heta parawal wahanne මෙහෙමයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    1777.gif



    විජයග‍්‍රණයේ පෙළපාලිය නිමිත්තෙන් රථවාහන පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කරයි. පොලීසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන පෙරවරු 05.00 සිට වැඩසහන අවසාන වන තෙක් මෙම ක‍්‍රියාත්මක එම සැලැස්ම මෙසේයි.

    ගාලූ පාර – බගතලේ පාර, හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා.

    මුහුදුබඩ මාර්ගය – කොල්ලුපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට කොල්ලූපිටිය දුම්රියපළ හන්දිය දක්වා.

    ධර්මපාල මාවත – කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා.

    ශ්‍රී උත්තරා නන්ද මාවත – නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා.

    කොම්පඤ්ඤවීදිය – ජස්ටීස් අක්බාර් මාවත, මැලේ විදිය හන්දිය සිට

    මාකන් මාකර් මාවත හන්දිය දක්වා.

    කොටුව ප්‍රදේශය – ලෝටස් පාර, යොර්ක් වීදිය හන්දිය සිට ගලදාරි වටරමුවම දක්වා.

    බැංකු මාවත, යෝර්ක් විදිය, ජනාධිපති මාවත දක්වා සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා.

    වසා තැබෙන මාර්ග වෙනුවට විකල්ප මාර්ග.

    කොටුව පිටකොටුව සිට ගාලූ පාර දෙසට කොළඹින් පිට වන බස් හා සැහැල්ලූ වාහන සඳහා…

    සීනෝර් හන්දිය, ගුණසිංහ පුර හන්දිය, ටෙක්නිකල් හන්දියෙන්, දකුණට හරවා මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩාලි පාර, ඉබ්බන්වල හන්දිය, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත හන්දියෙන් වමට හරවා එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පැමිණ දකුණට හරවා සී ඩබ් ඩබ් කන්නංගර මාවත, හෝටර් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුදුවත්ත වටරවුම, රීඞ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලර්ස් පාර ඔස්සේ ඩුප්ලිකේෂන් බුලර්ස් හන්දියෙන් වමට හරවා ඩික්මන් පාරෙන් ගාලූ පාරට ඇතුළුවිය හැකිය.

    • ගාලූ පාර ඔස්සේ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන බස් හා සැහැල්ලු වාහන සඳහා…

    කොල්ලුපිටිය බගතලේ පාර හන්දියෙන් දකුණට හරවා ඩුප්ලිකේෂන් පාරෙන් තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, JOC හන්දිය, කේම්බිරන සජ් පෙදෙසින් දකුණට හරවා ඇල්පරහන ඞ් චන්ද්රනවංකය, නන්දා මෝටර්ස් හන්දිය, හෝර්ටන් වටරවුම, සී .ඩබ්. ඩබ් කන්නංගර මාවත, සොයිසා වටරවුම, ඞීන්ස් පාර සීමන්ස් හන්දිය, මරදාන පාලම හන්දිය, මරදාන පාර, ටෙක්නිකල් හන්දියෙන් වමට හරවා ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුව දක්වා.

    • බර වාහන (කන්ටේනර්, ලොරි, ටිපර්) ගමනා ගමනය සදහා විකල්ප මාර්ග… ගාලූ පාරෙන් පැමිණෙන සහ පිටවන බර වාහන ගමනාගමනයට ඉඩදෙනු ලබන්නේ වැල්ලවත්ත ගාලූ පාර, ඩබ් ඒ සිල්වා මාවත, හැව්ලොක් පාර, පර්ක් පාර, බේස්ලයින් පාර ඔස්සේ පමණි.

    රථවාහන පාර අයිනේ නවතා තැබීම නොකළ යුතු මාර්ග…

    • බම්බලපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා ගාලූපාර

    • ධර්මපාල මවාත

    • ආර් ද මෙල් මාවත

    • මරදාන පාර

    • ඩීන්ස් පාර

    • ටී බී ජයා මාවත

    • ඕල්කට් මාවත

    • යෝර්ක් විදිය

    • බාරොන් ජයතිලක මාවත

    • මැලේ විදිය

    • කුමාරන්රත්නම් පාර

    • මල්පාර

    • සර් ජේම්ස් පිරිස් මාවත

    • ජස්ටීස් අක්බාර් මාවත

    • යුනියන් පෙදෙස