''ඔවුහු සමාජයේ කොටස්කරුවෝ විය යුතුමය. මේ ඔවුන්ටත් ඇති බලාපොරොත්තු ගොන්න "හීන" ලෙස සමාජගත කිරීමට ගත් උත්සහයකි. ඉතිං ඔවුන්ගේ කතාව අහන්න.''
සමනලුන්ටත් හීන තිබුණා
මලකටත් වැඩි පාට රැදුනා
බඹරතුඩු රිදවමින් දැඩිකල
මල්පවා සරදමින් අත්හල
සමනලුන්ටත් හීන තිබුණා....
හාදු කරදියරෙහිම රැදුනා
මළබැදෙන ලුනු රසක් තිබුනා
ප්‍රේමයක අංශුවක්වත් නැති
නිදිවැදෙන ලෝකයක සදහට
වචන උඩ සමනල්ලු මැරුණා...
නොවුනු වණ මත කැලැල් තිබුනා
මරණීය සැත්කම් ද කෙරුනා
පෝරුමත මංගල ගීත
අස නමක් නැති ඒ කදුලු බිදුනා
සමනලුන්ටත් හීන තිබුනා...
සමනලුන්ටත් හීන තිබුණා
මලකටත් වැඩි පාට රැදුනා
බඹරතුඩු රිදවමින් දැඩිකල
මල්පවා සරදමින් අත්හල
සමනලුන්ටත් හීන තිබුණා....
හාදු කරදියරෙහිම රැදුනා
මළබැදෙන ලුනු රසක් තිබුනා
ප්‍රේමයක අංශුවක්වත් නැති
නිදිවැදෙන ලෝකයක සදහට
වචන උඩ සමනල්ලු මැරුණා...
නොවුනු වණ මත කැලැල් තිබුනා
මරණීය සැත්කම් ද කෙරුනා
පෝරුමත මංගල ගීත
අස නමක් නැති ඒ කදුලු බිදුනා
සමනලුන්ටත් හීන තිබුනා...
