High Voltage CEB

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,154
    2,699
    113
    මේ වගේ එකකින් ගෙදර TV සෙට් ෆ්‍රිජ් ඔක්කොටම දෙන්න ගියොත් වයරින් එක අපහු කරන්න වෙනවා නේ , ඒ කට මොකද කරන්නේ ?
    ඔව් එහෙම නැතුව බැහැනේ. වැඩිම බඩු තියෙන තැන ඕක ෆික්ස් කරල අනිත් එකට වෙනම පොඩි ලයින් එකක් අදින්න වෙනවා. මට නම් ලොකු අවුලක් උනේ නැහැ මොකද මගේ ලිවින් රුම් එකයි කිචන් එකයි වෙන් වෙන්නේ එක බිත්තියෙන්. ඒ නිසා TV, සවුන්ඩ් සිස්ටම් තියෙන තැන ඕක තියල ෆ්‍රිජ් එකට බිත්තිය උඩින් වයර් එකක් ගත්තා. නොර්මල් වයරින් වයර් දෙකක් ඇද්ද නම් ඇති අර්ත් එක කලින් ෆ්‍රිජ් එක ගහපු ප්ලග් බේස් එකෙන්ම ගත්තා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,337
    19,521
    113
    සෝල නිසයි මේක වෙන්නෙ කියල ආයෙ රාවයක් යවනව..

    අනේ ඉතිං සෝල එන්න කලින් සුපිරිම grid එකනෙ ඉතිං මේ විනාස කරල තියෙන්න්.. over voltage එහෙම අහලම නෑ.. low voltage නම් තිබිලම් නෑ. 😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,826
    8,568
    113
    Inverter off wenawa grid voltage threshold ekata reach unama. ithin gahapu un karanne oya value eka horen wadi karanawa. anathai wate inna aya
     
    • Like
    Reactions: moveon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    ඔව් එහෙම නැතුව බැහැනේ. වැඩිම බඩු තියෙන තැන ඕක ෆික්ස් කරල අනිත් එකට වෙනම පොඩි ලයින් එකක් අදින්න වෙනවා. මට නම් ලොකු අවුලක් උනේ නැහැ මොකද මගේ ලිවින් රුම් එකයි කිචන් එකයි වෙන් වෙන්නේ එක බිත්තියෙන්. ඒ නිසා TV, සවුන්ඩ් සිස්ටම් තියෙන තැන ඕක තියල ෆ්‍රිජ් එකට බිත්තිය උඩින් වයර් එකක් ගත්තා. නොර්මල් වයරින් වයර් දෙකක් ඇද්ද නම් ඇති අර්ත් එක කලින් ෆ්‍රිජ් එක ගහපු ප්ලග් බේස් එකෙන්ම ගත්තා.

    සෝල නිසයි මේක වෙන්නෙ කියල ආයෙ රාවයක් යවනව..

    අනේ ඉතිං සෝල එන්න කලින් සුපිරිම grid එකනෙ ඉතිං මේ විනාස කරල තියෙන්න්.. over voltage එහෙම අහලම නෑ.. low voltage නම් තිබිලම් නෑ. 😂


    මම දැන් චෙක් කරාම 240v එනවා , මේ ගාන අවුල් ද ? stabilizer එකක් දාන්න ඕන ද ? stabilizer එකක් දානවා නම් RCCB එකට කලින් දැම්මොත් මුළු සිස්ටම් එකටම ආරක්ෂාවක් ලැබෙනවා නේද ?
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    822
    2,292
    93
    33
    සෝල නිසයි මේක වෙන්නෙ කියල ආයෙ රාවයක් යවනව..

    අනේ ඉතිං සෝල එන්න කලින් සුපිරිම grid එකනෙ ඉතිං මේ විනාස කරල තියෙන්න්.. over voltage එහෙම අහලම නෑ.. low voltage නම් තිබිලම් නෑ. 😂
    Solar නිසා වෙන්න බැරිමද? මේ 2021 දාපු thread එකේ දේ නේද වෙන්නේ?

