This is a bot that posts Esana news by Helakuru on this thread. This thread is completely autonomous.
If any questions please ask
Github repository -
https://github.com/Sang2006/HelakuruNews
2023-03-27 06:08:57
අද කාලගුණ නිවේදනය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
------
Post added on Mar 27, 2023 at 1:10 PM
2023-03-27 06:17:33
රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා - වජිර
රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
------
Post added on Mar 27, 2023 at 1:11 PM
2023-03-27 06:19:38
2023 පළමු වාරය අද ආරම්භ වෙයි
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා.
ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
------
Post added on Mar 27, 2023 at 1:11 PM
2023-03-27 06:36:26
බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධය මේ සතියේ තීව්‍ර කරනවා - වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ සතියේ තීව්‍ර කිරීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව ලබාදීමකින් තොරව ආණ්ඩුව එය මඟ හරිමින් සිටින බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සතිය ආරම්භයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී සාකච්ඡා කර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
------
Post added on Mar 27, 2023 at 1:12 PM
2023-03-27 06:42:53
තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද (27) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කරන්නේ.
ඒ අනුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන කොලොන්නාව ඛනිජ තෙල් නිමාව ඉදිරිපිට වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් උපවාස ක්‍රියාමාර්ගයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි අදාළ වෘත්තීය සමිති සඳහන් කළේ.
------
Post added on Mar 27, 2023 at 1:13 PM
2023-03-27 09:21:25
රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට IMF ණයෙන් කොටසක් ගන්නවා - බන්දුල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීමට යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ලබාදීම සඳහා රුපියල් බිලියන 196 ක් පමණ වැයවන බවත්, අපේක්ෂිත ආදායම ඇත්තේ බිලියන 173 ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව රුපියල් බිලියන 23 ක පමණ හිඟයක් පවතින බවත්, බහු පාර්ශවික ණය බිලියන 500 ක් ගෙවිය යුතු අතර මාර්තු මාසය සඳහා රුපියල් බිලියන 500 ක පමණ හිඟයක් පවතින නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් මේ සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
------
Post added on Mar 27, 2023 at 1:13 PM