thealoneguy

Member
Oct 26, 2014
14
2
3
මං ගොඩක් කල් දුක් විඳිනවා මේ social anxiety නිසා. බෙහෙත් ගත්තා. ඒත් කියන්න තරම් අඩුවක් නෑ 10% විතර යන්තම් වාගෙ පොඩ්ඩක් හොඳයි. ඒත් දැන් බෙහෙත් ගන්න තරම්වත් වත්කමක් නෑ. මේ ගැන thread එකක් මං කලිනුත් දාලා තියෙනවා.
මේ තමා මට දැනෙන දේවල්
1. හරියට කතා කරන්න බෑ වචන පැටලෙනවා, කියන්න ඔන දේ නෙවෙයි කියවෙන්නේ වෙන දෙයක්, කවුරුහරි කතා කරන්න පටන් ගත්තොත් මගෙ ඔලුව සම්පූර්ණ හිස් වෙනවා මොකුත් සිහියට එන්නෑ, කවුරුහරි බැන්නොත් බැනගන්න ශක්තියක් නෑ, විහිලුවක් කරගන්න තේරෙන්නෙ නෑ, කා එක්ක හරි කතාකරන්න තේරෙන්නෙ නෑ. එහෙම වචන කීපයක් කතා කරත් මගෙ කටහඩ ගොඩක් හෙමින් අැහෙන්නෙ. කවුරුහරි මොකක්හරි අැහුවොත් දෙපාරක් තුන්පාරක් අහනවා මොකද මගෙ කටහඩ අැහෙන්නැති නිසා. මේ තත්වෙ ගෙදරදි නම් නෑ.
2. කවුරුහරි ඔච්චමට හරි පල් කරන්න හරි දෙයක් කීවොත් ලොකු මානසික පසුබෑමක් අැතිවෙනවා
3. පොඩිකාලෙ ඉදන් මේක නිසා චාටර් වෙවී මුලුගැන්නිලා ගෙවපු ජීවිතේ මතක් වෙලා මානසිකව වැටෙනවා
4. අනික් කෙල්ලො කොල්ලො ලස්සනට ඉන්න හැටි දැකලා ඉරිසියාවක් හිතෙනවා
5. කෙල්ලෙක් නැති එක සහ මේ අාත්මෙට කෙල්ලෙක් සෙට් නොවීම සහ එහෙම කරගන්න මට තියන හැකියාව ගොඩක් අඩුවීම
6. ක්‍රීඩා බැරිවීම; ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, ෆුට්බෝල්, බාස්කට්බෝල්, කැරම්, දාම් මේ කිසිම ක්‍රීඩාවක් මං ප්‍රායෝගිකව කරලම නෑ. ඒව ගැන මං දන්නෙත් නෑ කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මගෙ social phobia නිසා මං ඒවට යොමු වුනේ නෑ (අද කාලෙ ක්‍රීඩාවක් කරගන්න බැරි එකෙක් ඉන්නවා කියන්නෙ කොහොම මානසික වදයක්ද කියලා කාටවත් තේරෙන්නෙ නෑ;අනික මේ දවස්වල ටෙස්ට් ක්‍රිකට් නිසා කවුරුහරි මගෙන් ඒ ගැන අැහුවොත් මට උත්තරයක් දීගන්න බෑ. ලංකාවෙ හැම කොල්ලෙක්ම ක්‍රිකට් කරනවා. ඒත් මං වාගෙ කාලකන්නි බල්ලෙකුට ඒකත් බෑ)
7. මං ට්‍රිප් එකක් ගියපු කාලයක් මට මතක නෑ. තුනේ හතරෙ පහේ ඉන්නකොටනම් ගියා.ඉන් පස්සෙ නෑ.අඩුගානෙ ගමේ කට්ටිය එක්කවත් ගියෙ නෑ.
8. සාමාන්‍යයෙන් කොල්ලො කරන දේවල් කරන්න මට කිසිම හයියක් නෑ.
9. මට දැන් අවුරුදු 21යි. තාම ජොබ් එකක් නෑ. ඒත් මගෙ මානසික තත්වෙ හැටියට මට ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා මට හිතාගන්න බෑ.
10. සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න මට පුලුවන් වෙයි කියල මට හිතෙන්නෙ නෑ
මං මේ දවස්වල ජීවත් වෙන්නෙ ගොඩාක් දුකින්. මට එපාම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. උදේ නැගිටපු වෙලේ ඉදන් හිතෙන්නෙ මේ ගැනමයි. අනික ලංකාවෙ මිනිස්සු social anxiety ගැන දන්නෙත් නැති නිසා කාටවත් තේරුම් කරන්නත් බෑ. මට අවස්ථා දෙකයි තියෙන්නෙ. එකක් මේ හැම දෙයක්ම හදාගෙන ජීවත් වෙන එක.(ඒකනම් මට හිතෙන්නෙ නෑ ප්‍රායෝගිතව කරන්න පුලුවන් කියලා අනික එහෙම කරත් දැන් අැති වැඩේ මොකක්ද) අනික තමා මගෙ ජීවිතේ නැති කරගන්න එක. මට මේක ගැනනම් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා. කොහොමහරි මේ ජීවිතේ නැති කරගන්න ඔන කියල මට නිතරම හිතෙනවා. මට හිතෙන්නෙ ඒක තමයි මට පේන හොදම විසදුම. අනික මෙහෙම ජීවත් වෙලා මොකටද?මොකක් වෙනුවෙන්ද මං ජීවත් වෙන්නේ. තවත් දුක් විදින්නද. ඉන්ටනෙට් එකේ තියන විදියටනම් මේ ලෙඩේ 100% හොද කරන්න බෑ. පාලනය කිරීමක් විතරලු කරන්න පුලුවන්. ඒ කියන්නෙ හැමදාටම මට මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්නේ. මං මේක දැම්මේ මගෙ ඔලුව හොදටම අවුල් වෙලා තියන නිසා. ඔයගොල්ලන්ගෙ අදහස් මට දැනගන්න. අනේ මං දන්නෙ නෑ මොනව කරන්නද කියලා. මේක කියවන අය හිතන්න එපා ඔයගොල්ලො බයිට් කරන්න කරන දෙයක් කියලා.බොරුවක් කියලා හිතන්නත් එපා. මට මේ ගැන කියාගන්න කවුරුවත් නැති නිසා තමයි මේකෙ දාන්න හිතුවේ.

