම් ප්‍රචාරයකින් තොරව
    විකිමීඩියා පදනම

    Chamikawpblogspotcom5-19.jpg


    මගින් පවත්වන අතරම ස්වේච්ඡාවෙන් එකතු වු 100,000
    වැඩි පිරිසක් එකතුව පවත්වා ගෙන යනු ලබයි. :eek::eek:
    විකිමීඩියා පදනම ගැන දැනගන්න නම් මෙතනින් යන්න... :D

    මිලියන 20 ට වඩා වැඩි වු ලිපි අතරින් මිලියන 3.83 ක්ම ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර,
    ජර්මන් භාෂාවෙන් මිලියන 1.08 ද,
    ප්‍රංශ භාෂාවෙන් 958,000 ක්ද,
    ඉතාලි භාෂාවෙන් 697,000 ද,
    ස්පාඤ්ඤ භාෂාවෙන් 608,000 ලෙසද භාෂා පිලිවෙලින් වැඩිම ලිපි ඇතුලත්ව ඇත. :shocked::shocked:

    සිංහල භාෂාවෙන් ද විකිපීඩියාව තුල ලිපි ඇතුලත් වී ඇත... :D


    Chamikawpblogspotcom3-19.jpg


    2011 ජුනි මාසය වන විට භාෂා 282 කින් යුතු වු ලිපි විකිපිඩියාව තුල ඇතුලත්ව ඇත.තොරතුරු සපයන වෙබ් අඩවි අතර ලොව පෙරමුණේම සිටින විකිපිඩියාව “ Alexa” වෙබ් අඩවි වර්ගකරණයේ 06 ස්ථානයට පත්ව තිබුනි. :cool::cool:
    Chamikawpblogspotcom4-20.jpg


    දැනටමත් ලොව වටා වු මිලියන 470 ක පිරිසක් එය නරඹා ඇති අතරම සඳහන් වන ආකාරයට ඇමරිකාවෙන් පමණක් මිලියන 2.7 කට වැඩි පිරිසක් විකිපිඩියාව නරඹනු ලබයි. ;)

    ලිපි කියවන අතරම ඒවායේ නිවැරදි කිරීමක් හා තමන් සතු දැනුම ඒ තුලට එක් කිරීමටත් ඇති හැකියාව හා ඉඩ කඩ සලසා දීම විකිපිඩියාව තුල වු විශේෂත්වයයි. මෙහි සමාජිකයින්, “ Wikipedians “ ලෙස හදුන්වනු ලබයි. එවැනි විකිපිඩියා සංශෝධනය කිරීමක් කර තිබු අතර,
    වැරදි නිවැරදි කරන්නන් 69% ක්ද,
    දැනුම බෙදා ගැනීමට 73% ක්ද,
    උපාධි හිමි පුද්ගලයන් 19% ක්ද,
    4.4% වු ප්‍රශ්චාත් උපාධීධාරීන් වන අතර ඒ අතරින් 13% ක්ම පිරිසක් කාන්තාවන් වේ. :cool::cool:

    විකිපීඩියාවට ලිපි ඇතුලත් කරන්නන් හා විවිධ භාෂා වලින් ඇති ලිපි ගණන බලන්න මෙතනින් යන්න... :D

    විකිපිඩියාවේ ඇතුලත් කරනු ලබන තොරතුරු හා ලිපි පරීක්ෂා කර බැලීමට කෙනෙකු පත් කර නොමැති අතරම ඒ ඇතුලත් කරන්නා වු ලිපි සඳහා යම් නීති කිහිපයක් පනවා ඇත. :eek:

    එනම් යුධ ගැටුම් වලට මුල් නොවන, මැදිහත් හා විශ්වාසදායි තොරතුරක් ලබා දීමට හැකි බව වන විශ්වාසය පමණකි. :yes:

    මිලියන 20ට වඩා වැඩි වු ලිපි ප්‍රමාණයක් සහිත විකිපීඩියාව මිනිස් ඉතිහාසයේ විශාලම දත්ත පද්ධතියයි.
    දන්නවද??? :eek:
    6.gif

    අවුරුද්දේ සෑම දිනකම වැදගත් කම විවිධ අංශ වලට අයත් වන ලෙස විකිපීඩියාවේ මුල් පිටුවේ සඳහන් කරයි.. :)
    ඇත්තටම අවුරුද්දේ 365 දවසේ විවිධ අංශ වලින් වු වැදගත් සිදුවීම් බලන්න නම් ගොඩාක් වැදගත්.. :yes::yes:
    ඒ ගැන බලන්න මෙතනින් යන්න...

