Harsha welcomes Central Bank action to stabilise the rupee

monson

Well-known member
  • May 7, 2007
    25,365
    27,961
    113
    3 March 2023 01:43 pm


    Samagi Jana Balawegaya (SJB) MP Harsha de Silva today welcomed the action of the Central Bank to ensure the stability of the Sri Lankan rupee.

    “Kudos to the Central Bank for sticking to the plan. It’s working. As detailed in our Samagi Jana Balawegaya (SJB) economic Blue Print in which we have said continued relaxation of restrictions will help move the rate to a stable equilibrium, with further action as per our document,” Dr. de Silva said in his Twitter message.

    “ Balance of payment difficulties and black market premium in the official forex market will be eliminated by adjusting the exchange rate to the equilibrium ( market)level. This can be done through a transitional phase if floating the currency to permit market to reveal the equilibrium rate, and then stabilizing that rate through Central Bank intervention in the forex market,” he added quoting the SJB blueprint.(Yohan Perera)

    - https://www.dailymirror.lk/breaking...Bank-action-to-stabilise-the-rupee/108-255190


    කුහක ජෙප්පොනම් පැත්තක ඉඳන් හූල්ලනවා :lol:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    හර්ෂ ඉස්සර නම් කිවේ ඩොලර් එකට රුපියල් ගොඩක් හම්බෙද්දී රටට හොදයි නේ කියලා උන්ගේ ආණ්ඩුව තියෙන කාලේ.. 🤌🤌දැන් කියනවද රුපියල් ගාන අඩු වෙද්දී හොදයි කියලා.. මුව උල තියන්න ඕන බන්... :lol: :lol:
     
    • Haha
    Reactions: sandaru1rox

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හර්ෂ ඉස්සර නම් කිවේ ඩොලර් එකට රුපියල් ගොඩක් හම්බෙන්දී රටට හොදයි කියලා උන්ගේ ආණ්ඩුව තියෙන කාලේ.. 🤌🤌දැන් කියනවද රුපියල් ගාන අඩු වෙද්දී හොදයි කියලා.. මුව උල තියන්න ඕන බන්... :lol: :lol:
    රනිල් සර්ගේ ගොලයෝනේ බන්
     
    • Like
    Reactions: allrights

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හර්ෂ ඉස්සර නම් කිවේ ඩොලර් එකට රුපියල් ගොඩක් හම්බෙන්දී රටට හොදයි කියලා උන්ගේ ආණ්ඩුව තියෙන කාලේ.. 🤌🤌දැන් කියනවද රුපියල් ගාන අඩු වෙද්දී හොදයි කියලා.. මුව උල තියන්න ඕන බන්... :lol: :lol:
    ee kiwwe wena rupiyalak gena hitan
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ee kiwwe wena rupiyalak gena hitan
    මුට ආචාර්ය උපාදිය දීපු එකා තමයි වැරදි.... බයිනාන්ස් එකේ ට්‍රේඩ් කරන පොඩි කොල්ලොත් මීට වඩා දෙයක් කියාවි ඩොලර් එක අඩු වැඩි වෙන එකේ වාසි අවාසි....

    ඉස්කොලෙක පුල් එකක් හදලා බෝඩ් ගහලා පජාත වෙච්ච එකෙක්.. :lol: :lol: බනානා සුජි වගේ කයි පප්පා...
     
    • Like
    Reactions: ndilshan1989

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room




    බැඳුම්කරයක් යනු කුමක්ද ?


    සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ.

    ඉතිං සමූපකාරෙට සභාපති ආදරේනම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා.

    එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි.

    ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන ..කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??


    බැඳුම්කරය_ක්යනු_කුමක්ද_?

    Bill.jpg


    බැඳුම්කරයක් යනු කුමක්ද ?

    සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ.

    treasury_bill_1923.jpg



    ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.

    බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ.

    ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා.

    භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.

    ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා.

    රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.

    දැන් X නැමති පුද්ගලයා ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ.

    මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. ඒක අපි මෙහෙම තේරැම් ගමු. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රැ. 50 යි කියමුකෝ.

    අසාමාන්‍ය පොල් ඉල්ලුමක් තියන දවසට ඒ පොල් ගෙඩිය රැ. 60 ක් 70 ක් වෙන්නත් පුලුවන්. ඒ වගේම 30 ක් 40 ක් වෙන්නත් පුලුවන්. තේරැනාද ?

    මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීනයි. ඒකට යන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ.

    මොකද කොයි කාලෙත් මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්‍ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වැඩක්.

    දැන් තමයි නියම කතාව එන්නේ !!!

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.

    එතකොට මොකක්ද සමූපකාර කතාවක් මාතෘකාවට දාන්න හේතුව ????

