HardDiskDrives වල Icon වෙනස් කරමු

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    HardDiskDrives වල Icon වෙනස් කරමු

    ඔන්න මං මේ දැන් ඉගෙන ගත්ත දෙයක්
    ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ...

    ඔයාලගෙ Hard Disk Drives වල Icon
    ඔයාලට කැමති විදිහට හදා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමා
    කියන්න යන්නේ..


    හැබැයි මේ ක්‍රමය windows7 වල විතරයි
    කරන්න පුලුවන්...


    Default
    97995118.jpg

    Changed
    90528708.jpg


    >>>>
    එකටම MS paint වලට ගිහින් 32x32
    ප්‍රමානයේ කොටුවක ඔයාල කැමති Icon එක
    design කර ගෙන, save as වලට
    ගිහින්, BMP තෝරා, File name එකට කැමති නමක් දීලා
    නමෙහි අගට .ico ලෙස ලබා දී save කරන්න..


    ඊලගට start menu එකට ගිහින්
    search box එකේ regedit ලෙස
    ලබා දී Enter කරන්න..


    දැන් වම් පැත්තෙ තියෙන HKEY_CURRENT_USER යන
    folder එක තෝරා
    එහි ඇති Software folder එකේ Classes folder එක open කරන්න..


    HKEY_CURRENT_USER\Software\Classes


    ඊලගට Classes folder එක ඇතුලෙ Applications කියල folder එකක් නැත්නම්..
    Classes folder එක උඩ right click කරලා
    New>>Key ලෙස ලබා දී.. folder name එක විදිහට "Applications" ලෙස ලබා දෙන්න..


    දැන් Applications folder එක ඇතුලෙ
    explorer.exe කියල folder එකක් හදන්න..
    (Applications folder එක උඩ right click කරලා New>>Key ලෙස ලබා දී..)


    ඊට පසු explorer.exe folder එක ඇතුලෙ
    Drives කියල folder එකක් හදන්න..


    ඊලගට Drives folder එක ඇතුලෙ
    ඔයාල Icon එක වෙනස් කරන්න කැමති ඩ්‍රයිව් එකේ නමින්
    අලුත් folder එකක් හදන්න..


    e.g C

    දැන් ඔයාල හදපු ඩ්‍රයිව් folder එක ඇතුලෙ
    DefaultIcon
    කියල folder එකක් හදන්න..


    ඔන්න දැන් folders ටික නම් හදා ගෙන ඉවරයි... :P

    ඊලගට DefaultIcon folder එක click කරල
    දකුණු පැත්තෙ තියෙන

    Default කියන එක උඩ duble click කරන්න..

    දැන් ඔයාලට ලැබෙන Box එකේ Value data එකට
    ඔයාල කලින් හදා ගත්තු Icon එකේ Path එක දීලා
    ok කරන්න..


    e.g C:\Users\ShutDown\Desktop\MyIcon.ico

    අන්තිමට registry editor එකත්
    close කරලා දාන්න..


    ඔන්න දැන් වැඩේ කරල ඉවරයි...
    My computer ගිහින්
    වැඩේ හරිද කියල බලන්න..
    :rofl:

    **දාපු Icon එක අයින් කරන්න ඔනී නම්
    Value data එකට දීපු පාත් ලින්ක් එක remove කරන්න..



    මගේ උපරිම උත්සහය දාල තේරුම් කරා..
    ඔක්කෝටම තේරෙන්න
    ඇති කියල හිතනව..:)

    ඔය උඩ තියෙන ක්‍රමය අමාරු අය මේ සොෆ්ට් එක බාගන්න..
    ඕනම OS එකක වැඩ..


    Download
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    software ekak thibuna ooka karanan eken oonama OS ekaka icon change karanna puluwan gemak nathuwa.