මෙරට වීදි නාට්‍ය කලාවේ නිර්මාතෘ
ආචාර්ය ගාමිණී හත්තොටුවගම අභාවප්‍රාප්ත වෙයි
අජිත් අලහකෝන්
මෙරට වීදි නාට්‍ය කලාවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ප්‍රවීණ නාට්‍ය ශිල්පී ආචාර්ය ගාමිණී හත්තොටුවගම මහතා ඊයේ (30 දා) අභාවප්‍රාප්ත විය.
1938 නොවැම්බර් 29 වැනිදා ගාල්ල රිච්මන්ඩ් කන්ද පාරේ රිච්මන්ඩ් විව් නිවසේදී උපත ලද ඔහු මෙරට නාට්‍ය කලාව සම්ප්‍රදායික ගමන් මගෙන් ඔබ්බට ගෙන යමින් පදික වේදිකාව සහ මහාමාර්ගය රංගභූමිය ලෙස භාවිත කළේය.
නාට්‍ය සහ සිනමා විචාරකයකු ලෙසද කටයුතු කළ ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි ගෞරව උපාධිය ලැබූ, හත්තොටුවගම ශිල්පියා ඇන්ටන් චෙකොෆ්ගේ මඟුල් ප්‍රස්‌තාව නමැති නාට්‍යයද සිංහලයට පරිවර්තනය කළේය. ගෞරව උපාධිය ලද ඔහු තමන් උගත් රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයකු ලෙස පත්ව ඉංග්‍රීසි සිංහල සාහිත්‍ය පිළිබඳ සිසුන්ට ඉගැන්වීය.
හැට දශකයේදී පුවත්පත් සහ ගුවන් විදුලිය ඔස්‌සේ ඉංග්‍රීසි සිංහල භාෂාවෙන් නාට්‍ය ලියූ හෙතෙම 1965 දී චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය ආරම්භ කළේය. 1974 වසරේදී විවෘත වීදි නාට්‍ය කණ්‌ඩායම ආරම්භ කළ ගාමිණි හත්තොටුවගම ශිල්පියා පසුගිය කාලයේ රෝගාතුරව සිටියේය. කොළඹ ජාතික රෝහලේදී ඊයේ (30 දා) අලුයම අභාවප්‍රාප්ත වූ මේ පොදුජන නාට්‍යකරුවාගේ අවසන් කටයුතු පිළිබඳ විස්‌තර පසුව දැනුම් දෙනු ලැබේ.