මුල ඉඳල ඉගෙන ගන්න ආසනම් HTML, CSS වලින් පටන් ගන්න පුළුවන්. තව ඊට අමතරව Web Hosting, Domain හා අනෙකුත් වැදගත් වෙන දේවලුත් දැනගන්න වෙනව. ඒව ගැන වීඩියෝ ටියුටෝරියල් හා වෙනත් මූලාංශ තියෙනව ඉගෙන ගන්න.
එහෙම නැතුව දැනගන්නෙ ම නැතුව ඉතින් හදන්නත් පුළුවන් සයිට් එකක්. හැබැයි ඒක ඉතින් සාමාන්‍යය වෙනත් අය හදල තියෙන එකක් තමන්ට ලේසි විදියකට වෙනස් කරගැනීමක් තමයි බොහෝ විට වෙන්නෙ. ඒවට කෝඩ් ලියන්න ඕන නෑ. එක එක ලිමිට් තියෙනව ඒවට.
තව ඉතින් ඩිසයින් ගැන දැනගන්නවනම් Photoshop හෝ Adobe XD වගේ පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක හොඳයි. මැක් වගේ OS එකක් පාවිච්චි කරනවනම් Sketch වගේ පාවිච්චි කරන්න දැනගන්න පුළුවන්.
රැකියාවකට හෝ වෙනත් අරමුණක් උදෙසා දීර්ගව ඉගෙනීමට බලාපොරොත්තු වෙනවනම් ඉතා විශාල පරාසකයට විහිදුන හා නිරන්තර අලුත්වන පැත්තක් තමයි ඕක. විවිධ Web Programming Language, Technologies, Trends etc. සෑහෙන්න තියෙනව.