Hasini_Cancer

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ලොවම ඇගේ හඬින් රසවත් කර ලොවම හඬවා නික්මයන හෂිනි ශෂිකලා සොයුරිය අභාවප්‍රාප්ත වන දිනයේ නුගේගොඩ සාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට ඇස් කණ්නාඩි 35ක් ලබාදෙන ලදී.ඇයට මෙවැනි අකල් මරණයක් මතු ආත්මයක වත් නොවේවා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,924
    72,032
    113
    මාලඹේ
    මමත් දැක්කා බං හරිම දුකයි .
    මෙයාගෙ මහත්තයනම් හරිම හොදයි මෙයත් එක්කමයි හිටියේ
    කවදද නැති වෙලා තියෙන්නේ ??
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    hasini

    මරණයේ දොර හැරගෙන ජීවිතයේ පියගැටපෙළ නඟින හසිනි

    හසිනි අපට මුණගැහෙන්නේ රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන හරහාය. සුදු හැඳගත්, හිස සුදු සළුවකින් වසාගත් මුවගේ සිනහව පිරී තිබුණු ඒ සුන්දර රැව අප සැමටම අලුත් ජීවන පාඩමක් ඉගැන්වීය. මරණ සහතිකය අතේ ඇතිව ජීවත් වන්නට හීන දකින හසිනිගේ ඒ හීනය මේ රටේ ආදරණීය හිත් ඇති මිනිසුන්ගේ ආශිර්වාදයෙන් සැබෑවනු නොඅනුමානය. හසිනි අප සැමගේම ජීවිතවලට ආදර්ශයකි. සිරුරට දැනෙන වේදනාව පසෙකලා සැබෑවටම සිනහවෙන් ජීවත් වන්නට හැකිනම් එය කොයිතරම් අපූරුද? හසිනි එයට කදිම උදාහණයකි.

    රන්න ප්‍රදේශයේ ඉපදුණු හසිනි වැඩිමහල් සහෝදරියගේත්, බාල සහෝදරියගේත් ආදරය මැද ජීවත් වුණු සුන්දර තරුණියකි. කතරගම ජනාධිපති මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ හසිනි කලා විෂය ලෙසින් චිත්‍ර කලාව හැදෑරීය. එහෙත්.. චිත්‍ර ඇඳීමට මෙන්ම සංගීතයට ද ඇය දස්කම් පෑවාය. ඇයට මුහුණුපොතෙන් අපූරු මිතුරකු මුණගැසුණි. ඒ අසේලය. මිතුරන් ලෙස දෙදෙනා අදහස් හුවමාරැ කර ගනිද්දී මේ තමන් පතාගෙන ආ තමන්ගේම සහකරු සහකාරිය වන්නට ඇතැයි මේ හිත්වලට දැනෙන්නට ඇත. දෛවයේ පුරුදු මිනිසුන් කොහේදී හෝ මුණගැසෙනු ඇත.. අසේලත් හසිනිත් අතර ඇතිවූ මෙම ප්‍රේමය අවසානයේදී විවාහ දක්වා දුරදිග ගියේය. ඒ 2015 වසරේදීය.

    හසිනි අසේලට අසීමිත ලෙස ආදරය දැක්වූවාය. ඒ ආදරයට පෙරළා අපූරු ශක්තිමත් ආදරයක් අසේලයෙන් ද ලැබුණි. මේ පුංචි පවුලේ ආදරය මෙලෙස අපූරැවට ගලා යන්නට විය. හසිනි පුංචි කාලේ සිට සංගීතය හදාරා නොතිබුණත් ඇයගේ මව ද සංගීතයට ඇළුම් කළ චරිතයක් වූවාය. ඒ නිසාම කුඩා කල සිටම ගීත ඇසීමේ කැමැත්තක් හසිනිට විය. ඒ යටගිය හැකියාව ඉස්මතු කරලූයේ ඇගේ සැමියා වන අසේලයි. හසිනි නිවසේ සිටින විට අසේලට ඇසෙන්නට ගීත ගැයුවාය. හසිනි නිවෙසේ වැඩ කටයුතු කරද්දී, නාන කාමරයේ රෙදි සෝදද්දී පවා මෙලෙස ගීත ගායනා කළාය.
    ඔයා සංගීතය ඉගෙන ගන්න.

