ඕක විතරක් නෙවෙයි කොයි කෙල්ලටත් හරි යන සරලම ක්‍රමය : කාවවත් date කරන්ඩ ඕන කමටවත්, සෙට් කරගන්ඩ ඕන කමටවත් බලෙන් වෙනස් වෙන්ඩයි, නැති දෙයක් පෙන්නන්ඩයි, අමුතුවෙන් මොනවත් කරන්ඩයි හදන්න එපා. තමන්ගෙ විදිහට ඉඳපන්. එ්ක ගැළපෙනවා නම් සෙට් වෙයි, නැත්නම් මොකටද?
උඹෙ සාමාන්‍යයෙන් ඉන්න විදිහ එයාට ගැළපෙන් නැත්තම් මොනවා මවා පෑවත් එ්වා හැමදාම කරන්ඩ වෙන් නෑනෙ. එක්කො කවදා හරි අැත්ත එළි වෙලා උඹව ජෝක් එකක් වෙනවා, නැත්තම් බොරුවක් රඟපාන්න උඹට නිකන් නහින්ඩ වෙනවා. එ් මදිවට බොරුවක් කරල සෙට් කරගත්තෙ, අැත්ත දැන ගත්තා නම් ජීවිතේට මේකි කැමති වෙන් නෑ කියල හිතේ වැඩ කරන්න ගන්නවා. කවදාවත් හිතට සාමයක් නෑ. එ්කි අැත්ත දැන ගත්තම දිගටම උඹ එක්ක හිටියත් කවදාවත් අර තිබ්බ attraction එක තියෙන් නෑ. කලකිරීමක් විතරයි ඉතිරි වෙන්නෙ.
රවට්ටලා හිකීම පොර වීමක් නෙවෙයි. සැබෑ හැකියාව කියන්නෙ තමන්ගෙ ක්‍රමය වෙනස් කරගන් නැතිව, බොරු කරන් නැතිව කෙල්ලෙක් කැමති කරගන්න එක. උඹල හිතාගෙන ඉන්නවට වඩා තමන් තමන් වුණාම කෙල්ලො සෙට් කරගන්න ලේසියි බං. ප්‍රසිද්ධියෙ ලව් කරන, බඳින එ්වා කෙසේ වෙතත් අඩුම ගාණෙ හොර ෂොට් එකක් හදා ගන්න, කෙල්ලෙක්ට අමතක නොවෙන කෙනෙක් වෙන්න ඔය හිතාගෙන ඉන්න තරම් අමාරු නෑ.
Counterintuitive කියල හිතෙනවා අැති. හැබැයි තමන්ගෙ සාමාන්‍ය විදිහට ඉඳල, කෙල්ලොන්ට පේන්ඩ කියල අමුතුවෙන් රඟපාන්න, වැඩ දාන්ඩ නොයා, තමන් කැමති කෙල්ලෙක් ඉන්නවා නම් කෙළින් කතා කරල, සෙට් වෙන්ඩ අාසයි නම් කෙළින්ම එ්ක අහල, හා නම් හා, බෑ නම් අායෙ වාත වෙන්ඩ යන් නැතිව වෙන අතක් බලාගෙන ඉඳල බලහන්කො. එවෙලෙට අදිමදි කරත් කාලයක් යද්දි උන්ම අහගෙන පස්සෙන් එන හැටි හොඳට පෙනෙයි.
මොන සමාජ ලෙවල් එකේ කෙල්ලෙක්ට වුණත් අන්තිමට වටින්නෙ බං තමන්ව රවට්ටන්නෙ නැති, තමන්ට වාතයක් වෙන් නැති genuine කෙනෙක්. වෙන වෙන දේවල් පස්සෙ දුවල හති වැටිලා එ්ක තේරුම් ගත්ත කෙල්ලො සෑහෙන ගොඩක් ඉන්නවා.
වැදගත්ම දේ එකක් වෙනුවෙන් නහින්ඩ යන්න එපා. කෙළින් අහපන්, උත්තරේ ඔව් නෙවෙයි නම් කරදර නොකර වෙන එකක් බලහන්. මට නම් 25-30% වගේ success rate එකක් තියෙනවා. උඹෙ පෙනුම තව හොඳයි නම්, වෙන වෙන redeeming qualities වැඩි නම් ඊටත් වඩා සෑහෙන වැඩි වෙයි. එකක් පතා එකකට නහිනවට වඩා සෑහෙන සාර්ථක ක්‍රමයක්.