    ඒක මෙහෙමයි. බැදුම්කර වෙන්දේසියේ කතාව ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒ සංකීර්ණ කතාව සමූපකාරයෙන් තේරැම් ගමු. දැන් ඒ වැඩේට බහිමු !!

    ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කියන සමූපකාරේ සභාපති.සමූපකාරේ බැදුම්කර නැමති පොල් විකුනනවා කියලා හිතන්න. අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා පොල් බිස්නස් කරනවා. මම කලින් කීවා වගේ, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල සමහර කාල වලදී වැඩි වෙනවා. සමහර කාල වලදී අඩු වෙනවා.දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ.100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්.

    ඉතිං සමූපකාරෙට සභාපති ආදරේනම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා.

    එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි.

    ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන ..කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??

    ඔබ සභාපතිත්වය දරන සමූපකාරේ රැ.120 ක පොල් ගෙඩිය ඔබේ හිතවතෙකුට රැ. 80 ට වික්කාම අනිවාර්යෙන්ම ඒ සමූපකාරේ පාඩු ලබනවනේ. දැන් ඔබට ලාභ ලබන්න අවශ්‍ය නම් මොකක්ද විකල්පය?

    ඔබේ සමූපකාරේ සැමන් ටින් එකක් රැ.150 ට වික්කා නම් දැන් ඒක රැ.200 ට විකුනන්න ඕන. ඇයි? පොල් වල පාඩුව පියවන්න ඕන නේ. ඒ වගේම සමූපකාරෙට සැමන් සපයන කෙනාට කලින් එක ටින් එකකට රැ.130 ක් ගෙව්වා නම් ඒක රැ.110 කරන්න ඕන. දැන් රැ.110 ට අරගෙන රැ. 200 ට විකුනලා පොල් වල පාඩුව සැමන් වලින් පියවනවා. ඒකයි සිස්ටම් එක.

    ඉතිං සමූපකාරෙට සැමන් සපයන කෙනා වගේ තමයි බැදුම්කර වලට සල්ලි දාන අය. ඒ කියන්නේ මිනිස්සු හා බැංකු වැඩි සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලට සපයනවනේ. ඒවට ගෙවන ගාන අඩු කරනවා. හරියට රැ. 130 සැමන් ටින් එකට පස්සේ රැ. 110 ක් ගෙව්වා වගේ.

    ඒවගේම මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙද්දි අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.රැ.150 පොල් ගෙඩිය රැ.200 ට වික්කා වගේ. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා.එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.

    තේරෙනවද වැඩේ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්‍ය මිනිහෙක් ණය ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. හරියට රැ. 150 ක සැමන් ටින් එක රැ. 200 උනා වගේ. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා. හරියට සමූපකාරෙට සැමන් සපයපු කෙනාට ගෙවපු රැ.130 ක මුදල රැ.110 කට අඩු කලා වගේ.

    දැන් සමූපකාරෙට සැමන් සපයපු අය පාඩු ලබනවා. ඇයි ? රැ.130 ක් දෙන්නම් කියලා ගත්ත සැමන් ටින් එකකට ගෙවන්නේ රැ.110 ක් විතරනේ. ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වෙනවා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්‍ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු කරනවා.

    ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි කරනවා. සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්‍ය ජනතාව මත බර පටවනවා. මේ පාඩුව පියවන්න ඕන නම් තව අවුරැදු 7 ක් 8 ක් මේ විදිහට යන්න ඕන.

    වෙනදා අවුරැද්ද අවසාන වෙන්න කිට්ටු වෙද්දී ටාගට් එක ගහන්න විවිධ බැංකු පොළිය වැඩි කරලා විශේෂ පොළී අනුපාත දීලා මිනිස්සුන්ගේ තැන්පතු ගන්නවා මතක ඇතිනේ. දැන් මේ 2017 අවුරැද්දේ අවසාන කාලය නේ. දැකලා කියනවද කිසිම බැංකුවකින් මේ වතාවේ එහෙම විශේෂ පොළී අනුපාත දෙනවා ? නැහැ නේද ?

    රාජ්‍ය හා පෞද්ගලික හැම බැංකුවකම සල්ලි බැදුම්කර වල දානවා. ඒ හැමෝටම දැන් පාඩු ලබන බැංකු කොහොමද වැඩි පොළී දෙන්නේ තැන්පත් කරැවන්ට ? ඒ වෙනුවට ණය පොළිය නම් වැඩි කරනවා නහුතෙට.

    ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ? තේරැම් ගත්තා නම් ෂෙයා කරලා තව කෙනෙක් දැනුවත් කරමු.

    උපුටා ගැනිමකි

    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....



    http://upullive.blogspot.com



    images

     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,365
    27,961
    113
    නොනවත්වා වැලපෙන කුහක ජෙප්පෝ සටන් පාට මාරු කරයි :lol:


    4byK4sA.jpg