Heart Attack

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    රෝගියා තිරස් ව සැතැපීමට සලස්වන්න. ඇඳක් නැත්තම් සුදුසුතම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහි මඳ රෝගියකු නම් පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහි මඳ රෝගියකු නම් පැත්තකට හරහා තබන්න. (වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍ය ය)

    * දිගාවී සැතපීමට ඉඩක් නැත්තම්, පුටුවක වාඩි වී සිටියාට කම් නැත. එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් (වැනි දෙයක්) මත තබන්න.

    * වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම පහසු බව රෝගියා පවසහොත් ඒ ඉරියව්වෙන් ම සිටීමට ඉඩ හරින්න.

    * තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.

    * මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටිය දී ම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම වැරදියි.

    * වෙනත් හෘද රෝගියකු ළඟ පාත සිටිදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබා ගත යුතු ටී.එන්.ටී පෙති ඇත. එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට, රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති 06කට වඩා දෙන්න එපා.
    :yes: