You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.

nice
මීට අමතරව උපුටා ගැනීම් සමග මට ඇතිවූ ප්‍රශ්ණ මෙහි දක්වමි,
1 )ලෝකය මැවූ දෙවිදුන් විසින් ජීවය නැමැති විශිෂ්ට නිමැවුම කළ බව මෙමගින් කතුවරයා විසින් පාඨකයන්වෙත අවධාරණය කෙරේ. එසේම දෙවියන් වහන්සේ විසින් සතුන් පිරිමි සතා සහ ගැහැණු සතා යනුවෙන් දෙකොටසකට බෙදෙන අයුරින් නිසි ලෙසට මවා ඇති බවත් එය අපට වෙනස් කළ නොහැකි බවත් අවධාරණයෙන් පවසයි.
මෙහිදී මට ඇතිවන ප්‍රශ්ණය නම් ඔබගේ මූලාශ්‍රයට අනුව දෙවියන් වහන්සේ විසින් වෙනස්කම් ඇතිව නොවෙනස් කළ හැකි අයුරට සියළු සත්ත්වයන් ගැහැණු සහ පිරිමි වශයෙන් වෙන් වෙන්ව ජෝඩු වශයෙන් මවා ඇත්තේවී නම් කිසිසේත්ම ජාන විකෘතියන් නොවන උභය ලිංගික සත්ත්වයන් සිටින්නේ කෙසේද? උන් මැවී ඇත්තේ ඉබේමද ? නැතහොත් දෙවියන්වහන්සේට වැරදී ඇත්ද ? එසේත් නැතොත් ඔබගේ මූලාශ්‍රය නිවැරදි නොවේද ?
Earthworms are simultaneous hermaphrodites, having both male and female reproductive organs.
මෙය කාටත් පැන නගින ප්‍රශ්ණයක් වන්නේ මක් නිසාද යත් මේ උභය ලිංගික සත්ත්වයන් අතර කිසිදු වෙනසක් නැති බැවිනි... උන්ගෙන් කොටසක් බෙදා ගැහැණු පිරිමි යැයි කිව නොහැක ! මා වැරදි නම් ගැඩවිලාගේ ස්ත්‍රීලිංගික පදය කුමක්ද ? උන් එකිනෙකා ප්‍රජනනය පවා කරන්නේ, තමවර්ගයා පවත්වාගෙන යති. මෙය රැවුල සම්බන්ධ මාතෘකාවෙන් මදක් ඔබ්බට ගියද ඔබගේ වාඛ්‍ය කණ්ඩයේ, තර්කයේ එමෙන්ම, මූලාශ්‍රෙයේ ඇති පරස්පර ස්වභාවය මනාවට පෙන්නුම් (කරයි/නොකරයි පිළිතුරක් දෙන්න.)
මෙවන් ද්ව්ලිංග සතුන් මැවීම ගැනද වෙනම විස්තරයක් ඔබගේ මූලාශ්‍රයේ සදහන්වේ නම් එය පෙන්වාදෙන්න.
2) මෙහිදී ඔබ කියා ඇති දෙය ව්‍යාකරණානුකූලව තරමක් අපහැදිලි වුවත් වැටහෙන අන්දමට මාහට ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ ඔබගේ මූලාශ්‍රයට අනුව රැවුල යන සාධකය ලෝකයේ සියළු පිරිමි සතුන්ට විශේෂ නම් පෙර කී ගැඩවිලාට ඇති රැවුලක් කොණ්ඩයක් තිබේද යන්නයි.. ? එසේ නම් උන් මෙආකාර විය යුතුය ?
********
මෙයට අමතරව, තවත් අයෙකු විසින් බිදහලනු (ලැබූ ?/නොලැබූ එසේ නොවේ නම් පිළිතුරක් දෙන්න) ඔබේ පක්ෂයේ ප්‍රධානම තර්කය වූ බෞද්ධ ධර්මයේ නිර්මාතෘවන ගෞතම බුදුන් හා එකල භික්ෂූන් රැවුල වැවවා යන්න සම්බන්ධ පිළිතුරු දීමක් ඔබ නොසලකා හැර ඇත. මෙය බලා නැවතත් මතක් කරගන්න.
********
[/CENTER]
ඔබ හෝ වේවා ..... ඔබේ පක්ෂයට කතා කර කරුණු දැක්වූ කවරෙකු හෝ වේවා. මෙයට පිළිගත හැකි සාධක සහිත නිවැරදි පිළිතුරු ලබාදුන්නාට කම් නැත. ඔබේ පක්ෂය වෙනුවෙන් ඉතා වෙහෙස වෙමින් ඡායා රූප ගෙන හැර පාමින් කතා කළ සහෝදර සාමාජිකයනුයි මේ,
එක් අයෙකු හෝ මා හට පිළිතුරු දෙනු ඇතැයි බලාපොරොත්තුවෙමි....
මෙයට පිළිතුරු ඔබ සතුව නැති නම් මෙම ලිපියේ පැවැත්ම උදෙසා ඔබට කළ හැකි විශාල මෙහෙවරක් වන්නේ බම්ප් එකක් දමා යෑමයි. කියවූ ඔබට ස්තූතියි.... !
..........
Mekata reply karannako