    "ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"
    ....
    ගෙවල් වල සෝලාර් ගහන්න ඉල්ලුවාම දෙන්නෙ නෑ ඒකෙ මාෆියාවක් තියෙනව ගාගෙන කෑගහන අයටත් පොදුවේ පැහැදිලි කිරීමක් කරන්නම් ඉතාම සරලව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයෙක් වශයෙන්ම. සාමාන්‍යයෙන් ගෙදරකට කරන්ට් එක එන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකකින්. එතකොට ගෙදරට කරන්ට් එක එන ලයින් එකට electricity source එක විදිහට පේන්න ඉන්නෙ ඒක විතරයි. ඒත් හිතන්නකො දැනට තියන සීමා මායිම් කොන්දේසි අයින් කරල හිතුමනාපේ ඔය ලයින් එකට තව සෝලාර් ප්ලාන්ට්ස් 10ක් විතර එකතු වෙන්න ඉඩ දුන්න කියල කියල. දැන් මොකද වෙන්නෙ? ඒ ලයින් එකට කරන්ට් එක දෙන sources 11ක් පේනවා. දැන් ලයින් එකට විදුලිබල සැපයුම දවල්ට හිටු කියල වැඩිවෙලා. හැබැයි ඉල්ලුම වැඩි වෙලාද? නෑ. ඇයි? දවල් වරුවෙ කවුරුත් ගෙවල් වල නෑනෙ. ඔන්න ඒසී ගොඩක් තියෙන ඔෆිස් හරි ෆැක්ටරියක් වගේ හරි ලයින් එකේ තිබ්බොත් ශේප්. ඇයි? අර sources 11න්ම එන සැපයුම දරාගන්න තරම් demand එකක් ඒ ලයින් එකේ තියන නිසා. එහෙම demand එකක් නොතිබ්බොත් මොකද වෙන්නෙ? හිතන්න බලන්න. සැපයුම වැඩියි, ඉල්ලුම අඩුයි. දැන් මොකද වෙන්නෙ? ඔයාලගෙ ගෙදරට එන කරන්ට් ලයින් එකේ වෝල්ටීයතාව 230V ඉඳන් වැඩි වෙන්න ගන්නව. ඕක 250V -270V වගේ වෙනකන් උනත් යන්න පුලුවන්. දැන් මොකද වෙන්නෙ? ගෙවල් වල බඩු පිච්චෙන්න ගන්නව දවල් කාලෙ high voltage ඇවිත් ඕක ඔහොම වැඩි වෙන්න ගත්තම. දැන් අනිත් පැත්තට රෑට මොකද වෙන්නෙ? සෝලා ප්ලාන්ට් ගහගත්ත ගෙවල් දන්නව ලයිට් බිල අඩුයි කියල. ඉතින් වෙනදට අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු විදුලිය දැන් හිතුමනාපේ පාවිච්චි කරනව. කාමරේ කවුරුත් නැතත් ඒසී දාල තියනව. ගිනි රස්නෙ උනත් හොට් වෝටර් ශවර් එක දාගන්නව. නොදන්න කේක් හදන්න රෑ එලිවෙනකන් අවන් එක රත් වෙනව. දැන් ඔයාලට ලයිට් එන ලයින් එකට මොකද පේන්නෙ? වෙනදට වඩා රෑ විදුලි ඉල්ලුම සෑහෙන වැඩි වෙලා. ඒත් සැපයුම දෙන්න ඉන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. ඇයි? සෝලාර් ප්ලාන්ට්ස් හඳ එලියෙන් දුවන්නෙ නෑ නෙ නේද? ඔන්න දැන් ඔයාලගෙ ගෙදරට ලයිට් එන ලයින් එකේ වෝල්ටීයතාව බහිනව 200V-180V වගේ විතර වෙනකන්. තව අඩු උනොත් වතුර මෝටරයක්වත් දාගන්න බෑ. ඔහොම දෙයක් උනාම මොකද වෙන්නෙ? ඒ ලයින් එකේ ඉන්න අනිත් ඔක්කොම පාරිභෝගිකයෝ මට පැමිණිලි කරනවා ගෙදර දවල්ට බඩු පිච්චෙනවා රෑට ලයිට් ඩිම් කියල. හොඳම වැඩේ අර සෝලා ගහගත්ත ගෙවලුත් එනව ඉතින් ඉන්වර්ටර් එකේ රිපෝට් වල ප්‍රින්ටවුටුත් අරන්ම
    🤣
