හෆ්ෆා... මෙතන ඉන්න මිනිස්සු හැරී පොටර් බලල නැද්ද ?
ඔන්න සහෝදරයො තුන් දෙනෙක් හිටියලු..
මුන් තුන් දෙනා ගමනක් ගියාලු..
යද්දි හම්බවුනාලු ගඟක්..
මේ තුන් දෙනා තමන්ගෙ වොන්ඩ්ස් දික් කල්ල පාලමක් මවාගත්ත..
ඕක දැක්ක ඩෙත්(මරණය)..
මුන් තුන් දෙනා ඉස්සරහ පෙනී හිටිය..
මේ ගඟෙන් එගොඩ වෙන්න ආපු හැමෝම මැරෙණව..
මේ තුන් දෙනා බේරුනා..
ඩෙත් කේන්තිය වහගෙන, මේ තුන් දෙනාගෙ උත්සාහය අගය කල්ල ඒ වෙනුවට ඉල්ලන දේවල් තුනක් දෙන්න පොරොන්දු වුනා..
පලවෙනි සහෝදරය ඉල්ලුව අනික් සියළූම වොන්ඩ්ස් අභිබවා යන්න පුළුවන් වොන්ඩ් එකක්..
ඩෙත් එතනම තිබ්බ ගහකිං ලීයක් අරගෙන ලෝකෙ බලවත්ම වොන්ඩ් එක හදල දුන්න.. (එල්ඩර් වොන්ඩ්)
අනික් සහෝදරය ඉල්ලුවෙ මැරිච්චි මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමයක්..
ඩෙත් එයාට දුන්න රිසරෙක්ශන් ස්ටෝන් එක..
අනික් සහෝදරය කිසිම කෙනෙකුට නොපෙනී යන්න පුළුවන් ලෝගුවක් ඉල්ලුව..
ඩෙත් එයාට දුන්න ඉන්විසිබිලිටි ක්ලෝක් එක..
ඔන්න ඔය තුනට තමා ඩෙත්ලි හැලෝව්ස් කියන්නෙ..
පලවෙනි සහෝදරය තමන්ගෙ වොන්ඩ් එකේ බලයෙන් ගම් දනව් පිටිං තමන්ගෙ අණසකට ගත්ත.. එක රෑක එයා නිදාගෙන ඉන්දැද්දි එයාව මරල එල්ඩර් වොන්ඩ් එක ඉස්සුව..
දෙවනි සහෝදරය රිසරෙක්ශන් ස්ටෝන් එකත් අරං ගෙදර යද්දි එයා බඳින්න ඉඳල මැරුණු එයාගෙ ගර්ල් පෙන්ඩ් එයා ඉස්සරහට ආව.. එයා ඒ දුකට සියදිවි නසාගත්ත..
තුන් වෙනි සහෝදරයට මොකුත් වුනේ නෑ.. එයාගෙ ක්ලෝක් එක එයා එයාගෙ ලමයට දුන්න..
ඔහොම පරම්පරා ගානක් ඔය තුන එක් එක්කෙනා අතේ හුවමාරු වෙවී ආව..
අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ.. හොග්වෝට්ස් වල හෙඩ්මාස්ටර්..
ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ ගාව තිබ්බ වොන්ඩ් එක එල්ඩර් වොන්ඩ් එක..
හැරීට ඉන්විසිබිලිටි ක්ලෝක් එක දෙන්න කලින් හැරීගෙ තාත්ත මැරුණාම ඉන්විසිබිලිටි ක්ලෝක් එකත් ඩම්බ්ල්ඩෝට හම්බ වුනා..
විසරෙක්ශන් ස්ටෝන් එකත් තිබ්බෙ ඩම්බල්ඩෝ ගාව..
සරලවම කියනවනං අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ මාස්ටර් ඔෆ් ඩෙත්.. මරණය ජයගත්තු මරණය අභිබවා ගිය කෙනෙක්..
හැරීට පලවෙනි අවුරුද්දෙ ඩම්බ්ල්ඩෝ ඉන්විසිබිලිටි ක්ලෝක් එක දුන්න..
හැරී පලවෙනි අවුරුද්දෙ කුඩිච් සෙල්ලම් කරන්න ගිහිං ගිලිච්චි ගෝල්ඩන් ස්නිච් ඇතුලෙ හංගල රිසරෙක්ශන් ස්ටෝන් එකත් ඩම්බ්ල්ඩෝ මැරුණට පස්සෙ හැරීට ලැබෙන්න සැල්ස්සුව..
එල්ඩර් වොන්ඩ් එක ඩම්බ්ල්ඩෝට අයිතිවෙලා තියෙද්දි ඇස්ට්‍රොනොමි ටවර් එක උඩදි මැල්ෆෝයි ඩම්බ්ල්ඩෝව ඩිසාම් කලා.. එල්ඩර්වොන්ඩ් එක අයිති මැල්ෆෝයිට..
ඊට පස්සෙ මැල්ෆෝයි'ස් මැනර් වලදි හැරී මැල්ෆෝයිව ඩිසාම් කලා.. එතකොට එල්ඩර් වොන්ඩ් එකත් හැරීට අයිතිවුනා..
හැරී පෝටත් මාස්ටර් ඔෆ් ඩෙත්, මරණය ජයගත්තු කෙනෙක් වුනා..
ඒ තුනම අයිතිවෙලා තියෙද්දි හැරීත් මරණය එනකං බලාගෙන ඉන්නැතුව තමන්ගෙ මරණය හොයාගෙන ෆෝබිඩ්න් ෆොරස්ට් එකට ඩාක් ලෝඩ් ව හොයාගෙන ගියා..
ඩාක් ලෝඩ් හැරීව මැරුව..
කිලින්ග් කර්ස් එකට කිසිම කෞන්ටර් කර්ස් එකක් නෑ..
තියෙන එකම කෞන්ටර් කර්ස් එකෙනුත් අනිවා තමන් මැරිල තමා කිලිං කර්ස් එක රීබෞන්ඩ් කරන්නෙ..
ඒත් ඩාක් ලෝඩ් හැරීව මරලත් හැරී ආපහු මරණයෙන් නැගිට්ට..
මාස්ටර් ඔෆ් ඩෙත් කියන්නෙ අන්න එයාටයි...
මැරුණත් තමන් කැමති නම් ආපහු පණ ලැබුවහැකි..