    විකිපිඩියාව තුල Wikimedia Commons, Wikibooks,Wikitionary ආදි වු වැඩසටහන් 10 ක් පමණක් ක්‍රියාත්මක වේ.
    මේ තියෙන්නේ ඒවා හා ඒවායේ ලාංජන හා නම්...

    Chamikawpblogspotcom1-21.jpg


    ආ... තව දෙයක් :eek:
    “Sex “ යන්න විකිපිඩියාව තුල ඕනෑම භාෂාවකින් ජනප්‍රියම මාතෘකාව ලෙස ඉහලින් ම ඇත. එහෙත් ප්‍රංශ හා ඉතාලි භාෂාවෙන් එය එලෙස ජනප්‍රිය වී නැත. ;)
    විකිපීඩියාව සඳහා නිල ගීයක් ඇතැයි කිවහොත් නම් අනිවාර්යයෙන්ම ඔබ පුදුමයට පත් වනු ඇත.. :sorry:

    ම්.. මොකක්ද ඒ?? :shocked:
    ඒ තමා “The Eagle” නම් වු සංගීත කණ්ඩායමේ ජනප්‍රියම ගීතයක් වු “Hotel California” නැමති ගීතයේ පද වෙනස් කරමින් සාදන ලද ගීතයයි. එය විකිපීඩියාව සඳහා වු නිල ගීයයි.

    ඒ සඳහා ගීත ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබටත් පවතී..

    මේ තියෙන්නේ ඒ ගීතය... :cool:
    මෙතනින් යන්න... :D

    මෙච්චර දේවල් අපිට ලබාදෙන, අපි ලබාගන්න විකිපීඩියාවට දැන් ඇමරිකානු රජයෙන් දැන් තර්ජනයක් එල්ල වෙලා.... :eek:

    ඒ ඇමරිකානු රජය වෙබ් අඩවි සම්බන්ධයෙන් අලුත් නීතියක් සම්මත කිරීමට සැරසීමත් සමඟමයි.. :shocked:

    Online Piracy Act – In America ලෙස නම් වු එයින් සිදු කරන්නේ යම් වෙබ් අඩවියකට ඇතුලත් වී එහි දත්ත වෙනස් කිරීම, ඇතුලත් කිරීම තහනම් කිරීමයි. “ හැකර්කරුවන්“ මර්ධනය කිරීම මෙම පනතේ මුලික කරුණ වන අතර ඒ වෙනුවෙන් මෙය සම්මත කරන බව ඇමරිකානු රජය පවසයි. :)

    මෙම පනත මගින් පනවන නීතිය විකිපිඩියාවටද තදින් බලපාන බව එහි සම හිමිකරු ජිම් වේල්ස් පවසයි.. :eek:

    එමගින් තම වෙබ් අඩවියේ ලිපි ලේඛණ වෙනස් කිරීමටද එහි සමාජිකයින්ට නොහැකි වනු ඇත. :sorry::sorry:

    ඒ සඳහා විරෝධය පළකිරීමක් වශයෙන් හා පීඩනයක් ඇමරිකානු ආණ්ඩුව වෙත එල්ල කිරීම සඳහා වෙබ් අඩවිය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවත්, ජිම් වේල්ස් විසින් තමන්ගේ පෞද්ගලික විකිපීඩියා වෙබ් අඩවියට තව දුරටත් පවසා තිබුනේ “ ඉතාලි ආණ්ඩුවට වඩා තීරණාත්මක තත්වයෙන් මෙවර ඇමරිකානු ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට සැරසෙන බවත් පෙරට වඩා වැඩි උනන්දුවක් පිරිස් තුලින් මෙවර ලැබෙනු ඇති බවත්ය. :):)

    ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියට මෙතනින් යන්න... :D

    මීට මාස කිහිපයකට පෙර ඉතාලි රජය විසින් පැනවු මෙවැනිම ආකාරයේ නීතියකට විරෝධය පලකරමින් ඉතාලි විකිපිඩියාව නතර කර දැමීමට එහි පිරිස ක්‍රියාකල අතර පසුව ඉතාලි රජය විසින් ඔවුන්ගේ එම නීතිය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබුවා. :cool:

    මෑතක සිට විකිපිඩීයාවේ ඉහල තිබු දැන්වීමකට ඔබෙත් ඇහැ යන්න ඇති.. මෙන්න මේ වගේ එකක් ! මතකද??
    Chamikawpblogspotcom2-19.jpg


    මේකේ ඉන්නේ විකිමීඩියාවේ අධ්‍යක්ෂ සුයි ගාඩ්නර් ( Sue Gardner ) මහත්මියයි... :D

    විකිපීඩියාව සඳහා පරිත්‍යාග ලබා ගැනීමට තිබු එවැනි ඉල්ලීම් ඔබත් දක්න්නට ඇති. .. :yes::yes:

    2012/01/02 වන විට මිලියනයක් වු පිරිසකගේ පරිත්‍යාගයෙන් ඩොලර් මිලියන 20 මුදලක් ලබා ඇති අතර ඒ 2008 දි ලබා ගත් මුදල 4.5 ක් වු වාර්තා ගත මුදල පසු කරමිනි. :D
    එසේ ලැබෙන්නා වු මුදල් අලුත් සර්වර් මැෂින් සහ විකිපීඩියාව කර ගෙන යාමට අවශ්‍ය වන දෘඩාංග කොටස් ලබා ගැනීමටත් ජංගම දුරකතන මගින් නැරඹිය හැකි ආකාරයට වෙබ් අඩවිය සැකසීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව එම පදනම පවසයි. :cool::cool:

    මෙන්න මෙතනින් ගියොත් ඔබටත් ආධාර කරන්නට පුළුවන්....

    2008 දි කල විමසුමකට අනුව Encyclopedia Britannica, Dictionary of American History සහ American National Biography online වැනි වෙනත් තොරතුරු සපයන වෙබ් අඩවි අතරින් 80%ක් තරම් වු නිරවද්‍යතාවයෙන් යුතු ලිපි හා තොරතුරු විකිපිඩියාව තුලින් ඉදිරිපත් කරන බව දක්වා තිබුනි.. :cool::cool:

    ඒ නිසා ඇමරිකානු ආණ්ඩුව ගන්නා වු තිරණය නිසා, කවුරු මොන දේ දුන්නත් බොහෝ විටම ඉතා ඉක්මනින් අලුත්ම වු දත්ත ක්ෂනිකව වෙනස් වෙමින්, අපට අලුත්ම දත්ත දෙන විකිපීඩියාව වැනි අඩවියක් නම් නැවතුනොත් නම් ඒක ලෝක ජනතාවටම පාඩුවක්... :(:(

    දැනට ඉතින් ඒ ගැන බලා ඉන්නට තමා සිද්ධ වෙන්නේ... :yes::yes:

    විකිපීඩියාවේ ආරම්භය ගැන අදහස් දක්වන සම හිමිකරු ජිම් වේල්ස් මහතා... :D


    ලාභ ඉපැයීමකින් තොරව දැන්වීම් වලින් තොර ව ලොවට දැනුම බෙදන විකිපීඩියාවට මේ කරන්නාවු සමාජ සත්කාරයට අන්තර්ජාලය භාවිත කරන වගේම නොකරන අපි හැමෝම ගෞරව කල යුතුයි කියලයි මට නම් හිතෙන්නේ..... :yes::yes:

    විකිපිඩීයාවට සුභම සුභ වු 11 වැනි උපන්දිනයට "එලකිරි.කොම් වෙතින්"
    පිදෙන ආචාරයයි මේ...

    9.gif
    9.gif
    9.gif



    උපුටා ගත්තේ...මෙතනින්!!
    :cool::cool:
    Www.chamikawp.blogspot.com
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Hamadama oken gihin ratema nathi dewal hoyala hoya, ape Assignment goda dala dunnada kawda danne ada WIKI aiya'ge Birthday eka kiyala. Dannawa nam loku Cake gediyakwath aragena yanna tibba..... Ela thama chamika aiya.........
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් වැදගත් ලිපියක් මචන්.
    කොහොමත් විකිපීඩියා නැතුව නම් මට කිසිම දෙයක් කරගන්න බෑ. ඒකේ වැදගත්කම කියලා නිමකරන්න බෑ.
    රෙප් දුන්නා