 
Last edited:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :frown: අවුරුදු 21යි, ඉතින්?? මටත් තාම job එකක් නෑනේ...?? කොල්ලෝ... හැමදේටම මුල් වෙන්නේ තමන්ගේ හිත. :yes: ප්‍රශ්ණයක් ජීවිතේට ආව කියල මැරෙන්න දගලන්නේ නැතුව මේ ලෝකේ තවත් එක් දවසක් හරි ජීවත් වෙන්න fight එකක් දියන්. ප්‍රශ්ණ එන තරමට මිනිස්සු මැරෙන්න පටන් ගත්තනම් අද මේ හැමදේම මීට වඩා ගොඩක් පිටිපස්සෙන් තියෙන්න තිබුන, මැරෙන එක නෙමි බං වැඩේ... කරදර වලට කරදර කර කර ජීවත් වෙන්න පුරුදු වෙයන්, :yes: අත පය හතර තමන්ගෙ රට වෙනුවෙන් පූජ කරල කාටත් වඩා සතුටින් මේ රටේ ජීවත් වෙන වීරයො කොටසකුත් ඉන්නව උබත් දැකල ඇතිනේ? ඒ මනුස්සයො අදත් ඒ වගේ ජීවත් වෙන්නෙ තමන් ගැන හිතේ තියෙන විශ්වාසෙ නිසා බන්. ලෙඩ එනව යනව සමහර ඒවා නවතිනව, එහෙමයි කියල ලෙඩවලට තමන්ගෙ ජිවිතේ බාර දීල අත් දෙක පිහදාන් ඉන්න එපා යාළුවා... :yes: 100%ක් හොද කරන්න බැරිනම් හිතේ ශක්තිය තමන් වෙනුවෙන් 100%ක් තියාගෙන ජීවත් වෙන්න. එතකොට කවදාවත් ඔයවගේ දේවල් හිතෙනකක් නැ. ජය වේවා..!!! :cool:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ado uba uba visinmane ban manasikawa wetila thiyenne ochchara hithanna yanna epa machan hemadeyakma saralawa ganin kokatath doc kenek hambaweyan eka hoda ubata e gollo therapist dei ethakota :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අය්යෝ ඕව ඔච්චර හිතන්න එපා බන් .. ඔකේ තියන සමහර ඒවා මටත් තියනව .. අනිත් උන් ඉන්න විදිහට උබත් ඉන්න ඕනේ නැනේ ..
    මටත් සමහර වෙලවට වචන පැටලෙනවා .. ගොඩක් හය්යෙන් කතා කරන්නත් බෑ ..
    ඉතින් මම නං කරන්නේ කියපු එක තෙරුන් නැත්තන් ආයෙත් කියනව .. මහා ලොකු දෙයක්යේ ..

    යාලුවෝ නැතුවම නෙමේනේ උබට ඉන්නව කිව්වේ ඉතින් ..
    මාත් cricket ගහන සෙල්ලන් කරන ඒවාට වැඩිය කැමති නෑ . මම නං කියනවා ඉතින් මම ඕවට වැඩිය නැනේ බන් උබල ගහපන් කියල