    . ඉතින් දැන් මොකද කරන්නෙ? Power quality analyzer එකක් දැම්ම නම් ලේසියෙන්ම බලාගන්න පුලුවන් මම ඔය කියන කතාව. දැන් මට මොකක්ද කරන්න වෙන්නෙ? මට සිද්ධ වෙනවා රටේ නීතියට අනුව වැඩේ කරන්න. පාරිභෝගිකයා විදුලිසැපයුම ලබාගන්නකොට ලංවිම එක්ක එකඟතාවකට එනවා එයා නිසා කනෙක්ශන් එක නිසා ලයින් එකේ අනිත් අයගේ විදුලි සැපයුමට ගැටලුවක් වෙන්න දෙන්නෙ නෑ එහෙම උනොත් ලංවිම ගන්න තීරණයකට එකඟයි කියල. 2016/07/13 අති විශේෂ ගැසට් පත්‍රයෙනුත් ලංවිමට මේ සම්බන්ධයෙන් බලය පවරල තියෙනව. ඉතින් මට තියෙන විසඳුම මුලින්ම ලිඛිතව කියනව අර සෝලා තියෙන ගෙවල් ටිකට ඉන්වර්ටර් එක over voltage tripping වෙන එක නවත්තන්න කොම්පැනියෙන් ගෙන්නගෙන හොරෙන් වැඩිකරගත්ත protection settings නිවැරදි කරන්න කියල. මොකද අපි ටෙස්ට් කරන්න යනකොට ටක්ගාල කම්පැනි වලින් රිමෝට් ලොග් වෙලා ඕව හදනව. අපි ගියාහම ආපහු වෙනස් කරනව. ඇයි ඉතින් කම්පැනියෙන් බඩු අරන් මසෙ අන්තිමට යුනිට් ගාණ අඩු උනාම කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ නැත්තම් එයාලට. ඉන්වර්ටර් ලොග් ෆයිල් චෙක් කලාම ඕව මාට්ටු ඉතින්. දැන් අපි කිව්වම සෙටින්ග්ස් හදාගෙන හොඳ පාරිභෝගිකයින් විදිහට අනුන්ට කරදරයක් නැතිව උන්නොත් හොඳයි. ඒත් එතකොට ලක්ෂ ගාණක් වියදම් කරල හයි කරගත්ත සෝලා ප්ලාන්ට් එක අපරාදේ ඇයි වැඩියෙන්ම යුනිට් හැදෙන වෙලාවට ඉන්වර්ටර් එක ඕෆ් වෙනවනෙ. හැබැයි එහෙම නොකලොත් අපි කරන්නෙ හදිසි වැටලීම් කරල අපේ බලතල ප්‍රාකාරව ගෙදර ලයිට් කපනව අනිත් අයගේ යහපැවැත්ම වෙනුවෙන්. දැන් අර ගෙවල් ටිකට සල්ලිත් නෑ, සෝලත් නෑ හූල්ල හූල්ල ගහපු ලෝන් වල වාරිකේ ගෙවගෙව ඉන්න තමා වෙන්නෙ කවද හරි ලයින් එකේ විදුලි ඉල්ලුම වැඩි වෙනකන්
    😑
    . ඒ අස්සෙ ඉතින් ලංවිමටත් බනිනවලු මුලදි මේ කතා කිව්වෙ නෑනෙ කිව්ව නම් අපි මෙහෙම ලොකු ප්ලාන්ට් ගහගෙන අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ කියල
    😒
    . ඔන්න ඔය ඛේදවාචකය ඔයාලට නොවෙන්න තමා අපි සෝලා හයිකරගන්න ඔයාල ඉල්ලුවම මුලදිම ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපෑසිටි එක සහ ඩිමාන්ඩ් එක අනුව යම් යම් සීමාවන් පනවන්නෙ. හැබැයි මේ කතා සෝලා කම්පැනි ඔයාලට කියන්නෙ නෑ. එයාලට අනුව දාහකුත් එකක් හේතු තියනව ඔයාගෙ ගෙදරට ගමටම සප්ලයි දෙන්න තරම් සෝලා ගහන්න. ඒ මිනිස්සුන්ට ඕන බිස්නස්නෙ. ඒත් වගකිවයුතු රජයේ නිලධාරීන් විදිහට අපිට ඔයාලා මාරුවේ වැටිලා ලයින් එකේ අනිත් මිනිස්සුත් අමාරුවේ වැටෙනකන් උඩ බලන් ඉන්න බෑ. ඒකයි ඔය වගේ නියාමනයන් තියෙන්නෙ දාල. ඕවට සෝලා කම්පැනි කියන්නෙ ඉංජිනේරු මාෆියාව කියල. ඒ උනාට ඔයාල මොළෙන් හිතල බලන්න කවුද මාපිලා කියල
    🐍
    😉

