මේකෙ OOBI කාපු කෙනෙක් ඉන්නවද?ඉන්නවනම් එකේ trix මුල ඉදල කියල දෙන්නකෝ.....(ඊයෙ දානෙ ගෙදරක ගිහින් 16 පාරක් බෙදන්න උනා) 

Yako Ombi gahanna kalin hariyata nama kiyanna igena ganin... Shik.මේකෙ OOBI කාපු කෙනෙක් ඉන්නවද?ඉන්නවනම් එකේ trix මුල ඉදල කියල දෙන්නකෝ.....(ඊයෙ දානෙ ගෙදරක ගිහින් 16 පාරක් බෙදන්න උනා)![]()

මෙහෙමයි මම මහ ලොකු ඕමියෙක් නෙමෙයි ඒත් එක පාරක් මළ ගෙදරක ගිහින් කයිවාරු ගගහා හිටපු අයියලා සෙට් එකකටම ගැහුවා එලි වෙනකන්ම එක එකා ඇවිත් ඇවිත් වාඩි වෙනවා යනවා..
#තුරුම්පු කියද්දි
1.පැක් එකේ තුරුම්පු කියද්දි ලොකු තනි කොළයක් දැක්ක පලියට තුරුම්පු කියන්න එපා. ඒ වෙනුවට එකම ජාතියේ පොඩි කොළ දෙකක් තියෙන එකක් තියෙනම් ඒකට කියන්න.
2.අනික ආසියා ඉන්නවනම් තුරුම්පු කියන අතේ ඌට තුරුම්පු කියන්න එපා..උගෙන් පිට වාසියක් ගන්න පුලුවන් නිසා අනිවා වෙන එකෙකුට කියහන්
3.ඒත් ආසියයි, හේරයි නැත්නම් පොරවයි වගේ එකෙක් තුරුම්පු අතේ ඉන්නවානම් අනිවා ඌට තුරුම්පු කියහන්..
#පැක් එක අනද්දි
1.මේකනම් හොර වැඩක් අනලා අනිකා කපලා දුන්නම ශේප් එකේ පැක් එක එකතු කරනවා වගේ යට කොලේ බලන්න පුලුවන්... ඒක තුරුම්පුවක් වත් වල් වාසියක් වත් නෙමෙයි නම් ශේප් එකේ හෙමීට අනික් පැත්තෙ එකෙකුගේ අතකට යටින් ඇදලා දියන්.. ඕක කරන්න වඩා හොඳ 7 වෙනි අත දෙද්දි.. එතකොට කට්ටියගෙම ඇස් පැක් එකේ... කොළ වෙනස් වෙලා ලොකු පාඩුවක් වෙන්නේ නෑ..
#කාර්ඩ් එකක් ඉස්සෙල්ලම ගහද්දි
1.තුරුම්පු ආසියා ඉන්නවානම් ගහපන්... තමුන් තුරුම්පු කිව්වනම් මමනම් ඒත් ගහනවා.... විශේෂයෙන්ම අරුන් කියපු වෙලේක නම් අනිවා ගහපන් ආසියා තමුන්ට මුලින් කොළයක් දාන්න අවස්තාවක් ලැබුනොත්..
2.තනි වර්ගේ කොළ ඉස්සෙල්ලා ගහපන්.. ඒ කිව්වේ හාරත තනි කොළයක්නම් තියෙන්නේ ඒක ගහපන්.. එතකොට ඊළඟට හාරත උඹට බාල්දු වෙනවා...
3.තුරුම්පු ගොඩාක් තියෙනම් ඔක්කොම තුරුම්පු ටික හලපන්.. ඒත් තමුන්ගේ ප්‍රති වාදියාගෙයි උඹගෙයි ලඟනම් ඉතිරි ටික තමුගෙම එව්වා හලා ගන්න එපා.
4.තමුන්ගේ සහයකයා ලඟ නැති කොළ ගැන අවබෝදෙන් හිටපන්.. එ කිව්වේ උඹ ඉස්කෝප්ප ආසියා දාපු වෙලේක ඌ ලඟ ඉස්කෝප්ප නැහැ.. අත එන්නේ උඹට එතකොට ඊලඟ අත අනිවා ඉස්කෝප්ප පොඩි කොළයක් ගහපන්(මෙහිදි ඉස්කෝප්ප තුරුම්පු නොවිය යුතුයි)
5.චාන්ස් එකක් ලද සැණින් පිට වාසි ඔක්කොම ගහපන්.. අන්තිම වෙනකන් ත්හියන් ඉන එපා...
#මැද්දෙන් කාර්ඩ් එකක් ගහද්දි
1.තමුන්ගෙන් නම් අන්තිම අත ඉවර වෙන්නේ ප්‍රති වාදියාගේ හෝ සහකරුවාගේ නම් වාසිය ඒ වර්ගෙන් තියෙන පොඩිම කොලේ දාපන්.
2.උඹ මැද්දෙන් ගහනවනම් ලොකුම කොළේ උඹටනම් බය නැතුව ගහපන්.
3.එක වර්ගෙකට අදාල කාර් එකක එකම කොළයක් නම් තමුන් ලඟ තියෙන්නේ ටිකක් සද්දෙට හයියෙන් ගහන්න එතකොට අනිකා දැන ගන්නවා ඔයා ලඟ ඒ ජාතියේ එව්වා නැහැ වෙන කියලා... එයාට අවස්තාවක් ලැබුනොත් ඒ ජාතියේ පොඩි කොළයක් එවන්න කියන සංඤාවයි දෙන්නේ ඒකෙන්.. හබේයි එතකොට අනික් අයත් ඒක දැන ගන්නවා...
#කපද්දි
1තුරුම්පු ආසියගෙන් නම් කපන්න එපා... තනි හේරෝ, පොරවවල් නම් තියෙන්නේ ලැබෙන පොඩි අවස්තාවකදී උනත් කපපන්.. ආසියා ගහපු ගමන් එව්වා වැටෙන නිසා ලඟ ටියාගෙන වැඩක් නැහැ.
2.ප්‍රති වාදි එකා කපෛද නැද්ද කියන අවබෝදෙන් ඉන්න ඕනේ.. ඒක හිතලා කපන්න ඕනේ කොළේ විශාලත්වය තිරණය කරගන්න.. ඒකට පැක එකගැන මතකයක් තියෙන්න ඕනේ...
ඔය ඇති.... තව හොර බාල්දු ගහන සීන් එහෙම තියෙනවා.. එව්ව ගහන්න කලින් අනික් උන් දෙන්නා කොහොම මීටර්ද කියලා නෝට් කරගන්න ඕනේ නැතුව එකපාරට බාල්දු කෙළලා නොන්ඩි වෙන්න වෙනවා මාට්‍ටු උනොත්...
ඔය මොන ට්‍රික් එකක් දැනන් හිටියත් වැඩක් නැහැ.. යන කොළ මතක තියා ගත්තේ නැත්නම්.. ගුඩ් ලක්... තව ටික්ස් ඇත සමහර එව්වාඅ... ඔය හොඳටම ඇත තද බල බූරු කාරයෙක් වෙන්න....
කට්ටිය ඉල්ලුවොත් මම පුලුවන් වෙලේක මීට වඩා පැහැදිලි කරලා ත්‍රේඩ් එකක් දාන්නම්...

Luke.... anit trix tikath daanna machoo..... Beetha gahanawa wage monaada monaada thiyenawa neda?ewath pahadili karapan puluwannam.adenawa saho!