Hidden agenda of islamic finance

දෙරණ

Member
Mar 7, 2013
69
12
0
600215_347001562086643_1229910775_n.jpg




අමානා බැංකුව නම් වූ ඉස්ලාමීය බැංකුවක් විවෘත කෙරෙන බව කියූ පෝස්ටුවක් දුටුවෙමි. එය මගේ මිතුරන්ට දැන ගන්නට බෙදා හැරියෙමි. එහෙත් එය ප්‍රමාණවත් නැතැයි මට සිතෙන්නේ ඒ යටින් දිවෙන සැබෑ අවදානම දුටු නිසාය. එබැවින් මේ බැංකු කතාවේ සැබෑ තතු ඔබටද ඉදිරිපත් කළ යුතු යැයි මම සිතුවෙමි.
මෙරට බැංකු ක්‍රමය පිහිටවූයේ අදක ඊයේක නොවේ. කාලාන්තරයක් තිස්සේ මෙරට බැංකු තිබිණ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව ආදී බැංකු දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ තිබූ බැංකුය. ඊට අමතරව පෞද්ගලික අංශයේ බැංකු රැසක්ද වෙයි. මේවා සමග ගනුදෙනු කරන්නේ සිංහලයින් පමණක් නොවේ. දමිල ජාතිකයින්ද මුසල්මානුවන්ද මේ වන තෙක්ම මේ බැංකු සමග ගනුදෙනු කරති. මේ බැංකු සමග ගනුදෙනු කිරීම අකැප හෝ “හරාම්“ යැයි එදා කිසිවෙකු කීවේ නැත.
එහෙත් ඔවුන්ට හදිසියේම මේ බැංකු “හරාම්“ වී ශාරියා නීතියට අනුකූල “හලාල්“ බැංකු ක්‍රමයක් උවමනා වී ඇත්තේ ඇයි?
මුසල්මානුවන්ට බලය අතට ගන්නට උවමනා නමුදු එක් වරම ඔවුන්ගේ අන්තවාදය පතුරුවන්නටවත් ශාරියා නීතිය ගෙන එන්නටවත් ඔවුන්ට නොහැකිය. ඒ සදහා ඔවුන්ගේ ජනගහනය තවමත් ප්‍රමාණවත් නැත. (එයට ප්‍රමාණවත් ජනගහණයක් සිටියේ නම් ඔවුන් දෙවරක් නොසිතාම ඒ බලහත්කාරය ක්‍රියාත්මක කරවනු ඇත.)
එබැවින් ඔවුන් තම අන්තවාදය වපුරන්නේද මෙරටට ශාරියා නීතිය ගෙන එන්නේද ක්‍රම ක්‍රමයෙනි. ඉතින්... ශාරියා නීතිය මෙරටට ගෙන එන ගමනේ මග සළකුණු මේ යැයි ඔබට පෙන්වා දිය යුතුය.
ලංකාවේ විවාහ නීතිය තුළට ශාරියා නීතිය ඔබ්බවා ගන්නට මුසල්මානුවෝ සමත් වූ බව මුස්ලිම් විවාහ නීතිය හා ක්වාසි අධිකරණ ගැන කියමින් මම මෙයට පෙර ඔබට පෙන්වා දුන්නෙමි. ලංකාවේ බැංකු ක්‍රම තුළටද ශාරියා නීතිය රිංගවා ගැනීම ඒ ගමනේම තවත් අදියරකි.
වසර ගණනාවක් තිස්සේ කිසිදු කන් කෙදිරියකින් තොරව රාජ්‍ය බැංකු හා අනෙකුත් පෞද්ගලික බැංකු සමග ගනුදෙනු කළ මුසල්මානුවන්ට, ඔවුන්ගේ අන්තවාදය පැතිරවීමට ඕනෑ වූ විට මේ බැංකු ක්‍රම හරාම් වීය. ඔවුන්ටම විශේෂිත වූ හලාල් බැංකු ක්‍රම උවමනා වීය. ඒ ඉස්ලාමීය ශාරියා නීතියට අනුකූල බැංකු ක්‍රමය. ඒ අනුව ඔවුන් 2005 මාර්තු මාසයේදී 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කරවමින් ඒ තුළට ශාරියා නීතියෙන් අනුමත ඉස්ලාමීය බැංකු ක්‍රම රිංගවා ගන්නට සමත් වූහ.