    ප.ලි : පහල ලින්ක් එකේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ගෙවල් වල සෝලාර් ප්ලාන්ට් වලින් ග්‍රිඩ් එකේ ස්ටැබිලිටි නැති වෙන නිසා ග්‍රිඩ් එක පැත්තට යන යුනිට් ගාණට ගෙදර අයිතිකාරයට දඩ ගහන්නත් ලෑස්ති වෙලා ඉන්නෙ කියල. ඒ අතින් බලනකොට එහේ ඉන්නෙ මාපිලෝ නෙවේ නයි පොළොංගුද කොහෙද
    🤣

    https://www.theguardian.com/.../australians-could-be...


    original post -

     

    win7dot

    Active member
  • Apr 7, 2011
    433
    93
    28
    මචන් ඕක මට ගොඩ දවසක ඉදන් නොට් උනා.

    මන් මුලින්ම බැලුව අපේ ගෙදර අවුලක්ද කියල.
    බලද්දී අපේ ගෙදර වෙලාවටම අහලපහල ගෙවල් වලත් ලයිට් ඩිම් වෙනවා.
    මුලින්ම මන් කලේ මල්ටිමිටරයක් ගහල බැලුව. 220 වගේ අඩු වෙනවා. හැබැයි මල්ටිමිටරයක් හැමවෙලේම බලන් ඉන්න බැහැනේ.
    මන් ගේනවා හාඩ්වෙයාර් එකෙන් අර ඉන්ඩිකෙටර් එකක්. එකේ ඇම්පියර්, වෝල්ටේජ් දෙකම පේනවා ,


    ඊට පස්සේ තමා හොදම හරිය

    1. අඩු වෙනවා හවස 5-8 වගේ වෙනකොට 195-210ට විතර සමහර වෙලාවට (මේක හොදම නැහැ TV,setup ,fridge වගේ ඒවාට)
    2. දවල් 12-2pm වගේ වැඩි වෙනවා 250-260 වගේ, මේකත් හොද නැහැ ෆෑන් TV,setup වගේ ඒවලට.

    මන් කම්ප්ලේන් කළා වැඩක් නැහැ බන්

    මන් ගෙනාව ස්ටබ්ලයිසර් එකක්. ගෙනල්ල දැන් දාල තියෙන්නේ TV, setup,fridge වගේ ඒවලට. අවන් වගේ ඒවලට නම් අවුලක් වෙන්නේ නැහැ.
    Demand ekath ekka sn eka yanne vage. Transformer eka vennath plvn. Un oya uprima balance krla aththe. Khmath apassata grid ekata yavanna one nisa inverters voltage eka up kerala thama LV side ekt denne transformer eke. ek nisa vadi vennath plvn. kohomatg CEB ekata oka check krla balanna kiyana eka thama honda. Aluth tv, fridge (inverter) valata ehmn aulk na mokada Feedback loop ekka thama power supply drive venne.
     
    • Like
    Reactions: moveon

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,337
    19,521
    113
    Solar නිසා වෙන්න බැරිමද? මේ 2021 දාපු thread එකේ දේ නේද වෙන්නේ?
    එක හේතුවක් වෙන්න පුලුවන්. Misuse කරන ඒවට action අරන් හරියට වැඩේ කරනව නම් ප්‍රශ්න නෑ.

    ඕකෙ කිව්ව ප්‍රශ්න තිබ්බ නම් ඒව විසදන්න උත්තර හොයන්න කොච්චර කල් තිබ්බ්ද? නවත්තලම දාන එක විතරමද උත්තරේ?

    ඒක නෙමේ ගෙදර බිල කීයද මචං?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,371
    4,716
    113
    oka tama kianne ape solar osthar la ekka me magula karanna ba. hari nam power generation natara wenna oni. okunta salli hamben nati nisa settings wenas karala ati export wenna. oniwata wada giyot gedara wagema area ekat trip wenna puluwan man hitanne. ahala pahala unge pichunata aulak na ne
     
    • Like
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    822
    2,292
    93
    33
    එක හේතුවක් වෙන්න පුලුවන්. Misuse කරන ඒවට action අරන් හරියට වැඩේ කරනව නම් ප්‍රශ්න නෑ.

    ඕකෙ කිව්ව ප්‍රශ්න තිබ්බ නම් ඒව විසදන්න උත්තර හොයන්න කොච්චර කල් තිබ්බ්ද? නවත්තලම දාන එක විතරමද උත්තරේ?

    ඒක නෙමේ ගෙදර බිල කීයද මචං?
    7000-10000 වගේ අතර
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    918
    1,158
    93
    ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..

    අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..

    265 V පෙන්නුවා!!

    එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.

    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..

    මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?
    පුනරුදේ පුතා.... වසර 2යි රටට සුබයි...
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    433
    93
    28
    me kathawa poddak pahadili karapanko machan ?
    Inverter kiyanne AC-> DC -> AC (required frequency) and TV AC > DC but in moder TVs vala input eka monitor krgna output eka drive krnne. oya venask (within some acceptable range) unaata uuta eka hadaganna plvn. e nisa loku issue enne na. habai lokuvata venas vnvnn case. mm dakala thynva backlit ehm ynva smahra evage.
     
    • Love
    Reactions: hi.dushan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,154
    2,699
    113
    මම දැන් චෙක් කරාම 240v එනවා , මේ ගාන අවුල් ද ? stabilizer එකක් දාන්න ඕන ද ? stabilizer එකක් දානවා නම් RCCB එකට කලින් දැම්මොත් මුළු සිස්ටම් එකටම ආරක්ෂාවක් ලැබෙනවා නේද ?
    RCCB කියන්නේ මේ වැඩේට හරි යන එකක් නෙවේ මචන්. මේකෙන් වෙන්නේ ශෝක් එකකින් ප්‍රොටෙක්ට් කරන එක.


    240 කියන්නේ අවුලක් නැහැ මචන්. සාමාන්යෙන් High Voltage කියන්නේ 260න් උඩ
    Demand ekath ekka sn eka yanne vage. Transformer eka vennath plvn. Un oya uprima balance krla aththe. Khmath apassata grid ekata yavanna one nisa inverters voltage eka up kerala thama LV side ekt denne transformer eke. ek nisa vadi vennath plvn. kohomatg CEB ekata oka check krla balanna kiyana eka thama honda. Aluth tv, fridge (inverter) valata ehmn aulk na mokada Feedback loop ekka thama power supply drive venne.

    ඔව් මචන් ඔයා කියන එක හරි, ඩිමාන්ඩ් වැඩි වෙලාවට පවර් එක මදි. දවල්ට සෝලර් උපරිම වැඩ නිසා හයි වෝල්ටේජ් එනවා.

    හැබැයි TV,ෆ්‍රිජ් වල කතාව පොඩ්ඩක් අවුල් වෙන්නේ මේවගේ ෆැක්ටරි වලින් එනකොට රේට් කරපු සප්ලයි වෝල්ටේජ් තියෙනවා පිටිපස්සේ. මේක ගොඩක් දුරට හැම එකේම වගේ තියෙන්නේ 220-240 වගේ. SMPS තියෙන, TV, ලැප්ටොප් වගේ ඒවගේ සහ නම් ඔයා කියන එක හරි. ඔප්ටෝකප්ලර් එකෙන් බැලන්ස් කරනවා ගොඩක් දුරට, හැබැයි ගොඩක් වෙලා ලෝ වෝල්ටේජ් දුවන්න හොද නැහැ. මොකද ලෝ වෝල්ටේජ් කියන්නේ හයි ඇම්පියර් කරන්ට් එකක් වෙනවා. හේතුව

    වොටෙජ් = කරන්ට්(ඇම්පියර්) x වෝල්ටේජ්

    එතකොට කලින් වොටෙජ් එකම ගන්න ලෝ වෝල්ටේජ් එකේදී කරන්ට් එක වැඩි වෙනවා.

    සමහර වෙලාවට ගොඩක් වෙලා දුවනකොට SMPS වල ට්‍රාන්සිස්ටර් රත් වෙලා පිච්චෙන්න පුළුවන්.. තව ඇම්පියර් එක වැඩියෙන් යන නිසා PCB වල සර්කිට් පාත් බර්න් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: moveon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    RCCB කියන්නේ මේ වැඩේට හරි යන එකක් නෙවේ මචන්. මේකෙන් වෙන්නේ ශෝක් එකකින් ප්‍රොටෙක්ට් කරන එක.


    240 කියන්නේ අවුලක් නැහැ මචන්. සාමාන්යෙන් High Voltage කියන්නේ 260න් උඩ

    මම අදහස් කලේ මචන්, ෆියුස් බෝර්ඩ් එකේ ට්‍රිප් එකයි මේන් එකයි අතරට stabilizer එකක් දැම්මොත් මුළු සිස්ටම් එකටම ආරක්ෂාවක් ලැබෙනවා ද කියන එක , ඒ විදියට කරන්න පුළුවන් ද ?