* තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.
* මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටිය දී ම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම වැරදියි.
* වෙනත් හෘද රෝගියකු ළඟ පාත සිටිදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබා ගත යුතු ටී.එන්.ටී පෙති ඇත. එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට, රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති 06කට වඩා දෙන්න එපා.