    අසේල දිනක් හසිනිට කළ යෝජනාව මල්පල දැරුවේ ප්‍රවීණ කලාකාරියක වූ සුජාතා අත්තනායක මහත්මිය යටගේ ඇයට ගායනය ඉගෙනීමට අවස්ථාව උදාවීමත් සමඟය. එතැන් සිට හසිනි සුජාතා අත්තනායක මහත්මිය යටතේ සංගීතය හැදෑරුවාය.
    හසිනිත් අසේලත් සිය ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් එක්වනතුරු හීන ඇහින්දෝය. ඒ තමන්ගේම දරුපැටවකු ජීවිතවලට එකතුවන සුබ සිහිනයයි. දවසින් දවස ඒ හීන දුරට යද්දී හසිනිත් අසේලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා පරීක්ෂණවලට යොමුවීමට කටයුතු කළෝය. එය තම ජීවිත වෙනස්ම දිසාවකට යොමුකරනු ඇතැයි ඔවුන් කිසිම මොහොතක නොසිතන්නට ඇත. හසිනිගේ ගර්භාෂයේ කුඩා ගෙඩියක් ඇති බව පරීක්ෂණවලින් තහවුරු විය. රෝහල්ගතව කළ ප්‍රතිකාර හා පරීක්ෂණවල අවසන් ප්‍රතිඵලය වූයේ හසිනිව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීමය. ඒ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදීය.

    ජීවිතේ අපූරු හීනයක් දකින්නට පෙරුම් පිරූ හසිනි අපේක්ෂා රෝහලේ සිටිමින් විවිධ පරීක්ෂණවලට මුහුණ දුන්නාය. ඒ සෑම පරීක්ෂණයකම අවසන් ප්‍රතිඵලය වූයේ හසිනිගේ ශරීරයේ බොහෝ ස්ථාන කරා මෙම මාරාන්තික පිළිකා තත්ත්ව ඔඩුදුවා ඇති බවකි. මොවුන්ගේ ජීවිත එතැන් සිට කඩා වැටෙන්නට විය.

    ඇය ජනවාරි මස වනතුරු පමණක් ජීවත් වනු ඇතැයි වෛද්‍යවරැන්ගේ විශ්වාසය විය. ඔවුහු එය අසේලට පමණක් නොව හසිනිට ද පැවසූහ. පෙරැම් පුරමින් අලුත් ජීවිතයක් අරඹන්නට හීන ඇහිඳින්නට වූ අසේලගේත් හසිනිගේත් හීන ලෝකය එලෙස කඩා වැටුණි. සැත්කම් කිහිපයක් කළහොත් තවත් මාස තුනක් ජීවත් විය හැකිවනු ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කළ නිසාම ඒ සඳහා අවසරය ලබාදෙන ලෙස ඔවුන් අසේලගේ අත්සන ඉල්ලා සිටිය ද මේ භයානක සැත්කම් පිළිබඳව අවබෝධයක් ලබාගත් අසේල හසිනිගේ සැත්කම් සඳහා අවසරය ලබා නොදීමට තීරණය කළේය.

    වේදනානාශක පෙති හැරුණුකොට කැන්සර් එකට කියලා අද වනතුරැ මම බෙහෙත් පෙත්තක්වත් බීලා නැහැ. කැන්සර් හොස්පිට්ල් එකේ නැවතිලා මම පරීක්ෂණ කළා. වාර්තා ගත්තා. නමුත් ඊටපස්සෙ ඒ වෙනුවෙන් මම බෙහෙත් පෙත්තක්වත් බීලා නැහැ. ඒ හසිනිගේ හඬයි.