ඉස්ලාමීය බැංකු ක්‍රම තම රට තුළ පවත්වාගෙන යන්නට නීතිමය අවසරය දුන් ඉස්ලාමීය නොවන රටවල් ලෝකයේ ඇත්තේ ඉතාම අතලොස්සකි. ශ්‍රී ලංකාවද ඒ අතලොස්ස අතරින් එකකැයි Riyazi Farook නැමැත්තා Islamic banking and finance in Sri Lanka, A paradigm of Success නම් ලිපියෙහි කියා ඇත. ඔහු තම ලිපියේම කියා ඇත්තේ ඉස්ලාමීය බැංකු ක්‍රම මෙරට පිහිටුවා ගැනීම මෙරට මුසල්මානුවෝ කාලයක් තිස්සේ ඉවසීමෙන් කටයුතු කර ලබා ගත් ජයග්‍රහණයකැයි කියාය.
ඉතින්... කාලයක් තිස්සේ කුමන්ත්‍රණය කර ලබා ගත් අවස්ථාවෙන් එතැන් පටන් ඔවුහු අත දිගහැර ප්‍රයෝජන ගන්නට පටන් ගත්හ. ඔවුහු මහබැංකුවේ අනුමැතිය ඇතිව ශාරියා නීතියට අනුකූල ඉස්ලාමීය මූල්‍ය ආයතන මෙරටෙහි පිහිටුවා ගත්හ. අමානා ඉන්වෙස්ට්මන්ට්ස්, සෙලින්කෝ ඉස්ලාමික් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් (CIIC), මුස්ලිම් කොමර්ෂල් බැංකුව (MCB), නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් (NAMAL), ෆස්ට් ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් ගෘෘප් හා ABC ඉන්වෙස්ට්මන්ට් මෙසේ පිහිටුවා ගත් ඉස්ලාමීය මූල්‍ය ආයතනය. මේ මුසල්මානු මූල්‍ය ආයතනයන් මෙරට තුළ පිහිටුවන්නට දැඩි උත්සාහයක් ගත්තේ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් ඇමතිවරුය.
මේ ආයතන පිහිටුවා ගත් පසුවද ඔවුහු ඒ ආයතන කැපී පෙනෙන අයුරින් කරලියට ගෙන එන්නට සෑහෙන කාලයක් තිස්සේ ඉවසිලිමත්ව බලා සිටියහ. ඔවුන් බලා සිටි අවස්ථාව එළඹුණේ ලංකාවේ සංවර්ධනය අඩාල කළ තිස් වසරක යුද්ධය අවසන් වූ පසුවය.
ඉතින්... යුද්ධය අවසන්ව උතුරු නැගෙනහිර සංවර්ධනය ඇරඹිණ. නැගෙනහිර ප්‍රදේශය සීග්‍රයෙන් සංවර්ධනය වෙන්නට පටන් ගැනීමත් සමගම සංවර්ධනයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කොටගෙන නැගෙනහිර පලාත තුළ මේ ඉස්ලාමීය බැංකු පිහිටුවන්නට මුසල්මානුවෝ කඩිනමින් පියවර ගත්හ. ඒ අනුව අමානා බැංකුවේ නැගෙනහිර පලාතේ පමණක් පිහිටුවා ඇති ශාඛා සංඛ්‍යාව හයකි. ඒ නින්ටවුර්, කාත්තන්කුඩි, කල්මුණේ, ඔඩ්ඩමාවඩි, සමන්තුරේ, සහ අක්කරපත්තු යන නගර වලය.
ශාරියා නීතිය අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉස්ලාමීය බැංකු ශාඛාව පිහිටවූයේ කොළඹ 03 ප්‍රදේශයේදී 2011.08.11 දිනදීය. එදා සිට මේ දක්වා දෙවසරකටත් අඩු කෙටි කාලය තුලදී අමානා බැංකුවේ ශාඛා 17ක්ම ලංකාව පුරා පිහිටුවා ගන්නට ඔවුහු සමත් වූහ.
ලංකාවේ බහුතරයකට කිසිසේත්ම අවශ්‍ය නොවන ඉස්ලාමීය බැංකු ක්‍රමය අප පිට බලෙන් පැටවීමේ අරමුණ අපට හොදින් හදුනා ගත හැකි එක් ප්‍රකාශයක් මට හමුවිය. ඒ මේ වසරේ පෙබරවාරි 20 දින කුලියාපිටිය අමානා බැංකුව විවෘත කිරීම පිළිබදව වූ ලිපියකිනි. කුලියාපිටිය යනු වේගවත් සංවර්ධනයක් සිදුවෙමින් පවතින, ස්වාභාවික සම්පත් වලින් අනූන කෘෂිකාර්මික ප්‍රදේශයකැයිද එහි සංවර්ධනයේ හා ස්වාභාවික සම්පත් වල ආර්ථික ප්‍රතිලාභ ආයෝජනය කරන්නට කුලියාපිටියේ ජනතාවට මූල්‍ය පහසුකම් සලසා දිය යුතු යැයිද එහි කියවිණ.
