[Help] වැටේ ඉඳල දුර

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඉදිකිරීමක් කරනකොට වැටේ ඉඳල යම්කිසි ඉඩක් තියන්න ඕන කියල නීතියක් තියෙනවද?
     
    • Like
    Reactions: Executer

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සමහර වෙලාවට වැට මායිම බිත්තියක් විදියට අරගෙන ඉදිකිරිම කරන්නත් පුළුවන්. සමහර වෙලාවට අඩි 3 ඉදං අවම බිම් ප්‍රමාණයක් තියලා ඉදිකිරීම කරන්නත් වෙනවා.

    ප්‍රදේශය සහ ඉදිකිරිම අනුව ඒක වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    සමහර වෙලාවට වැට මායිම බිත්තියක් විදියට අරගෙන ඉදිකිරිම කරන්නත් පුළුවන්. සමහර වෙලාවට අඩි 3 ඉදං අවම බිම් ප්‍රමාණයක් තියලා ඉදිකිරීම කරන්නත් වෙනවා.

    ප්‍රදේශය සහ ඉදිකිරිම අනුව ඒක වෙනස් වෙනවා.

    Thanks! Hariyatama danaganna pradeshiya sabhawen ahanna wei neh? Rep+
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113





    Thanks everyone, Rep+

    11.gif

    11.gif

    11.gif
     
    • Like
    Reactions: Mawathagama

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wistare hariyata kiyapan.

    1. building eka hadana idame mayim wela tyenne monada?
    2. pradana doratuwa dana, building ekata entrance wena patte para mokakda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Wata mayimata newe machan. Pare madde idan 15ft wage ehema thamai thiyenne.

    Pradeshiya sabawe to kenekgen ahala balanna. Owa eka eka paaren paarata pradeshayen pradeshayata wenas wenna puluwan.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    wistare hariyata kiyapan.

    1. building eka hadana idame mayim wela tyenne monada?
    2. pradana doratuwa dana, building ekata entrance wena patte para mokakda?


    1. eha gedara kenage waththa
    2. waththema madata enne (Garage ekak, idame madata entrance eka enne)
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

    1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
    ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

    2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.
    ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.

    3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.
    මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.

    4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.
    5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

    6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.

    7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.
    ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.
    වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.

    8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 71/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය. (සම්මත ආලෝක තලය)
    නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ

    9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ.
    මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

    10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.
    මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

    11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.



    https://civillk.com/2018/07/12/නිවාස-ඉදිකිරීම-හා-බැඳුණ-න/