    ජීවිතේ සියල්ල අතහැර මරණයට ළඟාවීමට හසිනිට දින ළංවන බව අසේල දැන සිටියේය. හසිනිගේ ලස්සනට තිබූ හිසකෙස් එක රොත්තට ගැලවිණ. බලා සිටියදීම ඇයගේ ඒ සුන්දර රුව, සිරුර වැරහෙන්නට විය. ඇය විශාල ලෙස කෙසඟ බවට පත් විය. කන්නට ප්‍රියතාවයක් නොවීය. වරින්වර සිහිය නැතිවිණි. උදරය ඉතා විශාල විණි. අඩුම තරමේ තම ආදරණීය සැමියා හෝ මව හෝ හඳුනාගන්නට බැරි මොහොතක අසේලට සිදුවූයේ දෙවියන් යැදීමට පමණි. ඔවුන් නොගිය පන්සලක් පල්ලියක් කෝවිලක් නැති තරම්ය. බාරහාර නොවුණු තැනක් නොවීය. ඔවුන් ගස් ගල්, පමණක් නොව නොපෙනෙන තිස්තුන් කෝටියක් දෙවිවරු පවා යදින්නට විය. යකැදුරන්, ජ්‍යෙතිෂවේදීන් පමණක් නොව විශ්ව බලයෙන් ලෙඩ සුව කරන මිනිසුන් ළඟට පවා ඔවුහු හසිනිව ගෙන ගියහ. ඇතැමුන් හසිනි දුටු ගමන්ම ඉස්පිරිතාලෙට ගෙනියන්න යැයි පවසමින් සියල්ල ප්‍රතික්ෂේප කරද්දී, රටේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන නුවර ප්‍රදේශයේ තැනැත්තකු මම ඇයව සුව කරන්නම් යැයි හසිනිව බාරගත්තේය.
    නමුත් ඒ වෙනුවෙන් කළ යුතු දේ බොහෝ විය. අසේල ඒ සියල්ල තම ආදරණීය බිරිය වෙනුවෙන් ඉටු කළේය. ප්‍රථමයෙන් ඔහුට සිදුවූයේ ජීවත් වන නිවස අතහැර කිසිවකුට ඇතුළු විය නොහැකි ආරක්ෂිත නිවෙසක ජීවත් වීමටය. ඒ වෙනුවෙන් මතුගම ප්‍රදේශයේ අක්කර භාගයක භූමි ප්‍රදේශයක තිබූ විශාල නිවස කුලියට ගන්නට අසේලට සිදුවිය. නිවස ආරක්ෂා කිරීමට ජ්‍යොතිෂවේදියා ඇතුළු පිරිස ආරක්ෂක මුට්ටි විශාල ප්‍රමාණයක් එම නිවෙසට ගෙන ආහ. එපමණක් නොව කිසිවකුට ඇතුළු නොවීමට වත්ත වටා බැඳ තිබූ වැටට මායිම්ව තවත් විශාල වැට මායිමක් ද සවි කිරීමට සිදුවිය. නිවෙසට ඇතුළු විය හැකිව තිබුණේ අසේලටත් හසිනිගේ බාල සහෝදරියටත් පමණි. ඔවුන් කී සියල්ල එලෙසම තම බිරිය වෙනුවෙන් සිදු කරන්නට අසේල වගබලා ගත්තේය. රෝගය දරුණුම මොහොතේදී කුස තුළ පිරෙන ජලයත් වායුවත් නිසාම ශරීරයේ අභ්‍යන්තර අවයවවලට වන තෙරපීම හසිනිට කිසිසේත්ම දරාගැනීමට නොහැකි විය. ඇය මහ හඬින් කෑගසමින් විලාප දුන්න ද, ඉකිගසා හඬා වැලපුණ ද වේදනාව ඉවසා දරාගන්නට තරම් ශක්තියක් එම දුර්වල වූ ශරීරයට නොවිණි. එහෙත්.. අතහැර යන්නට දඟලන ජීවිතය අත්නොහැරෙන්නට අත්වාරුවක් වුණු අසේලගේ ධෛර්යවත් පිරිමි හිත ළඟ මේ දුර්වල ශරීරය තව තවත් ශක්තිමත් වන බව සියල්ලෝම තේරුම් ගත්හ.

    නමුත් තමා කළ කිසිවක් සාර්ථක නොවන බව තේරුම් යද්දී එම ජ්‍යොතිෂවේදියා විසින්ම හසිනිව මඟහරින්නට විය. ජීවිතය එසේ වුවත් හසිනි තමාට අත්වාරුවක් වූ අසේලගේ අත සහ හිත හයියෙන් අල්ලා සිටියාය. තමාගේ ආරක්ෂාව අසේලගේ ආදරණීය හදවතේ ඇති බව හසිනි දැඩි සේ විශ්වාස කරන්නට ඇත.