ඒ හැම වචනයකම ඔවුන්ගේ අරමුණ හොදින් පැහැදිලි වී පෙනෙනවායැයි මම සිතමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ ඔවුන් වෙත යොමු කර ගැනීමය. ඔවුන්ගේ ඉලක්කය වනුයේ ස්වාභාවික සම්පත් ඇති, ආර්ථික සංවර්ධනය ඇති අපේ නගරය. ඒ හැම නගරයකම ඔවුන්ගේ ඉස්ලාමීය බැංකුවක ශාඛාවක් පිහිටුවා ගන්නටය. ඒ හරහා ප්‍රදේශයේ ධනය ඔවුන් වෙත යොමු කරවා ගන්නටය.
සරලව කිවහොත් මෙසේය. අපගේ සංවර්ධිත නගර සියල්ලකම ඔවුහු ව්‍යාපාර අරඹති. සිංහල ඇතුළු සියළුම ජනතාව ඒ වෙත අද්දවා ගනිති. ඒ හරහා ඔවුන්ගේ මෙන්ම සිංහල දමිල ජනතාවගේ මුදල්ද ඔවුන් වෙත ඇදෙයි. එසේ තමන් වෙත අද්දවා ගන්නා මුදල් ඔවුන් තැන්පත් කරන්නේ, ආයෝජනය කරන්නේ මේ ඉස්ලාමීය බැංකු වලය. ඉතින්... මේ යන ගමනේදී අපේ රාජ්‍ය බැංකු හා අනෙකුත් පෞද්ගලික බැංකු වලට කුමන ඉරණමක් අත්වනු ඇතිද? ඒවා දෙවන පෙළට වැටෙද්දී මේ ඉස්ලාමීය බැංකු මෙරට තුළ තම ආධිපත්‍යය තහවුරු කරගනු ඇත. ඒ හරහා ඔවුන් මේ රටේ ආර්ථිකය තමා වෙතට නතු කරගනු ඇත.
ඔවුන් මෙසේ එක් රැස් කරගන්නා ආර්ථික බලය අන්තිමේදී පාලනය වන්නේ කා අතින්දැයි අප දැන සිටීමද වැදගත්ය. අමානා බැංකුවේ කොටස් කරුවන් අතර මැලේසියාවේ Bank Islam, සෞදි අරාබියේ Islamic Development Bank, හා බංග්ලා දේශයේ AB Bank යන ආයතන සිටී. එබැවින් ලාංකීය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනතාව අමානා බැංකුවේ කරන මූල්‍ය ආයෝජන පාලනය කරන්නේද, එහි ප්‍රතිලාභ භුක්ති විදින්නේද ඉහත කී අන්තවාදී රටවල ආයතනය. එය අපේ රටේ ආර්ථික සංවර්ධනය ඔවුන්ට බදු දුන්නාක් වැනිය. ඇත්තෙන්ම දැන් මෙය බොහෝ දුරට සිදුවී හමාරව ඇති බැවින් අපට සිදු වී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නටය.
එසේම දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකුකරණයේ මූලස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන්නට ඔවුන් බලාපොරොත්තු වන බව මා ඉහත කී Riyazi Farook ගේ ලිපියෙහි සදහන්ව ඇත.
සුළු ජාතික ඡන්ද දෙස විරිත්තාගෙන ඔළුවේ මල පහරන්නට පවා ඉඩදෙන නිවට අමන පාලකයින් සිටිනා තාක් මේ ඉලක්කයට ලගා වීම ඔවුන්ට අසීරු නොවනු ඇත.
ඉතින්... රටේ සංවර්ධනය සූරා ගනිමින් මෙරට තවත් අරාබි කොලනියක් කරන්නට මේ අන්තවාදීන්ට ඉඩ දෙනවාදැයි තීරණය කළ යුත්තේ ඔබ අපමය.

සදහන් කළ Riyazi Farook ගේ ලිපිය -

http://image.slidesharecdn.com/srilankaparadigm-090227145336-phpapp01/95/slide-1-728.jpg?1240838246

උපුටා ගැනීම-
https://www.facebook.com/photo.php?fbid=155360334628185&set=a.115580918606127.23427.100004626584602&type=1&theater
http://www.facebook.com/photo.php?f...90296587.76674.331565953630204&type=1&theater