යතුරුපැදි හිස් වැසුම් සඳහා නව රෙගුලාසි මාලාවක් සම්පාදනය කරයි?
යතුරුපැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුමක් සකස් විය යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි මාලාවක් සම්පාදනය කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් යතුරුපැදිකරුවන් විසින් භාවිත කිරීම තහනම් කරමින් පොලීසිය විසින් පැනවූ රෙගුලාසියට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණයට හමුවේ කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සම්පාදනය කර ඇති බව කියන රෙගුලාසි මාලාව පිළිබඳ අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම අගෝස්තු මස 04 වන දින කැඳවීමට නියම කළ අභියාචානාධිකරණයේ සභාපති විනිසුරුවරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියම කර තිබේ.
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් භාවිත කිරීම තහනම් කරමින් පොලීසිය විසින් පැනවූ රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය අගෝස්තු මස 08 වන දා දක්වා දීර්ඝ කිරීමටද අභියාචානාධිකරණය මෙහිදී නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
adaderana.lk