    සැමදෙනාම හසිනිගේ ජීවිතය අතහැර දමද්දී අසේල, හසිනිගේ මව ඇතුළු කිහිප දෙනෙක් හසිනිව දැඩි සේ ශක්තිමත් කළෝය. කටට දමන තේ හැඳි දෙක තුනක් ගිල දමමින් ජීවිතය ගැටගසා ගන්නට වෙර දරන තම ආදරණීය බිරිය,දියණිය බලා ඒ හිත් හඬා වැලපුණු අවස්ථා ගණන් කිරීමට නොහැක. වතුර හැඳි දෙක තුනක් මුවඟට ගත්තද ඊටත් වඩා ප්‍රමාණයක් එක්වරම හසිනි වමනයත් සමඟ පිට කරන්නේ සියලු දෙනාවම කම්පා කරවමිනි. උදරයට පිරෙන ජලය රුධිරයට සමාන වර්ණයකින් පිටට ගලා යද්දී අසේලට බයක් නොදැනුණාම නොවේ. නමුත් සසර පුරා තමාව පතාගෙන ආ හසිනි තවත් කාලයක් මේ සංසාරේ තමන් සමඟම එකට පැමිණෙනු ඇති බව අසේල විශ්වාස කරන්නට ඇත. ඒ නිසාම තම රැකියාව ද පසෙකලා තමාට හිමි සියලු දේ විකුණා දමමින් අසේල තම ආදරණීය බිරියගේ ජීවිතය රැකගැනීමට විශාල හයියක් විය. කරකියා ගැනීමට නොහැකිව, ශරීරය එන්න එන්නම දුර්වල වෙද්දී හසිනිට ඇවිදගන්නට නොහැකි විය. ටික දිනකින් හසිනිගේ සිහිකල්පනාව නොමැති විය. නමුත් මළකඳක් සේ ජීවත් වන තම ආදරණීය බිරිය රෝද පුටුවක තබාගෙන අසේලත් හසිනිගේ මවත් අස්ලගේ මවත් ලංකාව පුරා සිටින දෙවිවරුන් සොයා ගියහ.

    මේ අතර අසේලට තවත් අපූරු මිනිසකු පිළිබඳ අසන්නට ලැබුණි. ඒ දීගොඩ කුමාරය. සුජාතා අත්තනායක මහත්මිය මාර්ගයෙන් දීගොඩ කුමාර වෙතට යෑමට හසිනිට හැකි විය. තම කෙහෙටු සිරුරත්, විශාල උදරයත් සමඟින් ඇය රෝද පුටුවේය. හසිනිට කන්න බොන්නට පවා නොහැක. තමන්ට තමන් ගැනවත් මතකයක් නැත. මුව අයා බලා සිටින හසිනිගේ දෑසින් කඳුළු ගලා හැලේ. කඳුළු කැට කිසිමදාක ඒ දෑසින් වියැළුණේ නැත. අසේලගේ ඡායාව පවා දැක්කද ඒ කවුරුන්දැයි හඳුනාගන්නට පවා හැකියාවක් ඇයට නොතිබුණි. වතුර ටිකක් බිව්වත් එයට වඩා විසි ගුණයක ප්‍රමාණයක් හසිනි වමනය ලෙස පිට කරයි. ඒ කොහි තිබුණු දේදැයි කවුරුන් හෝ දැන සිටියේ නැත. දීගොඩ කුමාර හසිනිගේ ජීවිතේ වගකීම බාරගත්තේ අසේල ඇතුළු සියල්ලගේම නෙත්වලට කඳුළු එක් කරමිනි.

    අද හසිනි සිනහවෙන අපූරු යුවතියකි. අසේල බලාපොරොත්තු සැබෑ වූ සැමියෙකි. හසිනිගේ මව, අසේලගේ මව ඇතුළු බොහෝ දෙනා හසිනිට ජීවිතය ළඟා කර ගැනීමට හවුල්කරුවෝ වූහ.
    හසිනි බේරුණේ කිහිප දෙනෙක් නිසයි. ඒ අයට අපි හැමදාමත් පින් දෙනවා. ඒ අය අතර දීගොඩ කුමාර මහත්තයා, එතුමාගේ බිරිය (සුදුඅම්මා), සුජාතා අත්තනායක මහත්මිය, වෛද්‍ය අබේසෙනෙවි, වෛද්‍ය කල්පනී දිසානායක, වෛද්‍ය අජිත් මුහන්දිරම්ගේ, වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, කීර්ති පැස්කුවල් මහත්මයා යන අයට අපි හැමදාමත් අත්දෙක එකතු කරලා වඳිනවා. අද හසිනි හොඳින් ඉන්නවා. දැන් එයාට ටික ටික සුව වෙමිනුයි තියෙන්නේ. ඒ හසිනිගේ ආදරණීය සැමියා වන අසේලගේ හඬයි.

