Hello I am New to ELaKiRi

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
hey hey ela ela machan thnk you
tumblr_m83ewdBwvV1qhe81to1_500.gif
 

DJ Balaya

Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    1972 දී සිනමාවට අවතීර්ණ වූ ඔහු......

    දශක තුනකට අධික කාලයක් විකට චරිත හරහා ප්‍රේක්ෂකයන් හිනැස්සූ බන්දු සමරසිංහ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ රඟමින් 1972 දී සිනමාවට අවතීර්ණ විය.
    කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් සමීප වූ බන්දු රංගනයට අමතරව ගායනයෙන්, තිර කතා රචනයෙන්, චිත්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සුවිශේෂී හැකියාවන් එළි දැක් වූ කලා ශිල්පියෙකි.
    මුල් වරට පෙරළිකාරයෝ චිත්‍රපටයේ ගීතයක් ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ බන්දු නොම්මර එකයි චිත්‍රපටයේ මුල් වරට ප්‍රධාන විකට චරිතයක් රඟමින් විකට රංගනයේ කැපී පෙනෙන භූ®මිකාවක් බවට පත් විය.
    මුල් වරට රෝදය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් හා අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණකරනයට එක් වූ බන්දු ඉන් පසු පෙම් මල් මාලා නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.
    ලෙෆ් රයිට් සර් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බන්දු නෝ ප්‍රොබ්ලම්, යමලෝ ආදී වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන ප්‍රතිභාව එක් කළේය.
    ජොලි හලො චිත්‍රපටයේ රංගනය උදෙසා 2002 වසරේ බන්දු සමරසිංහ සරසවිය සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයට ද පාත්‍ර විය.
    කස්තුරි සුවඳ, නිල්ල සොයා, චන්ඩි පුතා, ආශා දෑසින්, චන්ඩි ශ්‍යාමා, සැපට දුකට සනී, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, කවුද බොලේ ඇලිස් ආදී චිත්‍රපට රාශියක රඟපෑ බන්දු සමරසිංහ, අනුර චන්ද්‍රසිරිගේ රජ්ජුමාලා චිත්‍රපටයේ රඟමින් එතෙක් කලක් බන්දු සමරසිංහ රඟපෑ රංගනයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය.
    බන්දු මේ වන විට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ලෙස පුංචි තිරයට ද එක් වී සිටියි. ‘දර ගැරේජ්’ ප්‍රහසනමය ටෙලි නාට්‍ය මාලාව ඔහුගේ නිර්මාණයකි.