    අව්ලක් නැනේ ඉතින් .. උබ හිටපන් උබේ විදිහට අනුන්ගේ විදිහට අමාරුවෙන් ඉන්න යන්නේ .. බය වෙන්න කියල නෙමේ මුකුත්ම නොකර ඉන්න කියලත් නෙමේ උබට පුළුවන් ඒවා ඇතිනේ ඒවගෙන් උබ කරපන් අනිත් එවුන් කරන ඒවා නෙමේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මේ ලෙඩේ අන්තිම අවස්ථාව තමා ජීවිතය නැති කරගන්න හිතෙන එක. හරියට ඩෙංගු හැදිල හරියට සනීප කලේ නැත්තෙන් මැරෙනව වගේ. මම දන්නෙ නෑ ඇයි ඔයාලගෙ දෙමව්පියො මේ දේ ගැන බැලුවෙ නැත්තෙ කියල. කොහොමහරි ඔයා බැලුවෙ මේ ලෙඩේ ට බෙහෙත් විතරයි. ඇයි අධ්‍යාත්මික දේවල් ගැන හිතුනෙ නැද්ද? බුදුදහමෙ මේ දේවල් වලට ඕන තරම් ප්‍රතිකාර තියනව. භාවනා ක්‍රම ඉගෙනගන්න. ඒව කරන්න. ඊට පස්සෙ ඔයාගෙ ලෙඩේ නැති කරගන්න නම් ඔයා practical වෙන්න ඕන. ඒ කියන්නෙ ඔයාට කරන්න බැරි දේවල් කරන්න හිත කොහොමහරි ශක්තිමත් කරගන්න ඕන. ඒ හිත ශක්තිමත් කරන එක තමා ආධ්‍යාත්මික දේවල් වලින් කරන්නෙ. ඒ වගෙ පන්සලකට ගිහින් ඒ දේවල් ගැන ටිකක් හොයන්න. එහෙම නැත්තන් ඔයාටම මේක තනියම කරන්න පුළුවන්. භාවනවක් තනියම ප්‍රගුණ කරන්න. ආනාපානසති භාවනාව කරන්න. අන්තිමට කියන්න තියෙන්නෙ හැමදේටම මුල හිත. ඔය හිත පාලනය කරන්න ඔයාටම පුළුවන් හරියට හිතට ගත්තොත්.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අය්යෝ ඕව ඔච්චර හිතන්න එපා බන් .. ඔකේ තියන සමහර ඒවා මටත් තියනව .. අනිත් උන් ඉන්න විදිහට උබත් ඉන්න ඕනේ නැනේ ..
    මටත් සමහර වෙලවට වචන පැටලෙනවා .. ගොඩක් හය්යෙන් කතා කරන්නත් බෑ ..
    ඉතින් මම නං කරන්නේ කියපු එක තෙරුන් නැත්තන් ආයෙත් කියනව .. මහා ලොකු දෙයක්යේ ..

    යාලුවෝ නැතුවම නෙමේනේ උබට ඉන්නව කිව්වේ ඉතින් ..
    මාත් cricket ගහන සෙල්ලන් කරන ඒවාට වැඩිය කැමති නෑ . මම නං කියනවා ඉතින් මම ඕවට වැඩිය නැනේ බන් උබල ගහපන් කියල

    අව්ලක් නැනේ ඉතින් .. උබ හිටපන් උබේ විදිහට අනුන්ගේ විදිහට අමාරුවෙන් ඉන්න යන්නේ .. බය වෙන්න කියල නෙමේ මුකුත්ම නොකර ඉන්න කියලත් නෙමේ උබට පුළුවන් ඒවා ඇතිනේ ඒවගෙන් උබ කරපන් අනිත් එවුන් කරන ඒවා නෙමේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machan kolla umba satha 5kata bayawenna epa.Oya lede echchara serious mental disorder ekak nemei okata onetaram beheth tiyenawa ganna!Tawa psychotherapith tiyenawa.Serious nehe kiwwe oyata monawath delusion & hallucinations wage ewwa nane.ewa tibunoth tamai honda karanna amaru.Mulinma honda psychiatrist kenek hambuwenna.etapasse eyaata podi kale indan scene eka kiyanna!eta passe eya beheth dei.ekiyana widihatama ganna.mulin tikak amaruwei sideeffects hinda.passe kal yanakota beheth angata allanakota awlak wenne na.Maasa 3k witara gannakota oyatama terei mama kiyanne mokakda kiyala.hema behetama hamootama hariyanneth na.eka eka ekkenagen ekkenata wenaswenawa.doctor appointments walata hariyata waraddanne natuwa yanna.oyata eka behetak harigiye nathiunoth doctor beheth maaru karala dei.oya lede tiyenakota hari amaarui mama dannawa mokada matath oya kiyana case eka tikak tiyena hinda.matath mental disorders ekak nemei godak tiyenawa mainly OCD n genaral anxiety disorder.mamath owata beheth bonawa.owa ohoma tamai lokka oya leda me oyata mata witarak tiyena ewwa nemei.Hebei me eka ekkena kiyanawa wage owa hithe leda kiya kiya indalanan hariyanne na.owa boru katha machan mokada mental disorders kiyanneth oya diabetes gastrities wage leda tamai.mokada ape body eke anith parts wagema brain eketh leda atiwenna barida?Oya ape society eka echchara developed neban tawama developed countries wala wage.ekai ohoma wenne.sahenna stigma tiyenawa ape rate owata.ekane ape minissu tawama devaala gaane yanne.ikmanata saneepa wenna!!oyata tawa onetaran kal tiyenawa oya 21 kiyanne hari podi wayasak malli.good luck bro.........
     
    • Like
    Reactions: chethana kalan