    හසිනි.. අද සතුටින් සිටී. ඒ සිනහව පිවිතුරුය. ඇස්වල දුකක් ගෑවිලාවත් නැති තරම්ය. ඇය කියනා පරිදි මෙය ඇයගේ පූරුවේ පවකි. එය කාටවත් දෙන්නට ඇයට නොහැක. නමුත් එම කරුමේ ගෙවීමට හවුල්කරුවෝ ලෙස හසිනිගේ අම්මා, අසේල වගේම කිහිප දෙනෙක්ම එකතු වූහ. ඇය ද ජීවිතේ හිනාවෙන්නට ආසය. ආයෙත් අසේලට රස කෑම හදලා දෙන්න ආසය. අසේල ගිටාරය වයද්දී මියුරු ගී ඒ පුංචි නිවෙස ඇතුළේ ඉඳගෙන ගයන්න ආසය. එපමණක් නොව ආයෙමත් ගායන විශාරදය නතර කළ තැනින් පටන්ගෙන ජයග්‍රහණය ලබන්නට ආසය. ඒ සියල්ල ජයගන්නට මේ ආදරණීය හිත පෙරුම් පුරමින් සිටී.

    අපි සින්දුවක් කියමුද?
    එන්න මොහොතකට පෙර ඇගෙන් කළ ඉල්ලීම ඇය හරි අපූරු සිනහවකින් බාරගත්තාය. ඇයට පුංචි තාලයක් දෙන්නට හැකිවීමද අපට සතුටකි.
    ගීය ගයා අවසානයේදී ඇය හරි අපූරුවට සිනහවකින් මුව සරසා ගත්තාය. ඒ සිනහව තවත් වසර ගණනාවක් ජීවත් කරලීමට හයියක් වනු ඇත..

    පරවුණු මල්වල සුවඳ අතීතේ
    පරසතු මල් ළඟ විසිර ගියාවේ
    දුවගේ මුවින් එන කැකුළු සිනාවේ
    එළිය මැදින් හෙට දවස උදාවේ

    ( විශේෂ ස්තූතිය
    කීර්ති පැස්කුවල් කලාකරුවාට)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    :( මොනව උනත් ඒ කෙල්ලගේ කොල්ලා (සැමියා) ඒ කෙල්ල එක්ක අන්තිම මොහොත වෙනකම්ම හිටියා ලඟින්ම ඒ අතින් ඒ කෙල්ල හරි වාසනාවන්තයි...:love: මේ කෙල්ල ටිකක් ප්‍රසිද්ද උනා සිහිනයකි රෑ වැඩසටහනෙන්.. පිළිකා නිසා නැතිවෙන මේ වගේ දුක්බර ජීවිත තව කොච්චර නම් ඇත්ද..

    නිවන් සුව ඔබට :(
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    :( මොනව උනත් ඒ කෙල්ලගේ කොල්ලා (සැමියා) ඒ කෙල්ල එක්ක අන්තිම මොහොත වෙනකම්ම හිටියා ලඟින්ම ඒ අතින් ඒ කෙල්ල හරි වාසනාවන්තයි...:love: මේ කෙල්ල ටිකක් ප්‍රසිද්ද උනා සිහිනයකි රෑ වැඩසටහනෙන්.. පිළිකා නිසා නැතිවෙන මේ වගේ දුක්බර ජීවිත තව කොච්චර නම් ඇත්ද..

    නිවන් සුව ඔබට :(

    mama e ayiyawa tiak anduranwa..eya godak mahansi unaa..hemadema kala
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124

    Scammers everywhere
    How bad they are playing with innocent people
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :( මොනව උනත් ඒ කෙල්ලගේ කොල්ලා (සැමියා) ඒ කෙල්ල එක්ක අන්තිම මොහොත වෙනකම්ම හිටියා ලඟින්ම ඒ අතින් ඒ කෙල්ල හරි වාසනාවන්තයි...:love: මේ කෙල්ල ටිකක් ප්‍රසිද්ද උනා සිහිනයකි රෑ වැඩසටහනෙන්.. පිළිකා නිසා නැතිවෙන මේ වගේ දුක්බර ජීවිත තව කොච්චර නම් ඇත්ද..

    නිවන් සුව ඔබට :(

    my question is would they do da same if the situation is other way around. rip
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Anoj De Silva...:lol: keriyage eta deka thalanna oni. Den me article eke widihata deegoda kumara meyawa honda karalane
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    hebei deegoda kumara hinda yam suwayak ewilla thiyenawa..ane manda

    Eka mentally wena deyak bn. Athtatama honda wenne ne. Mama dannna kenekuth oya wage porak langata gohon honda wuna kiyala hithagena hitiye. Kotinma kapu nethi manussaya kannath patan gaththalu. Hebai tika kalekata passe mara widihata duk windala marune.